ෆුජියාමා සං....

cultexplorer

Member
Dec 17, 2017
31
14
0
ෆුජියාමා සං....
හුස්ම තරම් කිට්ටු වුණු කුරිරු හීත සුළග ප්‍රේමයේ ආශ්වාදය විදිමින්,ගිල ගනිමින්,රස කරමින් සිටී...තුන්සිය වසරක් සක්‍රීය නොව් ෆුජියාමා, නුඹ මේ සකුරා, ප්‍රේමයේ වද බන්දනය තුළ සිරගත කොට ඇත...පෙති පුරෝන ගස වසාන වැඩෙන සකුරා ප්‍රේමය කීතූ කරමින් සිටී..ඉහිලුම් නොදෙන ප්‍රේමයේ උත්තරීත පපු කුහර ඉරා දමමින් වනසමින්,වද දෙමින් සිටී...
ප්‍රේමයේ ස්වාසය රස ගුලාවෙන් වසා ගත් අව්ලාලන ලෝදිය මුහුදක් බැව් නොදැන නැවතුනු නවාතැන් පොළක් නොවේ නුඹ....
සොදුරු රුදුරු ප්‍රේමයේ රුධිරය සකුරා සිබිමින් ගලා යන බැව් මේ මං නොදන්නවා නොවෙයි..හිම වත පුරා රුධිරය පැහැ සගවා ගෙන නුඹ අසල වහවැටිච්ච බොලදාවිය මේ මං..
නුඹ සතු ඔය සල්ලාල ගත සිබිනා මා දෙතොල් නුරා රාගයේ රිදුම් සැබවින්ම නොදන්නවා නොවෙයි..ගිනි දලු බුර බුරා නැගෙන නුඹේ පරපීඩිත ප්‍රේමයේ රස උරා බොන සැබෑ සකුරා මං...


රෝසාවකාශ