ෆුල්ෆේස් හෙල්මට් තහනමේ නොදුටු පැත්ත

SinhaRuba

Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    ෆුල්ෆේස් හෙල්මට් තහනමේ නොදුටු පැත්ත

    හැමෝම දන්නවා ඇති නේ හෙට (අප්‍රේල් 02) සිට ෆුල්ෆේස් හෙල්මට් එහෙමත් නැත්නම් සම්පූර්ණ මුහුණ ආවරණය වන හෙල්මට් භාවිතය තහනම් වෙනවා. ඒකට ආසන්නම හේතුව වෙන්නේ ෆුල්ෆේස් හෙල්මට් වලින් මුහුණ ආවරණය කරගත් අය අපරාධ සිදුකලත් ඒ අයගේ අනන්‍යතාවය තහවුරු කරගන්න CCTV වල හෝ මුහුණ පැහැදිලි නොවීම.
    කොහොම වුණත් මේ ෆුල්ෆේස් හෙල්මට් තහනමට බොහෝදෙනාගේ විරුද්ධත්වය එල්ල වුණා. කොටින්ම කියනවානම් මහජන කටයුතු ඇමති ජෝන් අමරතුංග මහතා පවා තවමත් මේ නීතියට විරුද්ධයි කියලයි කියන්නේ. ඒ නිසා කිහිප වතාවක්ම මේ නීතිය පොලීසිය විසින් ගෙන ආවත් නැවත හකුළාගන්න වුනා. කෙසේ වුනත් හෙට සිට මේ නීතිය බලපැවැත්වෙනවා.
    ගොඩක් අය ෆුල්ෆේස් හෙල්මට් දාන්නේ ලස්සනට. හැමෝටම නෙවෙයි ඒත් බහුතරයකට ඒකනේ ඇත්ත. හැබැයි අපි නොදැනුවත්වම ෆුල්ෆේස් හරහා අපේ මුහුණු, ඇස්, නාසය, මුඛය වගේ වැදගත් ශරීර ඉන්ද්‍රියන්ට ලොකු ආරක්ෂාවක් සපයනවා. මේ තියෙන්නේ අනතුරකට ලක්වුණු කෙනෙක්ගේ හෙල්මට් එක. හිතන්න මේ වගේ අනතුරකදී ෆුල්ෆේස් හෙල්මට් එකක් නොතිබුනානම්..
    DSC00073.jpg

    හැබැයි මේ මුහුණ ආරක්ෂාකරනවාට අමතරව ෆුල්ෆේස් හෙල්මට් හරහා විශාල කාර්යයක් කෙරෙනවා. ඔයාලා කොළඹ අවට බයිසිකල් වලින් යනවා නම් දන්නවා ඇති කොයිතරම් දූවිල්ලක්ද තියෙන්නේ කියලා. වාහන වලින් එන දුම, දූවිල්ලටත් වඩා දරුණුයි. මේ දුම සහ දූවිල්ල අපේ ශ්වසන පද්ධතියේ ආබාධ ඇතිකරනවා විතරක් නෙවෙයි ඇස් වලටත් දරුණු හානි ඇති කරන දෙයක්. ඉතින් ෆුල්ෆේස් හෙල්මට් එකක් දාලා ඉන්න කෙනෙක් මේ දූවිල්ලට සෘජුවම නිරාවරණය වෙන්නේ නැහැ. ඔයත් කලින් සාමාන්‍ය හෙල්මට් එකක් පාවිච්චි කරලා දැන් ෆුල්ෆේස් එකක් පාවිච්චි කරනවානම් වෙනස හොඳට දැනිලා ඇති. ඔයාලා දන්නවාද සමහර ශ්වසනා ආධාධ තියෙන අය වෛද්‍ය උපදෙස් මත ෆුල්ෆේස් හෙල්මට් පාවිච්චි කරන බව.
    Indonesia-Protest-Ride-2010-02.jpg

    මේ දූවිල්ලෙන් දුමෙන් ආරක්ෂාවෙන්න, මුහුණු ආවරණය කරන Oxypura වගේ මාස්ක් එකක් පාවිච්චි කරන්න පුළුවන් කියලා කෙනෙක් තර්ක කරන්න පුළුවන්. එ්ත් ඉතින් එතකොටත් මුහුණ ආවරණය වෙනවනේ. එහෙම වුණාම අනිත් දවසේ බැංකු මංකොල්ලකාරයෝ Oxypura දාගෙන මංකොල්ලකන්න ආවොත් එ්කත් තහනම් කරනවාද?
    icon_smile.gif

    DSC_2225-low-300x201.jpg
    තව කෙනෙක් කියන්න පුළුවන් ඔය දූවිලි දුම කොයිතරම් අහිතකර වුනත් අද කීයෙන් කීදෙනාද අද ෆුල්ෆේස් හෙල්මට් පාවිච්චි කරන්නේ කියලා. ඔව් ඒක ඇත්ත. හැබැයි ඒකට ප්‍රධාන හේතුව ෆුල්ෆේස් හෙල්මට් මිලෙන් අධික වීම. සාමාන්‍ය හෙල්මට් එකක කැඩුනු ප්ලාස්ටික් වයිසර එක දාගන්න වත්කමක් නැති මිනිස්සුන්ට මොන ෆුල්ෆේස් ද. ඉතින් මේ වගේ තත්ව බලනකොට රජයක් විදියට කල යුත්තේ ෆුල්ෆේස් තහනම් කරන එක නෙවෙයි ෆුල්ෆේස් හෙල්මට් අඩු මිලට දීලා ඒක අනිවාර්ය කරලා මහජනයාගේ ආරක්ෂාව සෞඛ්‍යතත්වය ඉහළ නංවන එක නෙවෙයි ද? වාහනයක යන කෙනෙක්ට සැපට යන්න පුළුවන් වෙලා බයිසිකල් වල යන දුප්පත් මිනිස්සුට විතරක් දූවිලි නාගෙන යන්න කියලා නීති ගේන එක වැරදියි නේද?

    රටේ මේතරම් ජාතික ප්‍රශ්ණ තියෙද්දි ෆුල්ෆේස් ගැන කතා කරපු එක වැරදි කියලා හිතතවා නම් මේ වගේ පුංචි සරල දෙයක් හරියට විසඳගන්න බැරි අපේ රටේ නීතිය කොහොම ජාතික ප්‍රශ්ණ විසඳයිද කියලාත් හිතලා බලන්න.
    මේ ගැන බලධාරීන්ගේ ඇස් ඇරෙන්න වගේම නොදැන්වත් අයට දැනගන්නත් එක්ක මේ ලිපිය share කරන්න

    උපුටා ගැනීම http://techguru.lk/2015/04/01/full-face-helmet-other-side/
    by Vimukthi Liyanage
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,899
    10,496
    113
    In the eyes of my girl
    paan kanna bari nam cake kapan kiwwa wage

    bike eke yanna bari nam car eke palayan

    nahen adanne natuwa

    apita nam adala na owa.. api nam sada supuduru bus eke jakak gahagena yanawa

    lalla lalla laa...
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ෆුල්ෆේස් හෙල්මට් තහනම කල්යන හැඩ

    මුහුණ මුළුමනින්ම ආවරණය වන පරිදි පළඳින ෆුල්ෆේස් හෙල්මට් හෙට 02 සිට තහනම් කිරීමට ‍පොලීසිය තීරණය කළද එය තවදුරටත් කල්දැමීම කෙරෙහි ‍පොලීසියේ අවධානය යොමුවී තිබේ. ෆුල්ෆේස් හෙල්මට් තහනම කල්දැමීම කෙරෙහි ‍පොලීසියේ අවධානය වැඩි වශයෙන් යොමුවී ඇත්තේ ෆුල්ෆේස් තහනමින් පසු ඒ වෙනුවට මිලදී ගැනීමට ප්‍රමිතිගත හෙල්මට් වෙළෙඳ ‍පොළේ නොමැතිකමය.
    ඒ බව ‍පොලිස් ප්‍රධානීන් අතර දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන්වී ඇති අතර ප්‍රමිතිගත හෙල්මට් වෙළෙඳ‍පොළක් සකස් කරන තුරු ෆුල්ෆේස් තහනම කල්දැමිය යුතු බව එම නිලධාරීන්ගේ මතයවී තිබේ.
    ෆුල්ෆේස් හෙල්මට් තහනම් කර ඒ වෙනුවට ප්‍රමිතියෙන් තොර හෙල්මට් ගැනීමට යතුරුපැදිකරුවන් උනන්දු නොකළ යුතු බවත් ප්‍රමිතියෙන් තොර හෙල්මට් පැළඳ ගමන් කිරීමේදී යතුරුපැදිකරුවන් අනතුරකට ලක්වූ විට එහිදී සිදුවන හානියේ වගකීමද ‍පොලීසියට එල්ල වන්නට පුළුවන් බවත් එම නිලධාරීන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙන බව ‍පොලිස් ආරංචිමාර්ග අනාවරණය කළේය.
    ෆුල්ෆේස් හෙල්මට් තහනමට එරෙහිව ෆේස්බුක් සහ සමාජ ජාල වබේ අඩවි ඔස්සේ සංවිධානගතවූ යතුරුපැදිකරුවෝ ඉකුත් 29 වෙනි ඉරිදා ගාලුමුවදොරපිටිය අසලදී උද්ඝෝෂණයක නිරතව අගමැතිවරයාටත් මහජන සාමය පිළිබඳ ඇමැතිවරයාටත් සංදේශයක් ඉදිරිපත් කළහ.
    ෆුල්ෆේස් හෙල්මට් තහනමට පෙර ප්‍රමිතිගත හෙල්මට් වෙළෙඳ‍පොළේ අලෙවියට තැබිය යුතු බවත් එසේ නොමැතිව එම නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පලක් නොවන බවත් ලක්බිම දිගින් දිගටම පෙන්වා දුන්නකි.

    -ලක්බිම-
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka

    url
    spongebob.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ මචන්ලා ජීවිතේට ආදරයක් තියනවනම් හොඳ හෙලමට් එකක් දාගෙන පලයල්ලා... හැපුන එකෙක් විදියට අත්දැකීමෙන් කියන්නේ. නැත්නම් ජීවිතේ ඉවරයි. එක්කෝ මූනම ඉවරයි.:dull:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අනේ මචන්ලා ජීවිතේට ආදරයක් තියනවනම් හොඳ හෙලමට් එකක් දාගෙන පලයල්ලා... හැපුන එකෙක් විදියට අත්දැකීමෙන් කියන්නේ. නැත්නම් ජීවිතේ ඉවරයි. එක්කෝ මූනම ඉවරයි.:dull:

    bump