ෆෘට් සැලට් කෝප්පය
ෆෘට් සැලට් කෝප්පය ?
ආදරේ පාටින් ගෙනැවිත් දුන්
ෆෘට් සැලඩ් කෝප්පය උදයෙන්
මේසයේ නිරුවත්ව හෙමි හෙමින්
ඇඹලයන් වට කරයි හොරැහින්
“මුන් මගේ කෑම එක සම්පූර්ණයෙන්ම ජරා කරලනේ“
කියැවිණ මගේ මුවගින්
සිහිනොවිණ එවිට මටත්
ඇඹලයන් වසන තුරු මාත්
සිටි බවක් මගේම වරදින්
රැක නොගෙන පළතුරුත් උන්ගෙන්
පෙනුණේම ඇඹලයන් පමණි මටත්
පෙනුණේම මැස්සන් පමණි මටත්
සිතිණි එබැවින් මරන්නත්
අහුවෙනා ඇඹල මැසි සනුහරයමත්
රැස් කළෙමි හමුදාව එබැවින්
කැති මුගුරු ගෙන සටන අරඹමින්
ලේ ගංගාවකි හැම තැනම දැන් ඉතින්
නිමක් නැති පිපාසය සන්සිඳවමින්
සංකල්පනාව- මාලන් විදානපතිරණ
ෆෘට් සැලට් කෝප්පය ?
ආදරේ පාටින් ගෙනැවිත් දුන්
ෆෘට් සැලඩ් කෝප්පය උදයෙන්
මේසයේ නිරුවත්ව හෙමි හෙමින්
ඇඹලයන් වට කරයි හොරැහින්
“මුන් මගේ කෑම එක සම්පූර්ණයෙන්ම ජරා කරලනේ“
කියැවිණ මගේ මුවගින්
සිහිනොවිණ එවිට මටත්
ඇඹලයන් වසන තුරු මාත්
සිටි බවක් මගේම වරදින්
රැක නොගෙන පළතුරුත් උන්ගෙන්
පෙනුණේම ඇඹලයන් පමණි මටත්
පෙනුණේම මැස්සන් පමණි මටත්
සිතිණි එබැවින් මරන්නත්
අහුවෙනා ඇඹල මැසි සනුහරයමත්
රැස් කළෙමි හමුදාව එබැවින්
කැති මුගුරු ගෙන සටන අරඹමින්
ලේ ගංගාවකි හැම තැනම දැන් ඉතින්
නිමක් නැති පිපාසය සන්සිඳවමින්
සංකල්පනාව- මාලන් විදානපතිරණ
Last edited: