ෆෙස් බුකියට නඩු දැමු නිවුන්නු

thiwanka000

Active member
  • Apr 15, 2014
    434
    185
    43
    ෆෙස් බුකියට නඩු දැමු නිවුන්නු

    මාර්ක් ෂුකර්බර්ග්ට එරෙහිව නඩු ගිය නිඹුල්ලු
    para1.jpg


    ලෝකයේ බොහෝ ධනවත්තු එක රැයකින් පහළ වූවන් නොවෙයි. ධනවතුන්ගේ අක් මුල් සොයා යද්දී බොහොමයක් දෙනා ඉතා සුළුවෙන් පටන් ගත් බවත්, නුවණ මෙහෙයවා අධිශ්ඨානශීලීව කටයුතු කිරීමෙන් තම තත්වය උසස් කර ගත් බවත් හෙළි කර ගත හැකියි. පසුගියදා ලෝක බිලියනපතියන් ලෙස අභිෂේක ලැබූ නිඹුල් සොහොයුරන්ගේ කතාව අපි කාටත් ආදර්ශයක්. කැමරන් සහ ටේලර් වින්ක්ලෙවෝස් 1988 අගෝස්තුවේ විනාඩි කිහිපයක පරතරය ඇතිව උපන් නිඹුල් සොහොයුරන් දෙදෙනෙක්.
    හාවර්ඩ් විශ්ව විද්යාලයේ උපාධිධාරීන් වූ මේ අයියා මළෝ දෙන්නා, 2008 බීජිං ඔලිම්පික් උළෙලේදී ඇමෙරිකාව නියෝජනය කරමින් සහාය දිවීමේ ඉසව්වෙන් 6 වන ස්ථානය දිනා ගන්නට සමත් වූ සුපිරි ක්රීඩකයින් යුවළක්. හාවර්ඩ් විශ්වවිද්යාලයේ උගන්නා සමයේ දිව්යා නරේන්ද්රන් නමැති ශිෂ්යාවක් ද හවුල් කරගෙන මේ දෙන්නා හාවර්ඩ් කනෙක්ෂන් නමින් අන්තර්ජාල මිතුරු සමාජ ජාලයක් හැදුවා. පසුව කනෙක්ට් යූ නමින් කළඑළි බැස්සෙ මේ සමාජ ජාලයයි. නමුත් මේ දෙදෙනාගේ සමකාලීන ගජයෙකු වූ මාර්ක් සකර්බර්ග් මේ අදහස තවත් වැඩි දියුණු කරලා 2004 දී අතිශය ජනප්රිය ෆෙස් බුක් සමාජ ජාලය නිර්මාණය කෙරුවා. මේ අලුත් සමාජ ජාලයේ මුල් අදහස තමුන්ගේ බව කියමින් නිඹුල්ලු දෙන්නා මාර්ක්ට මාර්ක්ට විරුද්ධව වන්දි නඩුවක් පැවරුවා.

    වසර කිහිපයක් ඇදී ගිය මේ නඩුවෙන් ජය ගත් මේ දෙපළට ඩොලර් මිලියන 65 ක් ගෙවන්න මාර්ක්ට සිදු වුණා. වැදගත්ම දේ සිද්ධ වෙන්න පටන් ගත්තෙ ඊට පස්සෙයි. නඩු කියලා අතට හම්බ වෙච්ච ධන සම්භාරය නිකන් කාලා බීලා නාස්ති කරන්න මේ කොල්ලො දෙන්නා මෝඩ වුණේ නැහැ. ඉබ්සා හි නිවාඩුවක් ගත කරද්දී පහළ වූ කල්පනාවකට අනුව 2013 අවුරුද්දේදී නඩුවෙන් දිනූ මුදලින් මිලියන 11 කට බිට්කොයින් මිලදී ගත්තා. බිට්කොයින් කියන්නේ ලෝකයේ පළමු විමධ්යගත ඩිජිටල් මුදල් ඒකකයයි.

    සරලව කිව්වොතින් ඩොලර්, යුරෝ, පවුම්, රුපියල් වගේ වටිනාකමක් ඇති මුදල් ඒකකයක්. නමුත් මෙහිදී කාසි හා නෝට්ටු භාවිතයක් නැහැ. මේ මුදල් භාවිත කරන්නෙ අන්තර්ජාල ගනුදෙනු සදහා පමණයි. ගනුදෙනු යවන්නෙ පුද්ගලයාගෙන් පුද්ගලයාටයි. ගනුදෙනු වලදී සංසරණ ගාස්තුව ඉතා අඩුයි. කිසිම බැංකු ලියවිල්ලක් අවශ්ය නැහැ වගේම බද්දක් අය කෙරෙන්නෙත් නැහැ. වෙනත් මුදල් ඒකක වලට වගේම බිට් වලටත් වටිනාකමක් තියෙනවා. මේ වටිනාකම තීරණය වෙන්නෙ කොටස් වෙළදපළේ ඉල්ලුම සහ සැපයුමට සමානුපාතිකවයි.

    බිට් කොයින් යන කෙටි නමින් හදුන්වන අතර, 2009 ජනේරුවේ ඉදලා මේ මුදල් වර්ගය මුලින්ම ලෝකෙට හදුන්වා දුන්නෙ නකෝෂි නකමටෝ නම් ජපන් ජාතිකයා විසිනුයි. බිට්කොයින් එකක වත්මන් මිල රුපියල් වලින් නම් ලක්ෂ දෙකකට ආසන්න බව කියවෙනවා. ක්රිප්ටොකරන්සි යනුවෙන් හැඳින්වෙන මෙම ඩිජිටල් මුදල් ඒකක දැන් රත්තරන්වලටත් වඩා වටිනවාලු. බිට්කොයින් එකක් දැන් රත්තරන් අවුන්සයකටත් වඩා වටින බවයි කියවෙන්නෙ. 2013 දී මේ දෙන්නා මිලදී ගත් බිට්කොයින් ප්රමාණය එවකට සංසරණය වෙමින් තිබූ ප්රමාණයෙන් 1% ක් පමණක් වුණා. නමුත් ඉතා කෙටි කලක් තුළ මේ මුදල 10,000% කින් වර්ධනය වී බිලියනයක් දක්වාත්, 2013 මාර්තු වෙද්දී මිලියන 188.7 ක් දක්වාත් වර්ධනය වෙලා තිබුණා. 2015 ඔක්තෝබරයේදී මේ දෙන්නා මුදල් ආයෝජනය කරලා ජෙමිනි නමින් තමුන්ගේම අංකිත මුදල් හුවමාරු ව්යාපාරයක් ආරම්භ කළා. මෙය ලොව වටා ව්යවසායිකයින්ට අන්තර්ජාලය හරහා බිට්කොයින් විකුණන්නටත්, මිලදී ගන්නටත් අවස්ථාව සලසන සමාගමක්. ෆිනෑන්ෂල් ටයිම්ස් සඟරාවට අනුව මෙය ලොව පළමු නීතිගත කරන ලද සහ ලියාපදිංචි කරන ලද අංකිත මුදල් හුවමාරු සමාගමයි. ටෙලිග්රාෆ් පුවත්පතට අනුව පසුගිය ඉරිදා වන විට මේ නිවුන් සොහොයුරන්ගේ මුළු වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 11,700 පහු කරලා.

    මොවුන් දැන් හැදින්වෙන්නේ ලෝකයේ අංක එකේ බිට්කොයින් බිලියනපතියන් ලෙසයි. අතට ලැබෙන සොච්චම නිස්කාරනේ සෝබනේට වියදම් කරලා අත පිහදාගෙන ලෝකෙට ණය වෙවී යන අපේ සමහර මිනිස්සුන්ට මේ ඇමෙරිකානු කොල්ලො දෙන්නා කියා දෙන්නෙ අපූරු පාඩමක්. බහුතරය බෞද්ධයන් වූ අපි බුද්ධ දේශනාව අනුව සරළව ජීවිතය හැඩගස්වා ගන්නවා නම් දාඩිය මහන්සියෙන් උපයන සොච්චමට වුණත් වැඩි වටිනාකමක් දෙන්ට ඇහැකියි.

    ලෞකික ජීවිතය යහපත්ව පවත්වාගෙන යන්නට උන්වහන්සේ දේශනා කරපු සූත්ර පිටකයේ, දීඝ නිකායේ අඩංගු සිගාලෝවාද සූත්රයම ප්රමාණවත්. හරිහම්බ කරන මුදල හතරට බෙදා එක් කොටසක් පරිභෝජනයටත්, කොටස් දෙකක් ව්යාපාර වල දියුණුව සදහා ආයෝජනයටත් සහ ඉතිරි කොටස හදිසි ආපදාවකට ගත හැකි පරිදි ආරක්ෂා කොට තැබිය යුතුය යන්න සිඟාලෝවාද සූත්රයේ වස්තු පරිභෝජනය පිළිබඳ කොටසේ අනුදැන වදාරා තියෙනවා. මේ තරම් සරළව, මේ තරම් පැහැදිලිව ලෞකික ජීවිතය හැඩගස්වා ගැනීමට උපදෙස් දුන් වෙනත් ආගමික ශාස්තෘවරයකු ලොව පහළ වී ඇත්දැයි සැකයි. උපතින් බෞද්ධයන් නොවූවත් පරිගණක තාක්ෂණයේ මුදුන් හිනිපෙත්තේ වැජඹෙන වර්තමානයේ මේ නිඹුල් සහෝදරයින් දෙන්නා නොදැනුවත්වම හෝ අනුගමනය කර ඇත්තේ ඒ මනෝඥ සර්වකාලීන බෞද්ධ ප්රතිපදාවම නොවේද ?

    උපුටා ගැනිම දිවයින පුවත් පතිනි..
     
    Last edited:
    • Like
    Reactions: richlife

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පට්ට මොළ කාරයෝ නේහ්..:cool:
    හැබැයි ඉතින් ඇමරිකාවේ නිසා නඩු කියලා ගොඩ ගියා..:P
    සකර් බර්ග් අයියයි ඔය කොල්ලෝ දෙන්නයි ලංකාවේ ඉපදිලා ඔය නඩු කේස් එක මෙහෙදි දැම්මොතින් එහෙම සකර්බර්ග් ට ෆේස් බුක් එකත් නෑ.. අර කොල්ලෝ දෙන්නට එක්කෝ ඕනෙ නෑ...:sorry:
     

    thiwanka000

    Active member
  • Apr 15, 2014
    434
    185
    43
    පට්ට මොළ කාරයෝ නේහ්..:cool:
    හැබැයි ඉතින් ඇමරිකාවේ නිසා නඩු කියලා ගොඩ ගියා..:P
    සකර් බර්ග් අයියයි ඔය කොල්ලෝ දෙන්නයි ලංකාවේ ඉපදිලා ඔය නඩු කේස් එක මෙහෙදි දැම්මොතින් එහෙම සකර්බර්ග් ට ෆේස් බුක් එකත් නෑ.. අර කොල්ලෝ දෙන්නට එක්කෝ ඕනෙ නෑ...:sorry:

    ඔව් බන්.අර ඇවන්ගාඩ් එකට උනේ
     

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    2015 ඔක්තෝබරයේදී මේ දෙන්නා මුදල් ආයෝජනය කරලා ජෙමිනි නමින් තමුන්ගේම අංකිත මුදල් හුවමාරු ව්යාපාරයක් ආරම්භ කළා. මෙය ලොව වටා ව්යවසායිකයින්ට අන්තර්ජාලය හරහා බිට්කොයින් විකුණන්නටත්, මිලදී ගන්නටත් අවස්ථාව සලසන සමාගමක්.
    https://gemini.com/