ෆේල්ලන්තේ - The land of FAILs

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    8,787
    9,630
    113
    පෘථිවිය
    ලංකාව සුද්දාගෙන් නිදහස ලබල දැනට අවුරුදු 76ක් ගත වෙලා ඉවරයි .

    ජයග්‍රහණ වලට වඩා තියෙන්නේ පරාජයන් සහ ගොබ්බ දේශපාලන වැඩ .

    1956 ඉඳන් 1977 වෙනකල් ලංකාවේ විවිධ දේශපාලන හැප්පිලි මේවට හොඳ අඩිතාලමක් දැම්මා

    1956 දී සිංහල ක්‍රමය සහ සිංහල පමණක් කියන සංකල්පය උස්සන් ආව
    1958 දී මුල්ම කැරැල්ල ඇති වෙනවා මේකට අඩිතාලම 56 සිංහල භාෂා ප්‍රශ්නය මුලික වෙනවා
    1971 දී ඊළඟ කැරැල්ල ඇති වෙනවා. මිනිස්සු දහදාහක් විතර මැරෙනවා, මේවත් දේශපාලන උප්පර වැට්ටි
    1983 දී විවියන් ගුණවර්ධන ඇමරිකානු යුධ කඳවුරක් දියාගෝ ග්‍රසියා වල දැම්ම කියල විරෝධය කරලා ගුටි කනවා
    1983 දී කොටෝ ත්‍රස්තවාදීන්ගේ පහර දීමකින් සිංහලලු මරුන කරුණක් මුලික කරගෙන ජාතිවාදී කැරැල්ලක් ඇතිවෙනවා, රටේ නම ලෝකේ නැති කරනවා . මිනිස්සු 3000ක් විතර මිය යනවා
    1987 දී ඉන්දියාව එනවා ලංකාවේ දෙමල කොටි ප්‍රශ්නය උස්සන් රට ඇතුලට
    1988-89 දී නැවත කැරැල්ලක් එනවා බලය අල්ලගන්න, ජවිපෙ මෙතැනදී තරුණ තරුණයින් රැසකගේ ජිවිත බිල්ලට දෙනවා
    2009 දී කොටි සංවිධානය පරාජය කරනවා, රටේ මිනිස්සු මේ වෙනකොට මේ යුද්දෙන් 65,000ක් විතර මැරෙනවා

    මේ සියල්ල යට බලය සහ තණ්හාව කියන කරුණු විවිධ දේශපාලන පක්ෂ අරන් එනවා . යුඇන්පී, නිදහස් පක්ෂය, කොටි සංවිධානය සහ ජවිපෙ මේ කාල පරාසයට තුල රටට කරන විනාශය කැපිලා පේනවා

    2015 දී මහින්ද පරාජයට පත් වෙනවා
    2019 දී පාස්කු ප්‍රහාරය ඇතිවෙලා මරණ 500කට ආසන්න ප්‍රමාණයක් සිද්ද වෙනවා
    2019 දී නැවත රාජපක්ෂ කණ්ඩායම බලය අල්ලනවා
    2022 දී ගෝටභයට එරෙහිව කැරැල්ලක් ඇති වෙනවා, ඔහු පලා යනවා

    මේ සියල්ලද සිනමා ආකාරයෙන් බල තණ්හාව වටා ගෙතුණු කරනා කියල බලන කෙනෙක්ට පේනවා
    ඔක්කොම දේශපාලන බල තන්හා

    2024 දී ජවිපෙ ප්‍රමුඛ කණ්ඩායම බලය අල්ලනවා

    දැන් ඉතුරු ටික, චිත්‍රපටිය අවසන් නැත
    බල තන්හාව ට යටවුනු සජිත් නොන්ඩි ගසමින් තවමත් එනවා, රැඩිකල් මත දරපු වාමාංශික ජවිපෙ දැන් අමුතු රෙද්දක් ඇඳන් විදිහකට එන්න බලනවා.
    ඊළඟ පෙරලිය කුමක් වෙයිද ?
    මිනිස්සුන්ට ඔය උඩ තියෙන වකවානු වල සිද්දි දැක්කම ඊළඟ එක නොඑනවා කියන එක හීනයක් විතරක් බව පේනවා
    හැබැයි දැන් කුජිත වෙලා ඉන්න 2.50 රාජපක්ෂලාට මේ ජවිපාලුවන් රට කාල දෙන්න වෙනවා කියන එක උන්ගේ පසු බෑමෙන් පේනවා
    මොකද පරම්පරාවෙන් දේශපාලනේ ම වැළඳගෙන එන රාජපක්ෂ සෙට් එක පසු බසින්නේ හොඳකට නොවේ
    රනිල්ට නම් කරන්න හෝ පරම්පරා ගත දෙයක් ඉතුරු වෙලා නැහැ
    සජියත් මේ මැතිවරණයෙන් පස්සේ කුජිත වෙලාම යනවා

    බල තන්හාව සහ නොහැකියාව කියන මේ දෙක අපේ රටේ දේශපාලනය කරන සුළු කොටස තවම අහවර කරගෙන නැහැ


    උඹලගේ ළමයි දේශපාලනේට උගන්වල එවනකල් බලන් ඉන්න වෙන්නේ, ප්‍රේමදසලගේ, රාජපක්ෂලාගේ, ගුනවර්ධනලාගේ වගේ පරම්පරාගත දේශපාලන ගු හැලි දිහා විතරයි


    1578850575901