ෆේස්බුක් වාරණයට නීති එන පාටයි

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ෆේස්බුක් වාරණයට නීති එන පාටයි

    විවිධ හේතු නිසා සිදුවන සිය දිවි හානි කර ගැනීම්වලට ෆේස් බුක් වග කිව යුතු යැයි කියමින් ෆේස්බුක් වාරණය කිරීමට ආණ්ඩුව නීති ගෙන ඒමට සැරසෙන බව ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා කියයි.
    මෑත කාලයේ ජනමාධ්‍යයේත් රටේත් කතා බහට ලක්වූ සිද්ධි කිහිපයක් ගැන හා ෆේස් බුක් ගැන ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවර පැහැදිලි කිරීමට සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක දී රත්නාහක මහතා එලෙස පැවසීය.
    ‘ පසුගිය මාස දෙකකට ආසන්න කාලයේ දී තරුණියන් හතර දෙනෙකු සිය දිවි නසා ගැනීම් ෆේස්බුක් මගින් සිදුවූ මරණ විදියට අර්ථකථන දී තිබුණා. ආණ්ඩුවට සම්බන්ධ පිරිස් ෆේස්බුක් තහනම් කරනවා යැයි කෙළින්ම නොකිව්වත් ඒ හා සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කර තිබුණා. ෆේස්බුක් සඳහා නීති ගෙන එන බව තවත් ඇමැතිවරයකු කියා තිබුණා.
    ලෝකයේ අනියම් සම්බන්ධතා නිසා සියදිවි හානි කර ගැනීම් කලින් කලට වාර්තා වුණා. ෆේස්බුක් නිසා අනියම් සම්බන්ධා හදා ගන්නවා හෝ දිවි නසා ගන්නවා කියන්න කාටවත් කියන්න බැහැ.
    ෆේස්බුක් එන්නට පෙර ගැහැණු ළමයින් හා පිරිමි ළමයින් විවිධ ක්‍රම මගින් ආදර සම්බන්ධතා පැවැත්වුවා. මීට පෙර ජංගම දුරකතන, ඊට පෙර පෙම් හසුන්. පෙම්හසුන් නිසා දිවි හානිකර ගැනීම් කොතරම් නම් කර ඇත්ද?
    මීට පෙර එක්තරා පළාත් සභාවක තීරණයක් ගෙනාවා දිය සිවි නසා ගැනීම් වැලැක්වීමට එම පළාතේ කනේරු ගස් විනාශ කළ යුතු කියා. මේ කරන්න යන්නෙත් ඒ වගේ දෙයක්.
    නගරයේ බාලිකා පාසල්වල බිත්තිවල එක එක ඒවා ලියනවා. කොච්චර තීන්න ගෑවත් ඒ දේ කරනවා. එහෙම කියලා ඒ ස්ප්‍රේ වර්ග සහ තීන්ත වර්ග තහනම් කිරීම හරියනවද? ‘

    උපුටා ගැනීමකි.....
    http://www.lankadeepa.lk/index.php/articles/212880
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අම්මප,fb තහනම් කරොත් නම් හොද වඩක් කරනව මම ආණ්ඩුවට.:angry::angry:

    කොහොමත් උබල බය වෙන්ඩ එපා, fb ආණ්ඩුව තනනම් කරන්නෙ නැ,:)ඔය ජවිපෙ බයියල ෆොම් කරන වැඩ ආණ්ඩුව කරන්නෙ නැ,ආණ්ඩුව චන්ද ගැන හිතනව.:):)
     
    Last edited:

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    අම්මප,fb තහනම් කරොත් නම් හොද වඩක් කරනව මම ආණ්ඩුවට.:angry::angry:

    මොනාද බං කරන්න හිතන් ඉන්නේ අපිටත් දැනගන්න කියහන්කෝ.......
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොනාද බං කරන්න හිතන් ඉන්නේ අපිටත් දැනගන්න කියහන්කෝ.......
    අපි එලියට බැස්සොත් ආණ්ඩුව දවස් දෙකෙන් වට්ටනව.:) ඔව වැඩද පුතා,ඉන්න විපක්ශ නායකය @න්නයෙක්නෙ, ඒකයි ආණ්ඩුව මේච්චර රන් කරන්නෙ :):confused:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අපි එලියට බැස්සොත් ආණ්ඩුව දවස් දෙකෙන් වට්ටනව.:) ඔව වැඩද පුතා,ඉන්න විපක්ශ නායකය @න්නයෙක්නෙ, ඒකයි ආණ්ඩුව මේච්චර රන් කරන්නෙ :):confused:

    එහෙම වට්ටන්න එපා බන් පව්නෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහොමත් උබල බය වෙන්ඩ එපා, fb ආණ්ඩුව තනනම් කරන්නෙ නැ,:)ඔය ජවිපෙ බයියල ෆොම් කරන වැඩ ආණ්ඩුව කරන්නෙ නැ,ආණ්ඩුව චන්ද ගැන හිතනව.:):)
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    කොහොමත් උබල බය වෙන්ඩ එපා, fb ආණ්ඩුව තනනම් කරන්නෙ නැ,:)ඔය ජවිපෙ බයියල ෆොම් කරන වැඩ ආණ්ඩුව කරන්නෙ නැ,ආණ්ඩුව චන්ද ගැන හිතනව.:):)

    පිස්සුද බන් දැන් ලංකාවේ ගොඩක් උන්ට ඕනි බුකිය තහනම් කරගන්න.....
     
    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    රෙද්ද තමා.........:angry:
    ඊට එහා මේක.....:growl::growl:
    අතීසාරයට ඇගිල්ල ගහගන්නව වගේ වැඩක් මේක...............
    :frown::frown:

    :(:(:(:(:( ආයෙත් අහල... ඇයි බන් මුන්ට මේවට මීට වඩා හොද විසදුම් හොයා ගන්න බැරි.??
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර

    :(:(:(:(:( ආයෙත් අහල... ඇයි බන් මුන්ට මේවට මීට වඩා හොද විසදුම් හොයා ගන්න බැරි.??

    විසදුමක් හොයන්න මොලයක් තියෙන්න ඕනෙනේ බං, මුන්ට නැත්තෙත් එකමනේ.....:growl::growl::growl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සුද බන් දැන් ලංකාවේ ගොඩක් උන්ට ඕනි බුකිය තහනම් කරගන්න.....
    ඔව් fb යුස් නොකරන උන්ට ඔනෙ වෙන්ඩ පුලුවන්, එත් යුස් කරන එවුන් කැමති නැනෙ, කවදාවත් මේ ආණ්ඩුවනම් fb තනනම් කරන්නෙ නැ 100% සුවර්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබලගේ ඕන දවස කවද වගේ ඒවිද පුතා........:lol::lol::lol:
    රටේ විපක්ශ නායක කමට හරි හමන් සිංහල බෞද්ධයෙක් ආපු දවසට බලමු.:):)
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ඔව් fb යුස් නොකරන උන්ට ඔනෙ වෙන්ඩ පුලුවන්, එත් යුස් කරන එවුන් කැමති නැනෙ, කවදාවත් මේ ආණ්ඩුවනම් fb තනනම් කරන්නෙ නැ 100% සුවර්.

    උබ දන්නේ නැති උනාට යුස් කරන උනුත් දන්නවා උන්ගේ පරණ දේවල් අලුත ලැබුන උන් ලේසියෙන්ම දැන ගන්න එක නවත්තගන්න තියන ලේසිම ක්‍රමේ ඕක තහනම් කරන එක කියල...
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    රටේ විපක්ශ නායක කමට හරි හමන් සිංහල බෞද්ධයෙක් ආපු දවසට බලමු.:):)

    අනේ මන්ද එකත් නිකන් බාලගිරි දෝෂය අද නොවේ හෙට වගේ කතාවක්නේ බං.........