ෆේස්බුක් ෆෝන්.. O.o

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    ෆේස්බුක් ෆෝන්.. o_O

    facebook_phone.jpg


    ලොව ජනප්‍රියතම සමාජ ජාල වෙබ් අඩවිය ස්මාර්ට් ජංගම දුරකතනයක් නිෂ්පාදනය කිරීමට සුදානමින් පසුවන බව වාර්තා වනවා.කෙසේ නමුත් මෙය තවමත් නිල වශයෙන් වාර්තා වී නොමැති අතර 2013 වසරේදී මෙම දුරකථනය හදුන්වා දීමට නියමිත බවට වාර්තා වනවා.

    විවිධ දුරකථන සමාගම් මගින් "ෆේස්බුක් ෆෝන්" නමින් දුරකථන ඉදිරිපත් කලද ෆේස්බුක් විසින් ඔවුන්ගේම දුරකතනයක් නිපදවා තිබුනේ නැහැ.විවිධ ජංගම දුරකථන සඳහා ඇප්ලිකේෂන් සංවර්ධනය කිරීමෙන් ඒ සඳහා ෆේස්බුක් සමාගම දැනටමත් පළපුරුද්දක් ලබාගෙන ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

    තවද මෙම දුරකථනය ඇපල් අයි ෆෝන් දුරකථනය අභියෝගයට ලක් කිරීමෙන් සුදානමින් ඉදිරිපත් වන්නක් බවද වාර්තා වනවා.ඒ අනුව ඇපල් සමාගමේ අයි ෆෝන් හා අයි පෑඩ් නිපදවූ සේවකයන් කිහිප දෙනෙකුද ෆේස්බුක් විසින් සිය ආයතනයට බඳවාගෙන තිබෙනවා.

    නව ජංගම දුරකතනයේ මෙහෙයුම් පද්දතියට දහස් ගණන් ඇප්ලිකේෂන්ස් ෆේස්බුක් ඇප් ස්ටෝර් හරහා ලබාදීමට සුදානමින් පසුවන බව විදෙස් වාර්තා සනදහන් කර සිටිනවා.

    අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූ සමීක්ෂණයකදී හෙළිවී ඇත්තේ මෙම දුරකතනය එලි දැක්වුවහොත් 32% තමන්ගේ දැනට පවතින දුරකථනය ඉවත දමා එය මිලදී ගැනීමට සුදානමින් පසුවන බවයි.


    කොහොමද වැඩේ..??? :rolleyes::rolleyes::rolleyes::rolleyes: