ASMD රෝගයෙන් පෙලෙන මරා ජනාධිපතිවරණයට පෙර ෆේස් බුක් මරා දමන්න යයි
ජනාධිපතිවරණයට දින ප්‍රකාශ කරනවාත් සමග ෆේස් බුක් සමාජ ජාලය ශ්‍රී ලංකාව තුල තහනම් කිරීමට මැදමූලන රාජපක්ෂ රෙජීමය කටයුතු කරමින් සිටින බව නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය' වෙත වාර්තා වේ.
රාජපක්ෂ පාලනයට එරෙහිව තොරතුරු වාර්තා කරන වෙබ් අඩවි කොතෙකුත් වාරණය කළත් පලක් වී නැතැයිද ඒවා යළිත් ෆේස් බුක් සමාජ ජාලය හරහා පෙරටත් වඩා වේගයෙන් ව්‍යාප්ත වන බවද රෙජීමයට උපදෙස් දෙන තින්ක් ටෑන්ක් කන්ඩායම පෙන්වා දී තිබේ.
මේ වන විට විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය සියල්ල රාජපක්ෂ පාලනය යටතේ තිබුනද පූර්ණ ලෙස යටත් කර ගැනීමට නොහැකිව ඇත්තේ අන්තර් ජාල මාධ්‍යය පමණි. වෙබ් අඩවි කිහිපයකට මුදල් ගෙවා හීලා කර ගෙන ඇති අතර තවත් ඒවා විපක්ෂයට වාසි වන මුහුණුවරකින් ගෙන ගියද රාජපක්ෂවාදීන්ගේම ඒවා වේ. තීරණාත්මක අවස්ථා වලදී ඒවා සත්‍ය විකෘති කරමින් ජනතාව මුලා කරවයි.
ඒ කිසිවක් කර ගත නොහැකිව තිඛෙන රාජපක්ෂ රෙජීම විරෝධී වෙබ් අඩවි කිහිපයක් ඇති අතර ෆේස් බුක් සමාජ ජාලා ගිණුම් රාශියක් පවතී. මේ නිසා ජනාධිපතිවරණයකින් මැදමූලන මහින්ද රාජපක්ෂට ජයගත යුතු නම් ෆේස් බුක් සමාජ ජාලය තහනම් කළ යුතුම යැයි රෙජීමයේ තින්ක් ටෑන්ක් පිරිස පෙන්වා දී තිබේ.
ඊට පෙර ඒ සම්බන්ධ ජන මතයක් ගොඩ නැගිය යුතු නිසා පසුගිය කාලයේ ඕනෑම ආකාරයක මිනීමැරුමක් සිදුවුවහොත් එය ෆේස් බුක් නිසා සිදුවූ මරණයක් යැයි ප්‍රචාරයක් ගෙන ගියහ. සොරකමක් වංචාවක් සිදුවුවද එය ෆේස් බුස් නිසා සිදු වූවක් ලෙස ප්‍රචාරයක් ගෙන ගියහ.
දැන් එය කූටප්රාප්ත වී Anti-Social Media Disorder (ASMD) රෝගයෙන් පෙලෙන මැදමූලන මරා විසින්ම පට්ට පල් බේගලයක් දෙසා බා තිබේ. පසුගියදා පඬුවස්නුවරදී ඔහු මෙසේ කීවේය
''ෆේස්බුක් මාර්ගයෙන් පාසල් දරුවන් රැගෙන ගොස් දේශපාලන කටයුතුවලට යොදාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී තිඛෙනවා. එවැනි දේශපාලන ක්‍රියාකාරකම් සඳහා සිසුන් යොදා නොගන්නා ලෙස සියලූම දේශපාලන පක්ෂවල නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා. මෙය ඉතා බරපතල ප්‍රශ්නයක් බැවින් මෙවැනි දේවල්වලට දරුවන් යොමු වීමට ඉඩ නොතබන ලෙස මා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා. මා කිසිවිටෙකවත් පාසල් සිසුන් එවැනි දේශපාලන අවශ්‍යතා සඳහා යොදා ගැනීමට ඉඩ තියන්නේ නැහැ'' යි මැදමූලන මරා කීය.
මේ අනුව දෙමාපියන් බිය ගන්වා ජනාධිපතිවරණය අහවර වන තුරු ශ්‍රී ලංකාව තුල ෆේස්බුක් තහනම් කිරීමට මරා සූදානම් වේ.
සගයන් මරා දැමුවද, අතුරුදහන් කළද, හිරේ විලංගුවේ දැමුවද, ආයතන ගිනි තැබුවද, මාධ්‍යය තහනම් කළද විදෙස් ගතව සිට හෝ තම මාධ්‍ය මෙහෙවර අන්තර් ජාල මාධ්‍යවේදීන් විසින් ඉටු කර ඇති අතර දැන් ෆේස් බුක් සමාජ ජාලයත් තහනම් කරන්නේ නම් ඉටු වීමට ඇත්තේ පාඨක ජනතාවගේ මෙහෙවරය. එනම් තමන්ට සත්‍ය දැන ගැනීමේ අයිතියට තහනම් පමුණුවන රාජපක්ෂ රෙජීමයට එරෙහිව විවෘතව නැගී සිටීම ය.

Last edited: