ෆේස් බුක් එකෙන් සල්ලි හොයන්න ඔබත් සුදානම&#3530

banned guy

Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    ෆේස් බුක් එකෙන් සල්ලි හොයන්න ඔබත් සුදානම&#3530

    දැනුම් දීමයි – ෆේස් බුක් එකෙන් සල්ලි හොයන්න
    ඔබත් සුදානම් වෙන්න


    ෆේස්බුක් සමාජ ජාලය භාවිතා කරන පුද්ගලයින්ට තමන් පලකරන පොස්ට් වලින් මුදල් ඉපයිය හැකි අලූත් ක‍්‍රමවේදයක් හඳුන්වාදීමට ෆෙස්බුක් ආයතනය වෙහෙසෙමින් සිටින බව විදෙස් මාද්‍යය වාර්තා කරනවා.

    ෆේස්බුක් සමාජ ජාලය තුල සිදුකරනු ලැබූ සමීක්ෂණයකට අනුව, තම ෆේස්බුක් පෝස්ට් මගින් පරිශීලකයෙකුට මුදල් ඉපයිය හැකි ක‍්‍රමවේදයන් විශාල සංඛ්‍යාවක් ඇති බව හෙළිවී තිබෙනවා. ටිප් ජාර් සහ බ‍්‍රෑන්ඞ්ඩඞ් කන්ටෙන්ට් උදාහරණයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. මෙම සමීක්ෂණ කාලය තුල අනුගාමිකයින්ට තම පරිත්‍යාගයන් ලබාදීමට හැකි (කෝල් ටු ඇක්ෂන්) පහසුකමක්ද හඳුන්වාදීමට ෆේස්බුක් ආයතනය කටයුතු කර තිබුනා.

    මෙම පහසුකම සියලූම ෆෙස්බුක් පරිශීලකයින් වෙත ලබාදීමට ෆෙස්බුක් ආයතනය සැලසුම් කර තිබෙනවාද යන්න පිළිබඳව නම් අප දන්නේ නැහැ. නමුත් ෆෙස්බුක් ආයතනය විසින් මෙම සමීක්ෂනය සිදුකර තිබුනේ තම අනන්‍යතාවය තහවුරු කරගනු ලැබූ පරිශීලකයින් සහ ඔවුන්ගේ ෆේස්බුක් පිටු ඉලක්ක කරගෙනයි.

    මේ ඔබ පහතින් දකින්නේ ෆේස්බුක් විසින් හඳුවාදීමට සලකාබලා තිබෙන ඔබට මුදල් ඉපයිය හැකි ක‍්‍රමවේදයන් කිහිපයකි.

    පෞද්ගලික ෆේස්බුක් ගිණුම තුල පලකරන පොස්ට් වලින් මුදල් ඉපයිය හැකි ක‍්‍රමව්දයක් නම් ෆේස්බුක් එක තල තවමත් ඇත්තේ නැහැ. නමුත් වේගයෙන් දිගහැරෙන ආටිකල් ෆොර්මැට් පසුබිමක් මත තම වෙළඳ දැන්වීම් සහිත ලිපි ප‍්‍රදර්ශනය කිරීමේ පහසුකමක් නම් ෆෙස්බුක් ආයතනය හඳුන්වාදී තිබෙනවා.

    කෙසේ වෙතත් ඉදිරියේදී ඔබ පලකරන පොස්ට් වලින් මුදල් ඉපයිය හැකි වඩාත් සාර්ථක දීර්ඝ කාලීන ක‍්‍රමවේදයක් ෆෙස්බුක් වෙතින් හඳුන්වාදීමට නියමිතව තිබෙන බව නම් පැවසිය හැකියි.

    - See more at: http://www.hirugossip.info/2016/04/are-you-ready-to-earn-money-from.html#sthash.BQNxHjsi.dpuf


    111-1.jpg