ෆේස් බුක් එකේ එවුන් සිංහල ඉගෙන ගන්නකන් නැ&#352

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ෆේස්බුක් එකේ එවුන් සිංහල ඉගෙන ගන්නකන් ෆේ&#3523

    ෆේස්බුක් එකේ එවුන් සිංහල ඉගෙන ගන්නකන් ෆේස්බුක් නෑ.


    නිමල කොඩිතුවක්කු

    ජාතිවාදය සහ ජාතික ආරක්ෂාවට හානි වෙන වෙබ් අඩවි භාවිතයෙන් ඉවත් කිරිම ඇතුලූ රජය ලබාදෙන කොන්දේසි
    ඉටුකිරිමට ෆේස් බුක් ආයතනය කටයුතු කළහොත් එම තහනම ඉවත් කිරිමට පියවර ගන්නා බව විදුළි සංදේශන ඩිජිටල්
    යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවසීය.

    ෆේස්බුක් ආයතනය සමඟ මේ පිලිබඳව දිගින් දිගටම සාකච්ඡා සිදුකරමින් සිටන බවත් ඔවුන්ගෙන් යහපත් ප‍්‍රතිචාරයක්
    ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

    ෆේස්බුක් තහනම සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා මෙසේද කීය.


    ‘‘අපිට මේක දේශපාලන ප‍්‍රශ්ණයක් නෙමෙයි. නමුත් ජාතික ආරක්ෂාවට හෝ ජාතිවාදය අවුස්සන ප‍්‍රශ්ණ වලට ඉඩ
    ලබාදිය නොහැකියි.

    මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්න ෆේස් බුක් ආයතනය නිර්දේශය දෙනකං තමයි අපි බලන් ඉන්නේ. ජාතිවාදය ඇතුලූ
    කරුණු සම්බන්ධයෙන් වෙනස්කම් කරන්න කියලා අපි දිගින් දිගටම ඉල්ලීම් කරලා තිබුණට එම ආයතනය ඒ සම්බන්ධයෙන්
    කිසිදු පියවරක් අරගෙන තිබුනේ නැහැ.

    මෙම ගැටලූවේදී මේක තමයි අපිට තිබුන ලොකුම බාධකය. නමුත් මේ අය දිගින් දිගටම මේ ගැන කිසිදු දෙයක් කරලා
    තිබුනේ නැහැ. ඒ අය කියන්නේ සිංහල කියවන්න පුලූවන් අය ඒ අයට අඩුය කියලා.

    එදා දවසේ අපි මේ තීන්දුව ගත්තේ නැත්නම් මේ ප‍්‍රශ්ණය විසදන්න ලැබෙන්නේ නැහැ. ෆේස්බුක් ආයතනය අපිට කියලා
    තියෙනවා මේ සම්බන්ධයෙන් කථා කරනවා කියලා. මේ සම්බන්ධයෙන් ෆේස්බුක් ආයතනයේ තීන්දුව ලබාදෙනකන් අපි බලාගෙන ඉන්නේ.
    ජාතිවාදය සහ ජාතික ආරක්ෂාවට හානි වෙන බවට විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව හෝ සර්ට් ආයතනය හෝ
    දෙන ඕනෑම වෙබ් අඩවියක් අයින් කරනවා කියන කොන්දේසිය ඔවුන් අපිට ලබා ලබාදිය යුතුයි.

    ඒ වගේම සිංහල කියවන්න පුලූවන් වැඩි දායකත්වයක් ගන්න අය ෆේස්බුක් එකට ඇතුළත් කරගන්නවනම් අපි මේ
    තහනම ඉවත් කරගන්නවා කියන එක තමයි අපේ ස්ථාවරය’’ යැයිද ඔහු පැවසීය. :rofl::rofl:



     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    පේපෑල් දෙනව කියල අන්තිමට නිකන් තිබුන ෆේස් බුක් එකටත් කෙලිය නේද?
    තාම පටන් ගත්ත විතරයි හොඳ හොඳ සෙල්ලම් තව ඉස්සරහට බලාගන්න පුළුවන් වෙයි.
    පේන විදියට ගේම දෙන්න කලින් කරන්ට් එක කැපුව වගේ සීන් එකක් මේක. දැන් මොනව
    උනත් මොන කෙහෙල්මල ආවත් මිනිස්සුන්ට දැනගන්න විදියක් නෑ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    මේ වගේ සොන්නයො ඊළග පාරත් පාර්මේන්තු එයි
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මේ වගේ සොන්නයො ඊළග පාරත් පාර්මේන්තු එයි

    දැන් බලපන් සකර්බර්ග් කාරයට මේ කේස් එක නිසා ලංකාවෙ එවුන්
    අලුතෙන් බඳවාගන්න වෙනවා. ඒකියන්නෙ නිකන්ම නව රැකියා අවස්ථා
    බිහිවෙනවා.
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    api nathi una kiyala FB ekata danennewath nathuwa athi, un apiwa skip karai, ape un Google+ walata giyoth google ekath block karanna wenne. eeta passe block karan gihin anthimedi internet eka aran belle gatagahan mudata paninna wenne hariyata
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    දැන් බලපන් සකර්බර්ග් කාරයට මේ කේස් එක නිසා ලංකාවෙ එවුන්
    අලුතෙන් බඳවාගන්න වෙනවා. ඒකියන්නෙ නිකන්ම නව රැකියා අවස්ථා
    බිහිවෙනවා.

    සිංහල දන්න හම්බයෝ,දෙමළු ටිකක් බදව ගනියි .එතකොට බඩු හම්බවෙයි :lol:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දැන් බලපන් සකර්බර්ග් කාරයට මේ කේස් එක නිසා ලංකාවෙ එවුන්
    අලුතෙන් බඳවාගන්න වෙනවා. ඒකියන්නෙ නිකන්ම නව රැකියා අවස්ථා
    බිහිවෙනවා.


    pissuda ban ehema badogannea na...



    ජාතිවාදය සහ ජාතික ආරක්ෂාවට හානි වෙන බවට විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව හෝ සර්ට් ආයතනය හෝ
    දෙන ඕනෑම වෙබ් අඩවියක් අයින් කරනවා කියන කොන්දේසිය ඔවුන් අපිට ලබා ලබාදිය යුතුයි.

    lol balahanko mehema unaama jaathiwadi godata daala ona page1kata kelawath haki... nodakin Harshaya.. mahaloku ugatha..
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,232
    113
    Forest
    යහපාලනේ දිනපු අල්ප කොට්ටාශ ටිකත් එනපාර ඡන්දෙදි යහපාලනෙට එපාලු :lol: