ෆේස්_බුක්_ජීවිත
ඔබ ඔබගේ ෆේස් බුක් ගිණුමට ලොග් වෙන සෑම මොහොතකම එතුළින් ඔබ දකින්නේ සර්වසම්පූර්ණ ජීවිතයන්ය.
එම ජීවිත තුළින් ඔබ දකින්නේ සිනහව පමණක්ය. එතුළින් ඔබ දකින්නේ සැපවත් ජීවිතයන්ය. ඔවුන් හට කළණ මිතුරන් සිටියි. ආදර බර දෙමාපියන්, දරුවන් සිටියි. ප්‍රේමණීය සහකරුවන් සහකාරියන් සිටියි. ලොකු ලොකු වාහන පදියි. ලොකු ලොකු රෙස්ටුරන්ට් වලින් කෑම ගනියි. සැපවත් පවුල් ජීවිත ගත කරයි. නිතර දෙවේලේ විනෝද චාරිකා යයි. ලස්සන ඇඳුම් අඳියි. ලෝකෙ වටේ සවාරි ගසයි.
මේ ලයිස්තුව බොහෝ දිගය.
එසේ සතුටින් සිටින ඒ මිනිසුන් සහ ගැහැණුන් දකින ඔබ ඔබේ ජීවිතය ඒ හා සමඟ සංසන්දනය කර බලයි.
අවංකවම සිතන්න! ඔබට ඔබ ගැන සියුම් හෝ කම්පාවක් ඇතිවන්නේ නැතිද?
ඔබට ඔබගේ ජිවිතය ගැන දුකක් ඇති වන්නේ නැතිද?
දුක් වීම පසෙක තබා නවතින්න මොහොතකට....
සිතන්න!
ඔබ ඔබ ගැන සිතන්න. ඔබ ඔබගේ ෆේස් බුක් ගිණුම තුළ ඔබ ඔබව මවා පෙන්වන අන්දම ගැන සිතන්න. ඔබ ඔබගේ ජිවිතයේ සැබෑව සඟවා වෙනස්ම වූ චරිතයක් ෆේස් බුක් ගිණුම තුළ නිරූපණය කරන අන්දම ගැන සිතන්න.
එවිට පෙර සඳහන් කළ සර්වසම්පූර්ණ මිනිසුන්ගෙන් ගැහැණුන්ගෙන් බහුතරයක්ද ඔබ ලෙසින්ම මුහුණු පොත තුළ විවිධ චරිත රඟ දක්වන්නවුන් පමණක්ම බව ඔබට වැටහෙනු ඇත.
ඉතින් සැනසුම් සුසුමක් හෙළන්න!
කඳුළු සඟවා ෆේස් බුක් තුළින් පර්ෆෙක්ට් ජිවීත ගත කරන්නේ, මවා පෙන්වන්නේ ඔබ පමණක්ම නොවෙයි.
බොරුකරන්නේ ඔබ පමණක්ම නොවෙයි.. රඟපාන්නේ ඔබ පමණක්ම නොවෙයි
ඔබ ඔබගේ ෆ්‍රෙන්ඩ්ලිස්ට් එකේ මිතුරන් අතරින් සැබෑ ජිවීත සොයන්නේ නම්, ඔබ ඔබගේ මිතුරු ලැයිස්තුව තුළින් සැබෑ ජීවිත දකින්නේ නම්, ඔබ ඒ ගැන දෙවරක් සිතිය යුතුය.
සයිබර් අවකාශයේදී ඔබ දකින්නේ මිනිසුන් තමා ජීවත් වීමට ප්‍රාර්ථනා කරන ෆේක් ජීවිත සැබැවක් ලෙස හුවා දැක්වීමක් පමණි.
එනිසා ඔබේ ෆේස් බුක් ගිණුමට ලොග් වන්න. ඔබ ජීවත් වීමට පතනා ජීවිතය ඔබ සැබවින්ම ගෙවනා බව අනෙක් අයට පෙන්වන්න. සැනසෙන්න. රඟපාන්න.
එවිට සුපුරුදු පරිදි ඔබ ජීවත් වීමට කැමති චරිතය තව දුරටත් ඔබගේ ෆේස් බුක් අවකාශය මත මවා පෙන්වමින් දිගින් දිගටම ඔබත් රැවටෙමින් අනුන්වත් රවටමින් ජීවත් විය හැකිය.
ඇත්තෙන්ම ෆේස් බුක් පවතින්නේ අපි ජීවත් වීමට කැමති ජිවිතය මවා පාමින් අප විසින් අපවම රවටවා ගැනීමට බැවිනි!
ගෙඩි පිටින් උස්සන ලදී ....