ෆොඩ් යන්නට යයි
'ගුරා' ගේ මන්තරයෙන්
2019 තෙක් වැඩට පැමිණි
ෆොඩ් යන්නට යයි
අසේල විතාන
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්‌ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වූ දකුණු අප්‍රිකානු ජාතික ග්‍රැහැම් ෆොඩ් මහතා 2019 ලෝක කුසලාන තෙක් ශ්‍රී ලංකා කණ්‌ඩායමේ රාජකාරිය කරගෙන යැමට අදිටන් කරගෙන සිටියද හිටි හැටියේ ඔහු සිය ධුරය අතහැර දැමීමට තීරණය කර තිබේ. අදාළ ඉල්ලා අස්‌වීමේ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් පිළිගෙන ඇත.
ශ්‍රී ලංකා කණ්‌ඩායම ශ්‍රේණිගත කිරීම්වල පහළට වැටීම සහ ෆොඩ්ගේ රාජකාරියට අතුරු බාධක පැමිණීම හේතුවෙන් චැම්පියන්ස් කුසලාන තරගාවලියේදී ඔහු දැඩි සිත්තැවුලකින් පසු වීම අදාළ ඉල්ලා අස්‌වීමට ආසන්නම හේතුව වන්නට ඇතැයි ක්‍රිකට් ආරංචි මාර්ග ඔස්‌සේ වාර්තා වේ. ෆොඩ්ගේ ඉලක්‌කය 2019 වන තෙක් කණ්‌ඩායම ඉදිරියට ඇදගෙන යැම බව ඔහු සිය රාජකාරිය ආරම්භයේදී පවසා සිටිය අතර ඒ අනුව නවක ක්‍රීඩකයන් සමග ඔහු සමීපයෙන් වැඩ කරමින් සිටියදී මෙම ඉල්ලා අස්‌වීම ප්‍රහේලිකාවක් බවට පත්ව තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්‌ඩායමට මෙතෙක් ප්‍රධාන පුහුණුකරුවෙක් නොමැති වුවද ඉදිරියේදී ප්‍රධාන පුහුණුකරුවකු පත්වන තුරු දක්‍ෂතා ඉහළ දැමීමේ කළමනාකරු වන සයිමන් විලී, පන්දු රැකීමේ පුහුණුකරු නික් පෝතස් සහ ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ තුන්කට්‌ටුව විසින් ශ්‍රී ලංකා කණ්‌ඩායමේ හිස්‌වූ ප්‍රධාන පුහුණුකරුවාගේ බර අදිනු ඇතැයි වාර්තා වේ. එළැඹෙන සිම්බාබ්වේ සහ ඉන්දියානු තරගාවලිවලින් අනතුරුව ප්‍රධාන පුහුණුකරුවකු ගෙන ඒම පිළිබඳවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබේ.
පසුගිය මාස කිහිපයේදී කණ්‌ඩායම තේරීම සහ විවිධ මත ගැටුම් මධ්‍යයේ ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් ග්‍රැහැම් ෆොඩ් සිත්තැවුලෙන් පසු වූ බවට වාර්තා වුවද ඔහු සිය ඉල්ලා අස්‌වීම දන්වා සිටියේ චැම්පියන්ස් කුසලාන තරගාවලිය අවසන්වී නිවාඩුවක් සඳහා සිය රටට ගොස් තිබියදීය. ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු ලෙස පත්වූ අසංක ගුරුසිංහ සමග කලකිරීමකින් ෆොඩ් පසුගිය කිහිපයේදී කටයුතු කර ඇතැයි වාර්තා වුවද ඒ සම්බන්ධයෙන් ෆොඩ් කිසිදු ප්‍රකාශයක් නොකිරීමට වග බලාගත්තේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාද ෆොඩ්ගේ සේවය අගය කරමින් මාධ්‍ය නිවේදනයක් යොමු කර ඇති අතර එහිදී ෆොඩ් ඉල්ලා අස්‌වීමට හේතුව කළකිරීමක් හෝ වෙනයම් සිදුවීමක් බවටද හුවා දක්‌වා නොමැත.
චැම්පියන්ස් කුසලාන එක්‌දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමග පැවැති තරගයේදී කණ්‌ඩායම් කළමනාකාරීත්වය තේරීම් සඳහා ෆොඩ්ට එරෙහිව ගියද එහිදී ෆොඩ් සිය මතයේම සිටිමින් තමන්ගේ කණ්‌ඩායම ඉදිරිපත් කර ඇතැයිද වාර්තා වේ. කෙසේ වෙතත් එම තරගය ජය ගත්තද පකිස්‌තානය සමග පැවැති තරගයේදී දුර්වල පන්දු රැකීම හේතුවෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්වීමෙන් තවත් පීඩනයක් ෆොඩ්ගේ කරමත වැටුණි. ෆොඩ්ගේ රාජකාරියට විවිධ බලපෑම් එල්ල වීම ඔහු සිය ධුරය අතහැර යැමට ප්‍රධාන හේතුවක් යෑයි ක්‍රිකට් ප්‍රවීණයන්ගේ අදහසවී තිබේ.
කෙසේ වෙතත් ෆොඩ් සිය රාජකාරිය අතහැරීම පිළිබඳව හිටපු ක්‍රිකට් නායකයන් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්‌කාරද සිය කනගාටුව ප්‍රකාශ කර තිබේ. ෆොඩ් සිය රාජකාරිය කිරීමේදී තමන්ට ලබා දෙන කණ්‌ඩායම තමන්ට අවශ්‍ය පරිදි මෙහෙය වූ අතර තරග සැලැස්‌ම සැකසීමේදීද ඔහුට බාහිර බලපෑම් එල්ලවීමද ඉල්ලා අස්‌වීමට ප්‍රධාන හේතුවක් යෑයි තතු දත් උදවිය පවසයි.
56 හැවිරිදි වියේ පසුවූ ග්‍රැහැම් ෆොඩ් ශ්‍රී ලංකා කණ්‌ඩායමේ පුහුණුකරුවා බවට පත්වූ දෙවැනි වර මෙය වන අතර ඔහු එහිදී මාස 15 ක කාලයක් සේවය කරමින් ඔස්‌ටේ්‍රලියාවට එරෙහිව ටෙස්‌ට් තරගාවලිය 3-0 ක ජයක් කරා ශ්‍රී ලංකාව රැගෙන යැමට ඔවදන් දුන් පුහුණුකරුවෙකි.
'ශ්‍රී ලංකා කණ්‌ඩායමේ තරුණ ක්‍රීඩකයන් බොහොමයක් සමග මා පසුගිය කාලයේ ඉතාමත් සතුටින් රාජකාරිය කළා. ඔවුන් ඉතාමත් දක්‍ෂයි. කණ්‌ඩායමේ ඉන්න තරුණ ක්‍රීඩකයන්ට දිගටම අත්දැකීම් ලබාදිය යුතුයි. පසුව ඔවුන් තරග දිනවන්නන් බවට පත්වේවි. තරුණ ක්‍රීඩකයන් උපරිම අවධානය තරගයට යොමු කරමින් ක්‍රීඩා කළ යුතුයි.'' යනුවෙන් සිය සමුගැනීම සටහන් කරමින් ෆොඩ් පවසා තිබේ.
http://www.divaina.com/2017/06/26/sports01.html