ෆොන්සේකට මොනව වෙයිද?

ekrox

Member
Sep 11, 2009
577
22
0
ෆොන්සේකට මොනව වෙයිද?

දෙවන යුධ අධිකරණය හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පසුගිය 17 වනදා චෝදනා 4 කට වරදකරු බව තීරණය කළේය. ඒ අනුව සරත් ෆොන්සේකා මහ්තාට අවම වශයෙන් අවු. 3ක සිර දඩුවමක් නියම වී තිබිනි.හමුදා ප්‍රකාශක මේජර් ජෙනරල් උභය මැදවල මහතා පැවසුවේ දෙවන යුධ අධිකරණයේ එම තීන්දුව අනුමැතිය සදහා සේනාධිනායක ධුරය දරන ජනාධිපතිවරයා වෙත ‍යොමු කෙරෙන බවය.
මෙහි ඇති බරපතල තත්වය වන්යේ සිර දඩුවමක් නියම වුවහොත් සරත් ෆොන්සේකා මහතාට ඔහුගේ පාර්ලීමේන්තු මන්ත්‍රි ධූරය අහිමිව යෑමයි.

ජනාධිපති තුමාගේ තීරණය කුමක් වෙයිද?
ජනාධිපති තුමා මේ පිලිබදව තවමත් ස්ථිර තීරනයක් ගෙන නොමැති අතර නිව්යෝර්ක් ගමනින් පසුව එය තීරනය කිරීමට නියමිතව තිබේ. මෙම තීරණය සදහා ජනාධිපති ආර්යාව එතරම් කැමත්තකින් පසු නොවන බවත් ආරක්ෂක් ලේකම් ගෝඨාභය මෙම තීරනය අනිවාර්යෙන් ක්‍රියාත්මක කලයුතුය යන මතයේද සිටින බව වාර්තා වේ.


මේ අතර යුධ අධිකරණයෙන් වරදකරු වූ නිසා ෆොන්සේකා මහතාට දැනටමත් පාර්ලිමේන්තුවට පැමීණීමට නොහැකි බව විජිතමුණි සොයිසා උප ඇමති වරයා පවසා සිටිනවා.


සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙස විදේශ රටවල උද්ගෝෂණ මාලාවක් සංවිධානය කර ඇති අත්ර මිලානෝ හි උද්ගෝෂණයෙහි පෙරමුන ගෙන ක්‍රියාකරනුයේ අප්සරා ෆොන්සේකා බවද වාර්තා වේ. හදිසියේ හෝ සරත් ෆොන්සේකා මහතාගේ මන්ත්‍රි ධූරය අහිමිවුවොත් ඒ වෙනුවට අනෝමා ෆොන්සේකා ඉදිරිපත් කිරීමටද සූදානමක් ඇත.

සමාව ගන්න බැරිද?
විජය කුමාරතුංග හිරේ දැමූ අවස්ථාවේ චන්ද්‍රකා ජේ.ආර් ගෙන් සමාව ගෙන විජය නිදහස් කර ගත්තේය. නමුත් අනෝමා ෆොන්සේකා කියා සිටිනුයේ සමාව ඉල්ලන්න ජෙනරාල් වරදක් කර නොමැති බවයි. ඊට සමාන අදහසක් සරත් ෆොන්සේකා මහතාද දරයි.

මල්වතු මහ නා හිමියන් ඒ පිලිබදව දැරුවේ මෙවැනි අදහසකි.
"ෆොන්සේකා මහතානම් සමාව ගන්න කැමති වන එකක් නැහ.එතුමාගේත් වරදක් වූ බව පේනවා නේද?
අඩුම වශයෙන් අපි හිතමුකෝ ජනාධිපති තරගයට ආවා කියලා. ඔබතුමාලට බැරිනම් අපිවත් ජනාධිපති තුමාට කියන්නම් ෆොන්සේකා මහතාට සමාව දෙන්න කියලා."



 

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    "In times of economic unease, there can also be an anxiety about human rights. Today, as in past times of economic downturn, some put human rights aside for the promise of short term stability or the false notion that economic growth can come at the expense of freedom. We see leaders abolishing term limits. We see crackdowns on civil society. We see corruption smothering entrepreneurship and good governance. We see democratic reforms deferred indefinitely."

    by Obama
     

    Similar threads