ඕනම දෙයක් ඕනාට වඩා ඕන නෑයි කියනවනෙ. ෆොන්සේකව දේශපාලනයට ගැලපෙන්නෙ නෑ. ෆීල්ඩ්මාශල් පට්ටම දීලා අපේ රටේ හමුදාව ශක්තිමත් කරන්න උපදෙස් දෙන්න කළමනාකරනය කරන්න වගේ ඉහළ ධූරයක හිටියා නම් මිට වඩා සේවයක් ඒ මිනිහගෙන් රටට ගන්න තිබ්බා. කොහෙද ඉතින් අපේ රටේ මිනිස්සු ගරුත්වයක් තියෙන මිනිහෙක්ව දේශපාලන අසූචිවලට ඇදලා දාන්නමනෙ හදන්නෙ. ෆොන්සේකත් ඒකට අහු උනා. දේශපාලන අසූචි වලේ ගඳ සුවඳක් විදිහට දැනෙන්න ගත්තම වලට පනින එක නවත්තන්න බෑ. දැන් ඉතින් අසූචි වලේ දඟල දඟල තව තවත් යට යනවා මිසක ගොඩ ඒමක් නෑ.
මමත් කියන්නේ ඕකමයි. අපේ රටේ වෙලා තියෙන්නේ කව්රු හරි මොකක් හරි දෙයකට දක්ෂ උනාම වූ හැම දේටම දක්ෂයි කියල හිතල වැඩ කරන එක. දැන් බලපන් නිළියො සින්දු කියනව, ගායකයො රඟපානව, ක්‍රීඩකයො සින්දු කියනව. අන්තිමට ඔක්කොම අනා ගන්නව. ෆොන්සේකා හමුදා නායකයෙක් විදියට හොඳයි තමයි. නමුත් දේශපාලනේ මිනිහට බෑ. කොටින්ම මිනිහට හික්මීමක් නෑ. වැරදිලා හරි ෆොන්සේකා 2010 දී දිනුවනම් බලාගන්න තිබුන හැමෝටම.

Last edited:




.