ෆොන්සේකාට සමාව දෙන කතා බොරු - ජනපති

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    ෆොන්සේකාට සමාව දෙන කතා බොරු - ජනපති

    sarath-f.gif

    Srilankamirror - හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන බවට මාධ්‍යවල පළ වී ඇති වාර්තාවල කිසිදු පදනමක් නොමැති බවත්, ඔහුගේ පවුලේ ඥාතීන් හැර වෙනත් පුද්ගලයින් කරන ඉල්ලීම් පළක් නොවන බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    උදා වූ නව වසරට සුබ පැතීම සඳහා තමා ඊයේ ජනාධිපතිවරයාට දුරකතන ඇමතුමක් ලබා දුන් අවස්ථාවේදී ජනාධිපතිවරයාට එම කාරණය අවධාරණය කළ බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් වෛද්‍ය ජයලත් ජයවර්ධන මහතා ‘ශ‍්‍රී ලංකා මිරර්‘ වෙත පැවසීය.

    ජනාධිතිවරයාට සුබ පැතීමෙන් පසු වෛද්‍ය ජයලත් මහතා, සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීම සම්බන්ධයෙන් විමසා තිබේ.

    ‘‘මොන පිස්සුද? අඩුම තරමින් ඒ ගැන සලකා බලන්න හරි කියලා ඒ පවුලේ කෙනෙක් මගෙන් ඉල්ලූවා නම් මට ඒ ගැන කටයුතු කරන්න තිබුණා’’ යැයි එහිදී පවසා ඇති ජනාධිපතිවරයා, එක එක මන්ත‍්‍රීවරුන් කරන ඉල්ලීම්වලින් පළක් නොවන බවද සඳහන් කර තිබේ.

    හිටපු යුද හමුදාපති ෆොන්සේකා මහතා ජනවාරි 01 වැනිදා නිදහස් කරන බවට මාධ්‍යවල පළ වී තිබීම නිසා බොහෝ පිරිසක් ඊයේ උදෑසන සිට තමන්ගෙන් ඒ පිළිබඳව විමසා සිටි බැවින් තමා ඒ ගැන ජනාධිපතිවරයාගෙන් විමසූ බව වෛද්‍ය ජයලත් ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.
     

    Similar threads