ෆොන්සේකා, මංගල සහ ටිරාන් ඉංදියාවේ සිට මැතš
විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා ඉංදියාවේ නවදිල්ලි නුවර සිට ජනාධිපතිවරණ නිළ ප්‍රතිඵල නැරඹීමට කටයුතු යොදාගෙන ඇති බව ඉතා විශ්වාස කටයුතු ආරංචිමාර්ග ඔස්සේ අප වෙත වාර්තා වේ.
මේ සදහා සියලු කටයුතු සම්පාදනය කර ඇත්තේ මංගල සමරවීර බවත් ෆොන්සේකා සමග මෙම ඉංදියානු ගමන සදහා අනෝමා ෆොන්සේකා, මංගල සමරවීර සහ ටිරාන් අලස් එක්වන බවත් වැඩි දුරටත් වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභල ආධාරකරුවෙක් වන කොළඹ වෝඩ් පෙදෙසේ පදිංචි දෙමළ ව්‍යාපාරිකයෙකුට අයත් නවදිල්ලි අගනුවර වූ සුඛෝපභෝගී නිවසක් සරත් ෆොන්සේකා වෙනුවෙන් සූදානම් කර ඇති බවත් එහි කටයුතු සම්පාදනය කිරීම සදහා නිවස හිමි ව්‍යාපාරිකයා 26 දා උදෑසන තම ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව නවදිල්ලිය බලා පිටත්වීමට කටයුතු යොදා ඇති බවද සැලයි.
27 දා පාන්දර 1.45ට බණ්ඩාරනායක ගුවන් තොටුපලින් පිටත් වීමට නියමිත කැතේ පැසිෆික් ගුවන් යානයක “බිස්නස් ක්ලාස්” ආසන හතරක් මොවුන්ගේ මෙම ඉංදියානු ගමන සදහා මේ වන විටත් වෙන්කර ඇති බව ද අප වෙත වාර්තා වේ.
මේ අනුව ජනාධිපතිවරණයේ අවසන් නිළ ඡන්ද ප්‍රතිඵලය නිකුත් කරන අවස්ථාවට සරත් ෆොන්සේකා සහභාගී නොවීමට බොහෝ විට ඉඩකඩ ඇතැයි ද ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වේ.
source=www.sfbalakaya.com