ෆොන්සේකා-සම්බන්ධන් ගිවිසුම.....!!!!!!

gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
ෆොන්සේකා-සම්බන්ධන් ගිවිසුම.....!!!!!!




http://w3lanka.blogspot.com/2010/01/blog-post_7114.html

hitler+gobels.jpg


අජිත් පැරකුම් ජයසිංහ-

2004 මහ මැතිවරණයේදී හා 2005 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය පරාජය වීමට ප්‍රධාන ම හේතුවක් වූයේ ඊලම ලබා දීම සඳහා එජාපය හා කොටි සංවිධානය අතර ගිවිසුමක් තිබූ බවට වර්තමාන පාලක පක්ෂයට සම්බන්ධ ජාතිවාදීන් හා අද එයින් ඉවත් වී සිටින ජවිපෙ, මංගල සමරවීර වැනි අය විසින් ගෙන යන ලද ප්‍රචාරයයි. අඩ දශකයකට පසුව පවා මෙම අලි-කොටි ගිවිසුමේ පිටපතක් තවමත් කිසිවකු විසින් හෙළිදරව් කරගෙන නැත. එවැනි ගිවිසුමක් නො පැවති මුත් එසේ තිබිණි යයි ගෙන යන ලද ප්‍රචාරය විසින් එජාපයට කළ හැකි දැවැන්ත ම හානිය කළේය. එපමණක් නොව සාම ක්‍රියාවලිය බිඳ වැටීමට හා විනාශකාරී යුද්ධයකට රට තල්ලු වීමට ද එය එක් හේතුවක් වූ අතර, යුද්ධය හේතුවෙන් විශාල ජීවිත හා දේපල හානියක් සිදු විය. යුද්ධයෙන් රජයේ පාර්ශ්වය ජය ගත් බව සත්‍යයකි. එහෙත් ජනවාර්ගික ප්‍රශ්නය විසඳී නැත. සිදු වී ඇත්තේ එය අළු යට සැඟවීමක් පමණි. අරමුණක අවසානය විසින් එහි ගමන් මාර්ගය සාධාරණීකරණය කරන්නේ නැත. ලංකාවේ ජාතීන් අතර ප්‍රශ්නය විසඳීම සඳහා තිබුණු එක ම මාර්ගය මේ විනාශකාරී යුද්ධය නොවේ.


දැන් නැවතත් මැතිවරණ සමයක් එළඹ තිබේ. දෙමළ විරෝධී ජාතිවාදය පැතිරවීම හා රට බෙදන්න යන්නේ යයි භීතියක් නිර්මානය කිරීම සිංහල බහුතර ජනතාවගේ ඡන්ද ලබා ගැනීම සඳහා අත්දුටු, ප්‍රත්‍යක්ෂ බෙහෙතක් බව ලංකාවේ දේශපාලකයෝ දනිති. දැන් කොටි සංවිධානය නැත. එහෙයින් අලි-කොටි ගිවිසුමක් වෙනුවට වෙනත් ප්‍රබන්ධයක් ඉදිරියට ගැනීමට ආණ්ඩුවට අවශ්‍ය වී තිබේ.


අදක්ෂ අන්තේවාසිකයන්ගේ අනාථාගාර බවට පත්ව තිබෙන රජයේ මාධ්‍යවල පළ වන වාර්තා විශ්වසනීය නො වන බව ජනතාවට ඒත්තු ගොස් තිබෙන බව දන්නා ආණ්ඩුව ඒ සඳහා උපයෝගී කර ගනු ලැබුවේ ලංකාදීප පුවත්පතේ ස්ථානගත කර සිටින ඉත්තකු වූ ඉරිදා ලංකාදීප කර්තෘ ආරියනන්ද දොඹගහවත්තයි. ඒ අනුව ‘ජෙනරාල් ට දෙමළ සන්ධාන සහාය, අපේ ඉල්ලීම්වලට එකඟ නිසයි’ මැයෙන් පුවතක් එම පුවත්පතේ මුල් පිටුවේ ම පළ වූ අතර ඒ හා සමාන්තරව විමල් වීරවංශ වැනි ජාතිවාදීන් විසින් දෙමළ ජාතික සන්ධානය හා සරත් ෆොන්සේකා අතර ගිවිසුමක් රවි කරුණානායකගේ නිවසේදී නම් නො කරන ලද විදේශ තානාපතිවරුන් දෙදෙනෙකු ඉදිරියේ අත්සන් කරන ලද බව ප්‍රචාරය කිරීම ආරම්භ කරන ලදී. මෙම ගිවිසුමේ අඩංගුවක් පිළිබඳ පැහැදිලි අදහසක් ප්‍රකාශ නො කරන මෙම පිරිස ඉල්ලා සිටින්නේ එය හෙළිදරව් කරන ලෙසයි. මෙම පුවත ප්‍රබන්ධයක් බවට හෙළිදරව් කරන කරුණු මේ වන විට එජාපය විසින් එළි දක්වා තිබේ. එහෙත් දැන් පුවත ප්‍රචාරය වී හමාර ය.


මේ අතර, මෙම මාධ්‍ය මෙහෙයුමට සම්බන්ධ වූ ඇමති සරත් අමුණුගමගේ පවුලට සම්බන්ධ දෙරණ රූපවාහිනිය දෙමළ ජාතික සන්ධානයේ කණිෂ්ඨ මන්ත්‍රීවරයකු වන තුරෛරත්නසිංහම්ගෙන් එවැනි ගිවිසුමක් තිබෙන බව කියැවෙන ප්‍රකාශයක් ලබා ගැනීමට 'සමත්' වී තිබේ. එම ප්‍රකාශය ද එම රූපවාහිනිය විසින් නිතිපතා ප්‍රචාරය කරමින් ඇත.


පසුගිය දිනවල ආණ්ඩුව විසින් ම ප්‍රසිද්ධ කරන ලද එක ම බොරුව පුන පුනා කීමෙන් එය සත්‍යයක් බවට ඒත්තු ගැන්වීමේ ගොබෙල්ස් න්‍යාය දැන් ආණ්ඩුවේ දේශපාලනඥයන් විසින් ප්‍රායෝගිකව භාවිතා කරමින් තිබේ. වසර හයකට පෙර තිබුණේ යයි කී අලි-කොටි ගිවිසුම කිසි කලෙක එළි නො දුටු අන්දමින් ම මෙකී ෆොන්සේකා-සම්බන්ධන් ගිවිසුම ද කිසි කලෙක එළි නො දකිනු ඇත. මන්ද සත්තකින් ම එවැන්නක් නො තිබීමට ඕනෑ තරම් ඉඩ ඇති බැවිනි. තිබුණත් එවැනි ගිවිසුමක තිබෙන වලංගුභාවය කුමක්ද? එහෙත් සරත් ෆොනසේකාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට කළ හැකි උපරිම හානිය මෙම ගිවිසුම් කතාව විසින් මේ වන විටත් සිදු කර හමාර ය.
 

gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
සිදුවීම පිළිබඳ පසු විපරම් හා විශ්ලේෂණ එක් තලයක සිදු වද්දී අනෙක් තලයේ ක්‍රියාත්මක වන්නේ ගිවිසුම පිළිබඳ කතාවේ ඊළඟ ජවනිකා ය. නිදසුනක් ලෙස, තානාපතිවරුන්ට මෙවැනි ගිවිසුමක් අත්සන් කිරීමේදී සාක්ෂිකරුවන් වීම සඳහා බලයක් නැතැයි ද එය රාජ්‍යතාන්ත්‍රික බලතල ඉක්මවා යාමකැයි ද විදේශ ඇමති රෝහිත බෝගොල්ලාගම පවසයි.


මෙම ජවනිකාව විසින් අපට සිහිගන්වනු ලබන චිත්‍රපටයක් වන්නේ 1997දී බැරී ලෙවින්සන් විසින් අධ්‍යක්ෂණය කරන ලද රොබට් ඩි නීරෝ හා ඩස්ටින් හොෆ්මාන් ප්‍රධාන චරිත රඟපාන Wag the Dog (වලිගය විසින් බල්ලා වැනීම)ය. අපි මෙම ච්ත්‍රපටය පිළිබඳව මීට පෙර ද සඳහන් කර තිබේ. මෙම සිනමා පටයෙහි කතාව වන්නේ ලිංගික අපචාරමය සිද්ධියක් හේතුවෙන් නැවත පත් වීමේ ජනාධිපතිවරණයකට දෙසතියකට පෙර මහත් අපහසුතාවකට පත්ව සිටින එක්සත් ජනපද ජනාධිපතිවරයකු වෙනුවෙන් මහජන අවධානය වෙනතකට යොමු කිරීම සඳහා හොලිවුඩ් සිනමා නිර්මාපකයකු යොදාගෙන ඇල්බේනියාව සමග ව්‍යාජ යුද්ධයක් මාධ්‍ය ඔස්සේ නිර්මානය කරන ආකාරයයි. මෙම ප්‍රබන්ධය හේතුවෙන් ජනාධිපතිවරයා පරදින්නට ගිය ජනාධිපතිවරණයක් ජය ගනියි.


ධනේශ්වර පන්තියේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයේ නිරුවත මෙයයි. මැතිවරණ නිදහස් ය සාධාරණ ය. කිසිවකු ඔබගේ ඡන්දය හොරෙන් දමන්නේ නැත. ඒ වෙනුවට උන් ඔබේ මනස තුළට ඔබටත් නො දැනෙන්නට රිංගා ඔබ ඔව්නට අවශ්‍ය ආකාරයට සිතන්නට පොළඹවා ගනියි. ලංකාවේ ‍පාලක පංතිය විසින් මේ මොහොතේ කරමින් සිටින්නේ එවැනි ඉසියුම් මෙහෙයුමකි. එය දෙපාර්ශ්වයේ මාධ්‍ය විශාරදයන් වන ඩලස්ලා, විමල්ලා හා මංගලලා අතර මාධ්‍ය ශිල්ප මල්ලව පොරයක් විය හැකි ය. එහෙත් එය දෙපිළට බෙදී සිටින ධනේශ්වර ජාතිවාදීන් හා ලිබරල්වාදීන් අතර ප්‍රශ්නයක් පමණක් නොවේ.


ඔවුන් මේ සෙල්ලම කරන්නේ රටක අනාගතය සමගයි. කොටි සංවිධානයේ පරාජයෙන් පසු රට තුළ දෙමළ සිංහල සමාජයන් අතර ගොඩනැ‍ඟෙමින් තිබෙන සංහිඳියාව මතයි. 2005දී කොටි සංවිධානයේ ඉල්ලීමට සවන් දුන් දෙමළ ජනයා ජනාධිපතිවරණය වර්ජනය කළහ. 2010දී ඔවුන් කරන දේට දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීම බලපානු ඇත. තමන් කැමති අපේක්ෂකයකුට සහාය දක්වන්නැයි කීම දෙමළ ජාතික සන්ධානයේ හිමිකමකි. එහෙත් ඒ මත පදනම්ව සිංහල සමාජය තුළ භීතියක් නිර්මානය කිරීම ජාතිවාදය වැපිරවීමකි. ජාතීන් අතර භේදයන් නිර්මානය කිරීමකි. එක් ජාතියක් සැක කිරීමට තවත් ජාතියක් පෙළඹවීමකි. මෙය ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, දණ්ඩ නීති සංග්‍රහය, හදිසි නිතිය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මෙන්ම සාමාන්‍ය යුක්තිය යටතේ ද නින්දිත අපරාධයකි.


මෙම සිද්ධියෙන් සතුටු වන තවත් පාර්ශ්වයක් ඇත. එනම්, ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම ඊලම ම පමණකැයි පිළි ගන්නා දෙමළ ජාතිවාදීහු ය. ආණ්ඩුවට සම්බන්ධ සිංහල ජාතිවාදීන් විසින් මෙමගින් දොර ඇර දෙන්නේ මේ වන විට විදෙස්ගත දේශපාලනයට පසුබැස සිටින මෙම බලවේගයටයි. රට තුළ දෙමළ-සිංහල සංහිඳියාවක් නිර්මානය වන කවර හෝ පියවරක් අඩාල වීම ඔවුන්ට ප්‍රීතියකි. කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය වීමත් සමග රට තුළ උදා වී තිබෙන ජාතීන්ගේ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ඇති කර ගැනීමේ අවස්ථාව කඩාකප්පල් කර දැමීම දෙමළ ජාතිවාදීන්ගේ ප්‍රධාන අවශ්‍යතාවකි. එසේම ජාතීන්ගේ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා දීම සිංහල ජාතිවාදීන්ට ද තම ජීවනෝපාය අහිමි කිරීමකි. ඉතිහාසය පුරා ම දෙමළ හා සිංහල ජාතිවාදීන් අතර තිබුණු මේ ගැඹුරු අවබෝධය ලාංකීය ජාතියක් ගොඩනැඟීමටත්, සමාජ සංවර්ධනයටත් තිබුණු ප්‍රධාන ම බාධකයයි.

(ඡායාරූපයේ කෑම මේසයක සිටින්නේ හිට්ලර් හා ‍ගොබෙල්ස් ය.)
 

Dr.Brother

Member
Aug 24, 2008
1,592
31
0
ACBT
owwta kiyanne rata hadanna inna minissun ta hadanda denneth ne hadna miniha hadanneth ne kiyala :p mahinda not supposed to be da president