ෆොන්සේකා-සම්බන්ධන් ගිවිසුම.....!!!!!!
http://w3lanka.blogspot.com/2010/01/blog-post_7114.html
අජිත් පැරකුම් ජයසිංහ-
2004 මහ මැතිවරණයේදී හා 2005 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය පරාජය වීමට ප්‍රධාන ම හේතුවක් වූයේ ඊලම ලබා දීම සඳහා එජාපය හා කොටි සංවිධානය අතර ගිවිසුමක් තිබූ බවට වර්තමාන පාලක පක්ෂයට සම්බන්ධ ජාතිවාදීන් හා අද එයින් ඉවත් වී සිටින ජවිපෙ, මංගල සමරවීර වැනි අය විසින් ගෙන යන ලද ප්‍රචාරයයි. අඩ දශකයකට පසුව පවා මෙම අලි-කොටි ගිවිසුමේ පිටපතක් තවමත් කිසිවකු විසින් හෙළිදරව් කරගෙන නැත. එවැනි ගිවිසුමක් නො පැවති මුත් එසේ තිබිණි යයි ගෙන යන ලද ප්‍රචාරය විසින් එජාපයට කළ හැකි දැවැන්ත ම හානිය කළේය. එපමණක් නොව සාම ක්‍රියාවලිය බිඳ වැටීමට හා විනාශකාරී යුද්ධයකට රට තල්ලු වීමට ද එය එක් හේතුවක් වූ අතර, යුද්ධය හේතුවෙන් විශාල ජීවිත හා දේපල හානියක් සිදු විය. යුද්ධයෙන් රජයේ පාර්ශ්වය ජය ගත් බව සත්‍යයකි. එහෙත් ජනවාර්ගික ප්රශ්නය විසඳී නැත. සිදු වී ඇත්තේ එය අළු යට සැඟවීමක් පමණි. අරමුණක අවසානය විසින් එහි ගමන් මාර්ගය සාධාරණීකරණය කරන්නේ නැත. ලංකාවේ ජාතීන් අතර ප්රශ්නය විසඳීම සඳහා තිබුණු එක ම මාර්ගය මේ විනාශකාරී යුද්ධය නොවේ.
දැන් නැවතත් මැතිවරණ සමයක් එළඹ තිබේ. දෙමළ විරෝධී ජාතිවාදය පැතිරවීම හා රට බෙදන්න යන්නේ යයි භීතියක් නිර්මානය කිරීම සිංහල බහුතර ජනතාවගේ ඡන්ද ලබා ගැනීම සඳහා අත්දුටු, ප්රත්යක්ෂ බෙහෙතක් බව ලංකාවේ දේශපාලකයෝ දනිති. දැන් කොටි සංවිධානය නැත. එහෙයින් අලි-කොටි ගිවිසුමක් වෙනුවට වෙනත් ප්‍රබන්ධයක් ඉදිරියට ගැනීමට ආණ්ඩුවට අවශ්‍ය වී තිබේ.
අදක්ෂ අන්තේවාසිකයන්ගේ අනාථාගාර බවට පත්ව තිබෙන රජයේ මාධ්‍යවල පළ වන වාර්තා විශ්වසනීය නො වන බව ජනතාවට ඒත්තු ගොස් තිබෙන බව දන්නා ආණ්ඩුව ඒ සඳහා උපයෝගී කර ගනු ලැබුවේ ලංකාදීප පුවත්පතේ ස්ථානගත කර සිටින ඉත්තකු වූ ඉරිදා ලංකාදීප කර්තෘ ආරියනන්ද දොඹගහවත්තයි. ඒ අනුව ‘ජෙනරාල් ට දෙමළ සන්ධාන සහාය, අපේ ඉල්ලීම්වලට එකඟ නිසයි’ මැයෙන් පුවතක් එම පුවත්පතේ මුල් පිටුවේ ම පළ වූ අතර ඒ හා සමාන්තරව විමල් වීරවංශ වැනි ජාතිවාදීන් විසින් දෙමළ ජාතික සන්ධානය හා සරත් ෆොන්සේකා අතර ගිවිසුමක් රවි කරුණානායකගේ නිවසේදී නම් නො කරන ලද විදේශ තානාපතිවරුන් දෙදෙනෙකු ඉදිරියේ අත්සන් කරන ලද බව ප්‍රචාරය කිරීම ආරම්භ කරන ලදී. මෙම ගිවිසුමේ අඩංගුවක් පිළිබඳ පැහැදිලි අදහසක් ප්‍රකාශ නො කරන මෙම පිරිස ඉල්ලා සිටින්නේ එය හෙළිදරව් කරන ලෙසයි. මෙම පුවත ප්‍රබන්ධයක් බවට හෙළිදරව් කරන කරුණු මේ වන විට එජාපය විසින් එළි දක්වා තිබේ. එහෙත් දැන් පුවත ප්‍රචාරය වී හමාර ය.
මේ අතර, මෙම මාධ්‍ය මෙහෙයුමට සම්බන්ධ වූ ඇමති සරත් අමුණුගමගේ පවුලට සම්බන්ධ දෙරණ රූපවාහිනිය දෙමළ ජාතික සන්ධානයේ කණිෂ්ඨ මන්ත්‍රීවරයකු වන තුරෛරත්නසිංහම්ගෙන් එවැනි ගිවිසුමක් තිබෙන බව කියැවෙන ප්‍රකාශයක් ලබා ගැනීමට 'සමත්' වී තිබේ. එම ප්‍රකාශය ද එම රූපවාහිනිය විසින් නිතිපතා ප්‍රචාරය කරමින් ඇත.
පසුගිය දිනවල ආණ්ඩුව විසින් ම ප්‍රසිද්ධ කරන ලද එක ම බොරුව පුන පුනා කීමෙන් එය සත්‍යයක් බවට ඒත්තු ගැන්වීමේ ගොබෙල්ස් න්‍යාය දැන් ආණ්ඩුවේ දේශපාලනඥයන් විසින් ප්‍රායෝගිකව භාවිතා කරමින් තිබේ. වසර හයකට පෙර තිබුණේ යයි කී අලි-කොටි ගිවිසුම කිසි කලෙක එළි නො දුටු අන්දමින් ම මෙකී ෆොන්සේකා-සම්බන්ධන් ගිවිසුම ද කිසි කලෙක එළි නො දකිනු ඇත. මන්ද සත්තකින් ම එවැන්නක් නො තිබීමට ඕනෑ තරම් ඉඩ ඇති බැවිනි. තිබුණත් එවැනි ගිවිසුමක තිබෙන වලංගුභාවය කුමක්ද? එහෙත් සරත් ෆොනසේකාගේ මැතිවරණ ප්රචාරක ව්‍යාපාරයට කළ හැකි උපරිම හානිය මෙම ගිවිසුම් කතාව විසින් මේ වන විටත් සිදු කර හමාර ය.