ඉතා සංක්‍ෂිප්තව කිවහොත් ගෝඨාභයගේ විශ්වාසය දිනාගත් ඔහු ජනාධිපති මැතිවරණ වේදිකාවට නගින්නේ ඒ විශ්වාසයට පමණක් නොව රාජපක්‍ෂවරුන්ටද සරදම් කරමින්ය. අවලාද නගමින්ය. ඒ දිනවල ජනාධිපති සටනේ සිටි මහින්ද කිසිම දිනක ෆොන්සේකාට දේශපාලන සරදම් කළේ ද නැත. තම හමුදාපතිවරයා තමන්ට එරෙහිව ඉදිරිපත් වීම ඔහුට වුවමනා නම් වැළැක්‌වීමටද හොඳටම ඉඩ තිබිණි. අද ජනාධිපතිවරයා ෆොන්සේකාගේ සිර දඬුවම අනුමත කිරීම ගැන ජ.වි.පෙ. හා එ.ජා.ප. ය දොස් නගති. එහෙත් එදා ෆොන්සේකාට ඉඩ දුන් බවක් හෝ කිසිවිටෙක ඔවුහු කියත්ද?
රාජ්‍ය සේවය අතහැර
ෆොන්සේකා දේශපාලනයට එන්නේ කුමක් සඳහාද යන්නට අප පිළිතුරු ලබා ගත යුත්තේ මේ පසුබිම තුළය. එහි උපත හා විපත අප බැලිය යුත්තේ ඒ පසුබිම තුළය. දේශපාලනය යනු බලය පිළිබඳ ප්‍රජාතන්ත්‍රවාදී සටනකි. එහි අඳුරු දූෂිත දේවල්ද තිබේ. එහෙත් මේ රටේ දේශපාලනය තුළ එබඳු පිරිසිදු චරිත තිබේද?
රනිල්ගේ දේශපාලන ගුරුවරයා මෙන්ම එ. ජා. ප. නායකයකුවද සිටි ප්‍රථම විධායක ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධනගේ දේශපාලන හැසිරීම් දෙස බලන විට මහින්ද රාජපක්‍ෂ කෙබඳු යහපත් හා සාධාරණ මිනිසෙක්‌දැයි පැහැදිලිය. ඡේ. ආර්. සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියට කළේ කුමක්‌ද? ඇයගේ ප්‍රජා අයිතිය අහිමිකර සිය දේශපාලන ගමන්මඟ ශුද්ධ කර ගැනීමය. ඉන්පසු විජය කුමාරතුංගට කළේ කුමක්‌ද? නැක්‌සලයිට් චෝදනානඟා ඔහු සිර ගෙදරට යෑවීමය. ඒ සියල්ල රනිල්ට මතක තිබිය යුතුය. අමතක නම් හෘද සාක්‌ෂියෙන් අහන්නැයි කීමට අපටද සිදුවේ. එහෙත් ෆොන්සේකා සම්බන්ධයෙන් මහින්ද ක්‍රියා කළේ කෙසේද? ඔහු සමග ද්වන්ධ සටනකට (අනෙක් අපේක්‌ෂකයන් සිටියත් සටන තිබුණේ ඔවුන් දෙදෙනා අතරය) ගොස් විශාල වැඩි ඡන්දයකින් ෆොන්සේකා පරාජය කිරීමය.
මේ දේශපාලන අභියෝග මහින්දට සුපුරුදය. තමා ප්‍රථම වරට ජනාධිපති ධුරයට තරග කරද්දී එවක සිටි ජනාධිපති චන්ද්‍රිකා ඔහුට කළ මදි පුංචිකම් රටට මතකය. චන්ද්‍රිකා බෑ නොකියා කීවේම මහින්ද රටේ නායකත්වයට නුසුදුසු බවකි. චන්ද්‍රිකා සමග සිටි ප්‍රබල ඇමැතිවරු පවා මහින්ද මඟ හරින්ට වූහ. එහෙත් ඔහු ජනාධිපති වී මේ රටේ ඓතිහාසික ගැටලුව විසඳීමටද සමත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස දෙවැනි වර ලක්‍ෂ 18 කට නොඅඩු වැඩි ඡන්දයකින් ජනතාව ඔහුට කෘතිවේදිත්වය පළ කළහ.
අනෙක් අතට දේශපාලනයේ නියම ස්‌වභාවය කුමක් වුවද එහි භාවිතය අමිහිරි බව අප පිළිගත යුතුය. ඡන්ද සටන්වලදී එබඳු දේවල් දේශපාලන ඉතිහාසය තුළද වේ. එහෙත් ෆොන්සේකාට සිදුවූයේ දේශපාලනයකට වඩා ඔහු කළ වැරැදිවලට දඬුවම් විඳීමටය. ඔහුගේ දේශපාලන බොළඳකම් සියල්ල අමතක කළත් ඔහුගේ වෛරයට රාජපක්‍ෂවරුන් ලක්‌වී සිටි බව සැඟවිය නොහැක.
ජනාධිපති සටනින් පරාජය වූ ඔහු පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමට හැකි විය. ඒ සියල්ල සිදු වන්නේද ජනාධිපති මහින්දට මෙන්ම ගෝඨාභයට ද නිර්දය ප්‍රහාර දුන් හා දෙන වාතාවරණයක් යටතේය. ෆොන්සේකාගේ මෙම හැසිරීම දේශපාලන විවේචනයක් ලෙස පිළිගත නොහැක. මහින්ද විවේචනය කරන රනිල් කිසිවිටෙක මෙබඳු අඩියටක ඇද වැටුණේ නැත. ඔහු අරලියගහ මැඳුරට ගොස් කෝපි බී එළියට පැමිණ මහින්ද විවේචනය කරන බව වරක් කියා තිබිණි. එහි ඇත්තේ දේශපාලනයකි. එහෙත් ෆොන්සේකාත් ඔහු වටකර ගත් අයත් ඒ දේශපාලනය අමතක කළ බව පෙනේ. ඇත්තටම ෆොන්සේකාගේ හිර දඬුවමට ඔහු ලක්‌වන්නේ කිසිම දේශපාලන චෝදනාවක් අනුව නොවේ.
දැන් එ. ජා. පයට හා ජ. වි. පෙ ට ජනතාව ඉදිරියට යැමට අලුත්ම සටන් පාඨයක් ලැබී තිබෙනු විය හැකිය. ෆොන්සේකා නිදහස් වීම යනු එක් අතකින් අද ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාරවලටද හානියකි. එහෙත් ඔවුන් විසින් කළ යුත්තේ ෆොන්සේකා පිළිබඳවූ මානුෂික දෘෂ්ටියකින් බලන ලෙස රජයට බලපෑම් කිරීමය දැනටමත් රජයෙන් ඒ සඳහා ඉතා පැහැදිලි සංඥවක් නිකුත් වී තිබේ. මෙම සටහන ආරම්භයේදීම අප උපුටා දැක්‌වූ ගෝඨාභයගේ ප්‍රකාශය එයට සාක්‌ෂිය. ඕනෑම අපරාධකරුවකුට ජනාධිපති සමාව දීමට බාධාවක්‌ද නැත. ෆොන්සේකාගේ පවුලේ උදවිය ද කල්පනා කළ යුත්තේ ඒ පිළිබඳවය.
ෆොන්සේකාටද තමන් කළ කී දේවල් හා තමන්ගේ භූමිකාව පිළිබඳ හෘදය සංවාදයක යෙදිය හැකිය. පුහුදුන් මිනිසකු ලෙස සිදුවන වැරැදි අප කාටත් පොදුය. තමන් පිළිබඳ අධිතක්‌සේරුව, සමාජය තුළින් අපේක්‍ෂා කරන වීරත්වයේ කිරුළ බොහෝ විට හොඳට වඩා නරකට බලපාන බවද උපේක්‌ෂාවෙන් බලන විට පෙනේ. අද අනෝමාගේ මුවින් පිටවන්නේ "දණින් වැටී ජීවත්වීමට වඩා දෙපයින් සිට මිය යැම උතුම්ය" වැනි එදා ජ. වි. පෙ. තරුණයන්ට ලබා දුන් ආකර්ෂණීය සටන් පාඨ බවද පෙනේ. ඒවාට අත්පුඩි ගසන ඇයද තවමත් සිටිති. එහෙත් මේ ඊට වඩා වෙනස් තත්ත්වයකි. බුද්ධියෙන් හා ඉවසීමෙන් මේ අවස්‌ථාවට මුහුණදීම අනෝමාගේ වගකීමකි. ඇයට ඒ සඳහා ධෛර්යදීම ඇය වටා සිටින අයගේ යුතුකමකි. වගකීමකි.
එදා මහත්මා ගාන්ධි විසින් කරන ලද අගනා ප්‍රකාශයක්‌ද අපට මෙහිදී සිහිපත් වේ. එනම්" අසීමිත ලෙස සමාව දීම දුබලයන්ට කළ නොහැක" යන්නයි. ජනාධිපති මහින්ද යනු දේශපාලන බලහත්කාරකම් වලින් මෙල්ල කළ හැකි චරිතයක්‌ද නොවේ. සිය දේශපාලන භූමිකාව තුළ ඔහු නැඟී සිටියේ ගමන දැන ගිය නායකයකු ලෙසය.
පසුගියදා ජගත් සමුළුව ඇමතීමට නිව්යොර්ක් බලා ගිය ගමනේදී ජනාධිපති මහින්ද හූස්‌ටන්වලට ගොස් එරට සිටින ශ්‍රී ලාංකිකයන් ද හමුවිය. ජාතික වගකීම හා ජාතික හැඟීම් පිළිබඳ කතා කළ ඔහුට එහි සිටි දෙමළ ජාතික නීතීඥයෙක් අපූරු කතාවක් කීවේය. එනම් "ඔබතුමා දුටුගැමුණු කෙනෙක් මා දෙමළ ජාතිකයකු වුවත් දුටුගැමුණු වැනි යුක්‌ති ගරුක ධාර්මික රජකෙනෙකුට ගරු කරනවා. ඒ ඉතිහාසය මටත් ආඩම්බරයි. ඔබතුමාට යළි දුටුගැමුණු යුගයක් අපට නිර්මාණය කර දෙන්න පුළුවන්. ඒ ශක්‌තිය ඔබට තිබෙනවා."
අප මෙහි දෙමළ ජාතික යන්න විශේෂයෙන් දැක්‌වූයේ එහි අගය වඩාත් අවධාරණය කිරීමටය. එසේනම් මහින්දට මේ දේශපාලන මූග්ධකම් හා දේශපාලන වෛරයට ප්‍රබුද්ධ හා උපේක්‌ෂා සහගත ප්‍රතිචාරයක් දැක්‌වීමට බාධාවක් නැත. කුමක් වුවත් මෙහිදී "අනෙ එ විපත සිදුවිණි නොදනිමු කාගෙ දොසා"යෑයි අපි නොකියමු.

Last edited: