ෆොන්සේකා_සාධකය

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ෆොන්සේකා_සාධකය

ෆොන්සේකා සාධකය



2bebd80f75f0331784561f5ff4b90f6e_M.jpg


යුද්ධයේ අවසාන අදියරේ අත්ඩංගුවේ පසු වූ පුද්ගලයන් ආරක්‍ෂා කිරීම සහ යුද පෙරමුණට සැපයුම් කටයුතු භාරව සිටි හිටපු යුද හමුදාපති ජනරාල් ජගත් ජයසූරිය අපරාධවල නියැලී සිටි බවත් තමන් ඒ සම්බන්ධයෙන් සාක්‍ෂි දෙන බවටත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසා ඇත​.


සරත් ෆොන්සේකා යනු අති දක්‍ෂ යුද සොල්දාදුවෙකි. ඔහු ජෙනරාල් පැටර්න් වැනි චරිතයක් බව වටහා ගත යුතුය​. ඊලාම් යුද්දයෙන් ප්‍රභාකරන්ව පරාජය කිරීම සඳහා එක් ප්‍රධාන හස්තයක් වූයේ ජෙනරාල් සරත් ෆොන්සේකාය​.


සරත් ෆොන්සේකා යනු දීර්ඝ කාලයක් යුද අත්දැකීම් වලට නිරාවරණය වීම නිසා යුද අාතතියේ ලක්‍ෂණ පෙන්වන්නෙකි. ඔහු තුල පවත්නා හදිසි කෝපය​, චිතාවේගී අසමබරතාව, පලි ගැනීමේ යොමුව සියල්ලම සඳහා හේතුව ලෙස මෙම පශ්චාත් වියසන ක්ලමථ (PTSD) ලක්‍ෂණ බව පෙන්වා දිය හැකිය​. ඔහුව අසාධාරණ ලෙස සිරගත කිරීම පිලිබඳව ඔහු එහි නිර්මාපකයන්ට කිසිසේත් සමාව නොදෙයි. මේ නිසා ඉදිරි කාලයේදී අන්තර්ජාතික තලයේදී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා විසින් පෙර නොවිරූ පරිදි ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටි සමහර උසස් නිලධාරීන්ට මෙන්ම එවකට සිටි ආරක්‍ෂක ලේකම්වරයාට විරුද්ධව කටයුතු කරනු ඇත. ෆොන්සේකා සාක්‍ෂි සහිතව ඔහුගේ ප්‍රතිවාදීන් හිර කරනු ඇත​. ඔහු කාටවත් සවන් නොදෙන්නෙකි. ඔහුගේ ඊගෝව (ego) අති ප්‍රබලය​. එය මෙහෙයවන්නේ ඔහුගේ ආඝාතය (hatred) විසිනි.




වෛද්‍ය රුවන් එම් ජයතුංග
 

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මනුෂ්‍යත්වයේ නාමයේ මොකාට මොන ආඝාත තිබුණත් නැතත් සත්‍යය කවදා හෝ එළි විය යුතුයි
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මේ මනුස්සයව මේ තත්වෙට පත් වෙන්න අසාධාරණව සිරගත කරපු අයත් මේවට වගකියන්න ඕනෙ
 

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
සරත් ෆොන්සේකා ගැන කල විග්‍රහය 100% නිවැරදියි. ඒවගේම සරත් ෆොන්සේක, මහින්ද ගෝඨාබය වගේම ජගත් ජයසූරිය ල ගැන කියන දේවල් සාක්ෂි ඇතුවම කියනවනම් ඒකත් හරි. ජගත් ජයසුරිය ල වගේ අයගෙ හොඳම විහිලු කතා තමයි ඒ දවස්වල යුද්දෙ දිනන්න ඔක්කොම කලේ මහින්ද සහ ඝෝට කිව්ව. දැන් තමුන්ට අපරාධ චෝදනා සාක්ෂි සහිතව එනකොට යුද්දෙට අණ දුන්නෙ සරත් ෆොන්සේක කියනව. 😂😂😂😂..

මහින්ද මාමිත් චුට්ටක් විතර බය වෙලා.