ෆොනී ගෝඨාට පිණ්සෙන්ඩු වෙයි..............
ජනාධිපති අපේක්‍ෂක සරත් ෆොන්සේකා එක්තරා ආගමික නායකයතුමකු මඟින් තමන්ට නිදහසේ ජීවත් වීමට ඉඩකඩ ලබා දෙන ලෙස ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ වෙතින් ඉල්ලීමක් කර තිබේ. මෙම ආගමික නායකතුමා මෙකී ඉල්ලීම ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂට දන්වා ඇත්තේ ඊයේ (27) ය. ‘‘කියන ඕනම දෙයක් කියන්නම්. මට කරදරයක් නැතිව ඉන්න දෙන්න.’’ යනුවෙන් ඔහු ඉල්ලා සිටි බව ආගමික නායකතුමන් විසින් ආරක්‍ෂක ලේකම් වරයාව දැනුවත් කර ඇත.
ඔහුට ආරෂාව පිළිබඳ තර්ජනයක් රජයෙන් නොපවතින බව දන්වා ඇති ආරක්‍ෂක ලෙකම් වරයා, ඔහු රටේ නීතියට අනුව කර තිබෙන වැරදි සම්බන්ධයෙන් තමන්ට බලපෑමක් කල නොහැකි බවද අදාල ආගමික නායකතුමන්ට දන්වා ඇත.
සරත් ෆොන්සේකා විසින් එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී දොස්තර ජයලත් ජයවර්ධනගේ දුරකථනයෙන් මෙම ආගමික නායකතුමන්ව අමතා තිබේ. එම ආගමික නායකතුමන්ද ආරක්‍ෂක ලේකම්වරයාට අදාල පණිවුඩය දැන්වීමට පමණක් කටයුතු කර ඇත.