ෆොරෙක්ස් කියන්නෙ සූදුවක්ද

20_18

Member
Feb 27, 2018
1,297
45
0
forex kiyanne suuduwak nam share market eke invest karana ekath suuduwak

එහෙම නෙමේ මම කිව්වෙ.. ෆොරෙක්ස් වලින් කට්ටිය ප්‍රොෆිට් ගන්නෙ ලොස්ට් වෙන අයගෙ සල්ලිද :sorry:

ෂෙයා මාර්කට් එකේ එහෙම ලොස් වෙන්නෙ නෑනෙ :confused:
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිතිගත සූදුවක් වෙන රටවල...ලකාවෙනම් නිතියෙන් තහනම්..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    forex kiyanne suuduwak nam share market eke invest karana ekath suuduwak

    ෆොරෙක්ස් මාර්කට් එකයි ශෙයා මර්කට් එකයි කියන්නෙ දෙකක් එකක් නෙමේ,පටලෝ ගන්ඩ එපා..
     

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    ෆොරෙක්ස් මාර්කට් එකයි ශෙයා මර්කට් එකයි කියන්නෙ දෙකක් එකක් නෙමේ,පටලෝ ගන්ඩ එපා..

    mokakda wenasa
     

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    ෂෙයා මාර්කට් එකේ ප්‍රොෆිට් වෙන්නෙ ව්‍යාපාර ලබන ලාභය
    කාගෙවත් නැතිවෙච්ච සල්ලි නෙමේ...

    එතකොට ෆොරෙක්ස් වල එහෙම ඉපයීමක් වෙනවද?
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ෂෙයා මාර්කට් එකේ ප්‍රොෆිට් වෙන්නෙ ව්‍යාපාර ලබන ලාභය
    කාගෙවත් නැතිවෙච්ච සල්ලි නෙමේ...

    එතකොට ෆොරෙක්ස් වල එහෙම ඉපයීමක් වෙනවද?

    dividend gewanne na ban hama company ekama ehema :no:

    eketh karanne kohoma hari wena invester kenekta ube stocks deela ube salli ganna eka thamai saralawama godak welawata :yes:
     

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    සොයන්නා;23181989 said:
    කොටස් වෙළඳ පොළේ දී මුදල් ඉපයීමක් වෙන්නේ ලාභාංශ ගෙවීමේදී විතරයි.... :)

    සාමාන්‍ය ක්‍රමයට කොටස් මිලදී ගැනීම විකිණීම එනකොට අනිත් කෙනෙක් පාඩු ලබපු මුදලක් තමයි වෙන කෙනෙක් ලාභ ලබන්නේ.... :):)

    මෙතන ලාභාංශ කියල දෙයක් තියෙනවනෙ, එතකොට ෆොරෙක්ස් වල :confused:
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,885
    17,940
    113
    සොයන්නා;23181989 said:
    කොටස් වෙළඳ පොළේ දී මුදල් ඉපයීමක් වෙන්නේ ලාභාංශ ගෙවීමේදී විතරයි.... :)

    සාමාන්‍ය ක්‍රමයට කොටස් මිලදී ගැනීම විකිණීම එනකොට අනිත් කෙනෙක් පාඩු ලබපු මුදලක් තමයි වෙන කෙනෙක් ලාභ ලබන්නේ.... :):)

    No you're wrong. The stock market isn't a zero sum game. One doesn't need to lose money for another to make money
     

    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    ෆොරෙක්ස් මාර්කට් එකයි ශෙයා මර්කට් එකයි කියන්නෙ දෙකක් එකක් නෙමේ,පටලෝ ගන්ඩ එපා..


    Dekak kiwatama... ?? .... Company wala kotas tama ශෙයා මර්කට් eke vikinenne .. metanadai mila wedi unoth vikunala laba ganna puluwan.. mila adu unoth padui.... namuth ෆොරෙක්ස් මාර්කට් eke wenne mudal warga dekka atara adu wedi wima mata laba padu ganna eka... mekedi apita watinakama adu unath wedi unath laba ganna puluwan ..Buy or sell krla..
     

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    සොයන්නා;23182048 said:
    සරල උත්තරය ඔව් කියලා කියන්න පුළුවන්.... :)

    හැබැයි ලෝකයේ බැංකු අතර හුවමාරු වෙන හැම මුදල් හුවමාරුවක්ම ලාබ බලාගෙන සිදුකරන මුදල් හුවමාරු නෙවෙයි....

    නිකමට හිතන්න apple company එකට samsung company ඒකෙන් ගත්ත mobile displays oder එකකට සල්ලි ගෙවන්න ඕන වුණා කියලා....

    එතකොට ඒ විශාල මුදල් ප්‍රමානය හුවමාරු වෙන්නේ අන්තර් බැංකු පද්ධතිය හරහා ඒ කියන්නේ අපි දන්න Forex Market එක හරහා

    එතනින් ගියාම සංචාරකයෝ කරන මුදල් හුවමාරු ඒවත් ලාබ බලාගෙන කරන මුදල් හුවමාරු නෙමෙයි

    විශේෂයෙන් පොලී අනුපාත සැලකිල්ලට අරගෙන දීර්ඝ කාලීන ආයෝජකයෝ සිදුකරන මිලදී ගැනීම් හෝ විකිණීම වලින් තමයි සුළු ආයෝජකයෝ මුදල් උපයන්නේ

    අනිත් ප්‍රශ්නය.... forex කියන්නේ සූදුවක්ද

    මගේ වැටහීම අනුව නම් forex කියන්නේ සූදුවක් නෙවෙයි....

    Forex සූදුවක් ගණයට වැටෙනවා නම් ලෝකෙ තියෙන ගොඩක් ආයෝජන ක්‍රම සූදුවක් වෙනවා....

    අනිත් එක උඹ forex කරන්න හිතාගෙන ඉන්නවනම් ඔව්වා සත පහකට වැඩක් නෑ කරන මිනිහා ඔව්වා ගැන හොයන්නෙත් නෑ :P:P

    :):cool:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    මෙතන ලාභාංශ කියල දෙයක් තියෙනවනෙ, එතකොට ෆොරෙක්ස් වල :confused:

    forex වලට එහෙම දෙයක් තියනවා....

    ඒකට කියන්නෙ currency swap එක කියලා..:)

    ඔය currency swap එක බලාගෙනම trade කරන අයත් ඉන්නවා... :eek::eek:

    සාමාන්‍ය අපි වගේ අයට normally currency buy and selling තමයි ලාභ වැඩිම
     

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    සොයන්නා;23182073 said:
    forex වලට එහෙම දෙයක් තියනවා....

    ඒකට කියන්නෙ currency swap එක කියලා..:)

    ඔය currency swap එක බලාගෙනම trade කරන අයත් ඉන්නවා... :eek::eek:

    සාමාන්‍ය අපි වගේ අයට normally currency buy and selling තමයි ලාභ වැඩිම

    මචං මම සූදුවක් කිව්වෙ මේ වගේ අර්ථයකින්

    අවුරුදු කාලෙට කට්ටිය කැට ගහන්නෙ. ඒවයෙ කෙනෙක්ට ලැබෙන්නෙ කාගෙහරි නැති වෙන සල්ලිනෙ.. ආර්ථිකයට වටිනාකමක් බිහි වෙන්නෙ නෑනෙ.. ඉපයීමක් නෑනෙ. රස්සාවක් කරල හම්බකරනව වගේ නෙමේනෙ..

    උඹ ඔය කියන දේවල්වලින් මම ගොඩක් දේවල් දැනගත්ත තෑන්ක්ස් මචං

    අපි හිතමු අපි ඩොලර් 100ක් අරං තියං පස්සෙ ඒක ආයෙ විකුණල සල්ලි ගන්නව කියල. ඒ වගේ දෙයක්නං සූදුවක් නෙමේ. ඒත් ඇයි ෆොරෙක්ස් කරද්දි දිගටම බලන් ඉන්ඩ බැරි.. පහළ ගිහින් ලිමිට් එකකට ගියාට පස්සෙ එක පාර ඔක්කොම ලොස්ට් වෙනව. ආයෙ උඩට එනකං තව බලං ඉන්ඩ පුලුවන්නෙ.. ඕව තමා මට තේරෙන්නෙ නැත්තෙ..
    බැංකු ගැනුම් මිල විකුනුම් මිල කියල දෙකක් දාගෙන ඒ වෙනසින් සල්ලි හොයනව..
    ඔය වගේ සිරා සීන් වගේකුත් තියෙනව නේද.. මම සූදුවක් කිව්වට :lol:
     
    Last edited:

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    No you're wrong. The stock market isn't a zero sum game. One doesn't need to lose money for another to make money

    One doesn't need to lose money for another to make money ඒක තමා මම අහන්නෙ :yes:

    ෆොරෙක්ස්වල බයි කරල හරි සෙල් කරල හරි වෙලඳ පොල වෙනස් වුණාම ලාභයක් ගන්නව.
    එතකොට අපිට ලැබෙන්නෙ ඒ වාසිය නෙමේද?

    අපිට ලැබෙන්නෙ ලොස්ට් වෙන කෙනාගෙ සල්ලි කියන්නෙ ඇයි?
     

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    සොයන්නා;23182145 said:
    විකුණන්න නම් ගන්න කෙනෙක් ඉන්න ඕනෑ....

    ගන්න නම් විකුණන්න කෙනෙක් ඉන්න ඕන...

    මොකක් හරි share එකක් මිල බහිනකොට කට්ටිය එක දිගට sell කරන්න පටන් ගත්තම buy කරන කට්ටිය buy කරන්නේ පාඩුවට sell කරන මිනිස්සුන්ගෙ සල්ලි

    හැමෝම shares විකුණන්නෙ නැතුව තියාගෙන හිටියොත් market එක හෙලවෙන්නෙ වත් නෑ

    මුදල් හුවමාරුවක් වෙන්නේ නෑ

    forex වලදී පාඩු ලබමින් තියන් ඉන්න බැහැ මොකද ලොකු laverage අරගෙන තියෙන නිසා පාඩු පැත්තට යනකොට එකවුන්ට් එකෙන් loss වෙනවා

    share market එකේ ගොඩක් අය 1:1 average තියන අය නිසා පාඩු වුණත් එකවුන්ට් එකෙන් loss වෙන්නේ නැතුව තියාගන්න පුළුවන්



    ඩොලර් 100කින් පටන් ගන්න එකාට වඩා 1000කින් පටන් ගන්න එකාට අවදානම අඩුයි

    උඹ කියන විදියට leverage එකත් පොඩියට තියාගන්න තරමට හොඳයි නේ.. :)