AC වලට වායු සමීකරණ කියන්නෙ ඇයි?

ChamodhK

Well-known member
  • May 22, 2022
    2,068
    2,385
    113
    22
    සමීකරන කියන්නෙ සමාන කිරිම අදහස වෙන්න බෑ නේද?
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,883
    113
    AL වලදි ගනං හදනවා නේද AC වැඩ කරන සමීකරණ ටික ගැන
    ඒ AC වැඩකරන හැටි පැහැදිලි කරන්නෙ සමීකරණ වලින් නිසා තමයි එහෙම කියන්නෙ
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,976
    54,572
    113
    Colombo
    වායු සමීකරණ තියෙන්නෙ physics වල.

    වායු සමන තියෙන්නෙ කඩේ
     
    • Love
    Reactions: ChamodhK

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,101
    113
    සමීකරන කියන්නෙ සමාන කිරිම අදහස වෙන්න බෑ නේද?
    ලංකාවෙ හුකන්නාලගෙ නම් කිරීම් ගැන ප්‍රශ්න කරන්න යන්න එපා, ගිහින් පොඩ්ඩක් IT සිංහල සිලබස්/පොත් බලපන්. උඹට බඩ යයි 🥴 🥴
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,078
    5,335
    113
    May be I guess "වායුව සමකරණය" turning into a වායු සමීකරණය
    බාහිර පරිසරයේ වාතය කුමන මට්ටමක තිබුණත්, එය කාමරය තුළදී අපට අවශ්‍ය නිශ්චිත සහ ස්ථාවර මට්ටමකට පත් කරන නිසා එහෙම කියන්න ඇති
     
    • Love
    Reactions: ChamodhK

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,068
    2,385
    113
    22
    ලංකාවෙ හුකන්නාලගෙ නම් කිරීම් ගැන ප්‍රශ්න කරන්න යන්න එපා, ගිහින් පොඩ්ඩක් IT සිංහල සිලබස්/පොත් බලපන්. උඹට බඩ යයි 🥴 🥴
    මට ඒවයෙ ලොකු අවුලක් පේනනේ නෑනේ 😊

    May be I guess "වායුව සමකරණය" turning into a වායු සමීකරණය
    බාහිර පරිසරයේ වාතය කුමන මට්ටමක තිබුණත්, එය කාමරය තුළදී අපට අවශ්‍ය නිශ්චිත සහ ස්ථාවර මට්ටමකට පත් කරන නිසා එහෙම කියන්න ඇති
    මේකනම් හරි වගේ 🤩
    ------ Post added on Apr 4, 2026 at 9:19 AM
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,816
    1
    58,075
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    "වායු සමීකරණය" යන වචනය නිර්මාණය වී ඇත්තේ ඉංග්‍රීසි භාෂාවේ Air Conditioning යන පදය පදනම් කරගෙනයි. මෙය වචන දෙකක එකතුවෙන් සෑදුණු පාරිභාෂික ශබ්දයකි.

    එය විශ්ලේෂණය කර බැලූ විට:

    1. පද නිරුක්තිය​

    • වායු (Air): වාතය යන්න සඳහා භාවිත වන තත්සම (සංස්කෘත) වචනයයි.
    • සමීකරණය (Conditioning): මෙහිදී 'සමීකරණය' යන්න ගණිතමය අර්ථයට වඩා වෙනස් අර්ථයකින් භාවිත වේ. "සම" (සමාන/නිසි මට්ටමකට පත් කිරීම) + "කරණය" (කිරීම) යන පද එක්වී යම් දෙයක් අවශ්‍ය නිසි තත්ත්වයකට පත් කිරීම යන අදහස ලබා දෙයි.

    2. අර්ථය ගොඩනැඟුණු ආකාරය​

    ඉංග්‍රීසි බසින් Conditioning යන්නෙන් අදහස් කරන්නේ යම් දෙයක ගුණාත්මකභාවය හෝ තත්ත්වය පාලනය කිරීමයි. වායු සමීකරණ යන්ත්‍රයකින් සිදු කරන්නේ කාමරයක් ඇතුළත ඇති වාතයේ:

    • උෂ්ණත්වය (Temperature)
    • ආර්ද්‍රතාවය (Humidity)
    • පිරිසිදුකම (Cleanliness)
    යන සාධක පාලනය කර මිනිසාට හෝ යන්ත්‍ර සූත්‍රවලට හිතකර නිසි මට්ටමකට (Condition) පත් කිරීමයි. ඒ අනුව, "වාතය නිසි තත්ත්වයකට පත් කිරීම" යන්න කෙටියෙන් "වායු සමීකරණය" ලෙස සිංහල පාරිභාෂික ශබ්ද මාලාවට එක් විය.


    විශේෂ කරුණක්:​

    මෙම වචනය මුලින්ම සිංහල භාෂාවට හඳුන්වා දෙන ලද්දේ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව වැනි ආයතන හරහා තාක්ෂණික ශබ්දකෝෂ සම්පාදනය කිරීමේදීය. අද වන විට මෙය පොදු ව්‍යවහාරයේදී "AC එක" ලෙස කෙටියෙන් හැඳින්වුවද, නිල ලේඛනවල භාවිත වන්නේ මෙම පදයයි.

    මම ගාමිණී
     
    • Love
    Reactions: ChamodhK

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,101
    113
    මට ඒවයෙ ලොකු අවුලක් පේනනේ නෑනේ 😊


    මේකනම් හරි වගේ 🤩
    ------ Post added on Apr 4, 2026 at 9:19 AM
    🥴 🥴
    • Computer - පරිගණකය (Pariganakaya)
    • Hardware - දෘඩාංග (Drudanga)
    • Monitor/Display - තිරය / සංදර්ශකය (Thiraya / Sandarshakaya)
    • Keyboard - යතුරුපුවරුව (Yathurupuruwara)
    • Mouse - මූසිකය (Moosikaya)
    • CPU (Central Processing Unit) - මධ්‍ය සැකසුම් ඒකකය (Madya Sakesum Ekakaya)
    • Motherboard - මව්පුවරුව (Mawpuwaruwa)
    • RAM (Random Access Memory) - සසම්භාවී ප්‍රවේශ මතකය (Sasambhavi Prawesha Mathakaya)
    • Hard Disk Drive (HDD) - දෘඩ තැටිය (Druda Thatiya)
    • Solid State Drive (SSD) - ඝන තත්ත්ව ධාවකය (Ghana Thathwa Dhawakaya)
    • Power Supply Unit (PSU) - බල සැපයුම් ඒකකය (Bala Sapuyum Ekakaya)
    • Graphics Card/GPU - රූපක කාඩ්පත / චිත්‍රක සැකසුම් ඒකකය (Rupaka Cardpata / Chithraka Sakesum Ekakaya)
    https://dh-web.org/place.names/tech2sinhala.html
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,749
    14,984
    113
    Sameekarana kiyanne samana lakunakin depaththa samana wuna ewata.
    Vayu sameekarana kiyanneth ube expected level temperature and actual environment temperature equal karana machine ekata :dull:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,219
    113
    Air Conditioner කියන එක සිංහලට පෙරළුවා නන් එන්නේ වායු සකසනය කියලා.

    ඒත් මෙතන අදහස වාතය සමාන කරනවා balance කියන අදහස.

    ගණිත සමීකරණවල කරන්නෙත් ඕකනෙ දෙපැත්ත balance කරලා.