ෆොරෙක්ස් ලාභ පෙන්නමු ( Magic Trick )
කොහොමද report එක. දැක්කම හිත පිරෙනව නේද ? මේ විදියේ trading history ඇතැම් අය share කරනවා ඔයාල දැකල ඇති. විශේෂයෙන් ෆොරෙක්ස් සිග්නල් දෙන අය මේ විදියේ report වලින් තමන්ගෙ සාර්ථකත්වය පෙන්නල තමයි අලුත් සාමජිකයන් තමන් වෙත ආකර්ශනය කරගන්නෙ. ඉතා කලාතුරකින් කෙනෙක් මේ විදියට ලාභ ලැබුවත් ෆොරෙක්ස් කියන්නෙ මේ විදියට ලාභ ලබන්න බැරි දෙයක්. එහෙනම් කොහොමද මෙයාල මේ විදියට report එකක් හදන්නෙ? හොදයි දැන් බලමු මේක කරන්නෙ කොහොමද කියල.
1. මේ සදහා අලුතින් demo account එක්ක හදාගන්න.
2. Bollenger Band, MACD, RSI... වැනි සාමාන්‍යයෙන් භාවිතා වන indicator එකක් chart එකට දමාගන්න. මේ උදාහරණය සදහා අපි Bollenger Bands යොදාගමු.
3. දැන් ඔයාල trade කරන වෙලාවට ගැලපෙන currency pairs කිහිපයක් තෝරා ගන්න. ( New York Season එක නම් EURUSD, USDCAD, USDCHF ...etc )
4. මේ Currency Pair එකක් 5 minutes හෝ 15 minutes chart එකකට දාගෙන market එක Bollenger Band වල එක් කෙලවරකට ගමන්කරන තුරු සිට buy එකක් සහ sell එකක් එකවර දමන්න.
5. මෙසේ දැමූ trade දෙකට අදාළ අංක chart එකේ දර්ශනය වේ. එසේ නැත්නම් terminal එකෙන් අදාළ trade numbers සොයාගෙන සටහන් කර ගන්න.
6. ඉහත දැමූ trades දෙකෙන් එකක් සැලකියයුතු ලාභයක් ලැබෙන තුරු රැදී සිට ලාභය ලැබූ trade එක පමණක් close කරන්න. ( මෙහි පාඩු ලැබූ trade එක කුමන හේතුවක් නිසා හෝ close නොකරයි. ඒ නිසා එහි trade number එක සටහන් කරගෙන තිබීම ඉතා වැදගත්) Take Profit Hit වී ඇති බව පෙන්වීමට අවශ්‍ය නම් දැනට Market එකේ අගයට ආසන්න අගයකට Take Profit තබා එම රේඛාව price එකේ වැදෙන පරිදි පහළට හෝ ඉහලට ඇදගෙන යන්න.
7. මේ ආකාරයට විවිධ කාල පරාසයන් තබාගෙන එක් එක් Currency Pairs සදහා ඉහත ක්‍රමය අනුගමනය කරන්න. මේ අතර ස්වාභාවික බව පෙන්වීම සදහා trade දෙකෙන් පාඩු trade එක යම් යම් ස්ථාන වලදී close කරන්න. එසේත් නැත්නම් ඉහත Take Profit සිදුකළ ආකාරයට Stop Loss ලබාගන්න.
8. Trade report එකේ පෙන්වීම සදහා ප්‍රමාණවත් trades සංඛ්‍යාවක් මේ ආකාරයට close කරගත් පසු terminal එකේ Account history වෙත යාමෙන් ඉහත ආකාරයේ trade report එකක් ලබාගත් හැකිය.
වෙනත් දින වලදී trades close කර තිබේනම් Account history වෙත ගොස් එහි right click කර එහි ඇති Custom Period වෙත යන්න. එහි from යන ස්ථානයට ඔයා trade කල දිනයට කලින් දිනය සහ to යන ස්ථානයට ඔයා trade කල දිනයත් ලබා දී "Ok" කරන්න. එසේම ජංගම දුරකථන සදහා ඇති mt4 ඇප් එක මගින්ද ඉහත report එකම ඉතා පහසුවෙන් screen shots ආකාරයට ලබාගන්නට පුලුවන්.
මෙහිදී කිසිම විටෙකවත් terminal එකේ තිබෙන "Trade" ටැබ් එක හෝ අදාල trades open කරන ලද charts නොපෙන්විය යුතුය. එසේ වුවහොත් දැනට close නොකර ඇති trades තිබෙන බව හසුවේ. එසේම Equity අගයද නොපෙනෙන පරිදි අදාල screen shots ලබාගත යුතුය. Trade reports සදහා report indicator භාවිතා නොකර terminal එක පමණක් භාවිතා කරීමෙන් විශ්වාසය වැඩිවේ. Indicator භාවිතා කරන්නේ නම් එහි closed trades පමනක් දර්ශනය වන ආකාරයට වෙනස් කරගන්න.
වැඩේ කරන්නෙ කොහොමද කියල දැන් තේරුම් ගන්න පුලුවන් ඇති කියල හිතනව.
ඇත්තෙන්ම මේ thread එකේ අරමුණ වංචනිකයන්ට හසුවෙලා තමන්ගෙ මුදල් නැතිකරගන්න යන අය ඒකෙන් මුදවා ගැනීම. මම කියන්නෙ නෑ හැමෝම වංචා කරනව කියල. ඒත් බොහොමයක් ඒ විදියට තමයි මිනිස්සු මුලා කරන්නෙ. ඉතින් ඔයාල දැන ගන්න ඕන මේ වගේ දේවල් වලට රැවටෙන්නෙ නැතිව තමන්ට signal දෙන කෙනා ඇත්තටම සාර්ථකද නැත්ද කියල හොයාගන්න. ෆොරෙක්ස් කරන්න එන 90%ක් loss වෙනව කියල ඔයාල අහල ඇති. ටිකක් හිතල බලන්න ඒ සාර්ථක වෙන 10%නුත් වැඩි ප්‍රමාණයක් බැංකු සහ වෙනත් දැවැන්ත මුදල් ආයෝජකයන්. ඉතින් අපි වගේ සාමාන්‍ය අයට සාර්ථක වෙන්න තියෙන්නෙ මොනතරම් පොඩි අවස්ථාවක්ද? ඉතින් මේ තරම් සාර්ථක වෙන්න අපහසු දෙයක් කරනව නම් ඒක මොනතරම් කැපවීමෙන් උපක්‍රම ශීලීව කරන්න ඕනද. පහළ තියෙන ක්‍රම අනුගමනය කිරීමෙන් අමාරුවේ වැටෙන්නෙ නැතිව තමන් කරන්නට යන දේ හරියනවද නැත්ද කියල බලන්න පුලුවන්.
1. ෆොරෙක්ස් ඉගෙන ගැනීම සදහා කිසිම කෙනෙකුට හෝ ආයතනයකට මුදල් ගෙවීමෙන් වලකින්න
2. මොන තරම් සාර්ථක forex trading system එකක් වුනත් අඩුම මාස හයක් වත් demo account එකකින් කරල සම්පූර්ණ කාලයේදී තමන්ට සාර්ථක වෙන්න පුලුවන් නම් පමණක් real account එකක් හදන්න.
3. මොන තරම් හොද signal දෙන කෙනෙක් වුනත් ඒක සැලකියයුතු කාලයක් demo account එකක පරීක්ෂා කරල බලන්න.
4. එකම ආදායම් මාර්ගය ලෙස forex භාවිතා නොකරන්න.
5. ආයෝජනය කිරීමට අතිරික්ත මුදල් නොමැතිව ෆොරෙක්ස් කිරීමට යාමෙන් වලකින්න
මේක මගේ පලවෙනි ත්‍රෙඩ් එක
මම හිතෙනවා වංචා කාරයන්ට හසුවෙලා අමාරුවේ වැටෙන්නෙ නැතිව ෆොරෙක්ස් කරන්න සුලුවෙන් හෝ දැනුමක් ඔයාලට මේකෙන් ලැබෙන්න ඇති කියල.
කොහොමද report එක. දැක්කම හිත පිරෙනව නේද ? මේ විදියේ trading history ඇතැම් අය share කරනවා ඔයාල දැකල ඇති. විශේෂයෙන් ෆොරෙක්ස් සිග්නල් දෙන අය මේ විදියේ report වලින් තමන්ගෙ සාර්ථකත්වය පෙන්නල තමයි අලුත් සාමජිකයන් තමන් වෙත ආකර්ශනය කරගන්නෙ. ඉතා කලාතුරකින් කෙනෙක් මේ විදියට ලාභ ලැබුවත් ෆොරෙක්ස් කියන්නෙ මේ විදියට ලාභ ලබන්න බැරි දෙයක්. එහෙනම් කොහොමද මෙයාල මේ විදියට report එකක් හදන්නෙ? හොදයි දැන් බලමු මේක කරන්නෙ කොහොමද කියල.
1. මේ සදහා අලුතින් demo account එක්ක හදාගන්න.
2. Bollenger Band, MACD, RSI... වැනි සාමාන්‍යයෙන් භාවිතා වන indicator එකක් chart එකට දමාගන්න. මේ උදාහරණය සදහා අපි Bollenger Bands යොදාගමු.
3. දැන් ඔයාල trade කරන වෙලාවට ගැලපෙන currency pairs කිහිපයක් තෝරා ගන්න. ( New York Season එක නම් EURUSD, USDCAD, USDCHF ...etc )
4. මේ Currency Pair එකක් 5 minutes හෝ 15 minutes chart එකකට දාගෙන market එක Bollenger Band වල එක් කෙලවරකට ගමන්කරන තුරු සිට buy එකක් සහ sell එකක් එකවර දමන්න.
5. මෙසේ දැමූ trade දෙකට අදාළ අංක chart එකේ දර්ශනය වේ. එසේ නැත්නම් terminal එකෙන් අදාළ trade numbers සොයාගෙන සටහන් කර ගන්න.
6. ඉහත දැමූ trades දෙකෙන් එකක් සැලකියයුතු ලාභයක් ලැබෙන තුරු රැදී සිට ලාභය ලැබූ trade එක පමණක් close කරන්න. ( මෙහි පාඩු ලැබූ trade එක කුමන හේතුවක් නිසා හෝ close නොකරයි. ඒ නිසා එහි trade number එක සටහන් කරගෙන තිබීම ඉතා වැදගත්) Take Profit Hit වී ඇති බව පෙන්වීමට අවශ්‍ය නම් දැනට Market එකේ අගයට ආසන්න අගයකට Take Profit තබා එම රේඛාව price එකේ වැදෙන පරිදි පහළට හෝ ඉහලට ඇදගෙන යන්න.
7. මේ ආකාරයට විවිධ කාල පරාසයන් තබාගෙන එක් එක් Currency Pairs සදහා ඉහත ක්‍රමය අනුගමනය කරන්න. මේ අතර ස්වාභාවික බව පෙන්වීම සදහා trade දෙකෙන් පාඩු trade එක යම් යම් ස්ථාන වලදී close කරන්න. එසේත් නැත්නම් ඉහත Take Profit සිදුකළ ආකාරයට Stop Loss ලබාගන්න.
8. Trade report එකේ පෙන්වීම සදහා ප්‍රමාණවත් trades සංඛ්‍යාවක් මේ ආකාරයට close කරගත් පසු terminal එකේ Account history වෙත යාමෙන් ඉහත ආකාරයේ trade report එකක් ලබාගත් හැකිය.
වෙනත් දින වලදී trades close කර තිබේනම් Account history වෙත ගොස් එහි right click කර එහි ඇති Custom Period වෙත යන්න. එහි from යන ස්ථානයට ඔයා trade කල දිනයට කලින් දිනය සහ to යන ස්ථානයට ඔයා trade කල දිනයත් ලබා දී "Ok" කරන්න. එසේම ජංගම දුරකථන සදහා ඇති mt4 ඇප් එක මගින්ද ඉහත report එකම ඉතා පහසුවෙන් screen shots ආකාරයට ලබාගන්නට පුලුවන්.
මෙහිදී කිසිම විටෙකවත් terminal එකේ තිබෙන "Trade" ටැබ් එක හෝ අදාල trades open කරන ලද charts නොපෙන්විය යුතුය. එසේ වුවහොත් දැනට close නොකර ඇති trades තිබෙන බව හසුවේ. එසේම Equity අගයද නොපෙනෙන පරිදි අදාල screen shots ලබාගත යුතුය. Trade reports සදහා report indicator භාවිතා නොකර terminal එක පමණක් භාවිතා කරීමෙන් විශ්වාසය වැඩිවේ. Indicator භාවිතා කරන්නේ නම් එහි closed trades පමනක් දර්ශනය වන ආකාරයට වෙනස් කරගන්න.
වැඩේ කරන්නෙ කොහොමද කියල දැන් තේරුම් ගන්න පුලුවන් ඇති කියල හිතනව.
ඇත්තෙන්ම මේ thread එකේ අරමුණ වංචනිකයන්ට හසුවෙලා තමන්ගෙ මුදල් නැතිකරගන්න යන අය ඒකෙන් මුදවා ගැනීම. මම කියන්නෙ නෑ හැමෝම වංචා කරනව කියල. ඒත් බොහොමයක් ඒ විදියට තමයි මිනිස්සු මුලා කරන්නෙ. ඉතින් ඔයාල දැන ගන්න ඕන මේ වගේ දේවල් වලට රැවටෙන්නෙ නැතිව තමන්ට signal දෙන කෙනා ඇත්තටම සාර්ථකද නැත්ද කියල හොයාගන්න. ෆොරෙක්ස් කරන්න එන 90%ක් loss වෙනව කියල ඔයාල අහල ඇති. ටිකක් හිතල බලන්න ඒ සාර්ථක වෙන 10%නුත් වැඩි ප්‍රමාණයක් බැංකු සහ වෙනත් දැවැන්ත මුදල් ආයෝජකයන්. ඉතින් අපි වගේ සාමාන්‍ය අයට සාර්ථක වෙන්න තියෙන්නෙ මොනතරම් පොඩි අවස්ථාවක්ද? ඉතින් මේ තරම් සාර්ථක වෙන්න අපහසු දෙයක් කරනව නම් ඒක මොනතරම් කැපවීමෙන් උපක්‍රම ශීලීව කරන්න ඕනද. පහළ තියෙන ක්‍රම අනුගමනය කිරීමෙන් අමාරුවේ වැටෙන්නෙ නැතිව තමන් කරන්නට යන දේ හරියනවද නැත්ද කියල බලන්න පුලුවන්.1. ෆොරෙක්ස් ඉගෙන ගැනීම සදහා කිසිම කෙනෙකුට හෝ ආයතනයකට මුදල් ගෙවීමෙන් වලකින්න