ෆෝන් එක නැති උනා...

Sajam

Active member
  • Aug 29, 2021
    183
    228
    43
    මේ හුප්තෙ පාස්වර්ඩ් රීසෙට් ඔප්ෂන් එකක් නෑ. අමතක උනොත් අලුත් අකවුන්ට් එකක් හදන්න ඕන. පී.එච්.පී වලින් ලියපු අඩු කුලේ ප්‍රොජෙක්ට් එකක්

    මේ හුප්තෙ පාස්වර්ඩ් රීසෙට් ඔප්ෂන් එකක් නෑ. අමතක උනොත් අලුත් අකවුන්ට් එකක් හදන්න ඕන. පී.එච්.පී වලින් ලියපු අඩු කුලේ ප්‍රොජෙක්ට් එකක්
    ආහ් මෙන්න මුන් අකවුන් ක්‍රියේෂන් එක රිමූ කරල. දැන් නිකන්ම සබ්මිට් කරන්න තියෙන්නෙ කොම්ප්ලේන්
    ------ Post added on May 17, 2025 at 10:11 AM
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    Find my iPhone එකෙන් බැලුවෙ නැද්ද
    Cellular data off කරලා තිබ්බත් find my iPhone වැඩ කරනවා.
    Android වල බැරිද එහෙම

    සෙලියුලර් ඩේට නැතුව
     

    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    ෆොන් එක බස් එකේදි හොරකම් කරලා. දැන් ෆෝන් එක ඔෆ්. සිම් එක කැන්සල් කරා. ඊට පස්සේ කරන්න ඕනේ මොකද්ද? පොලිසියේ පැමිනිල්ලක් දාන එකද ? හරියටම කරන්න ඕන දේවල් ටික දැන ගන්නේ කොහොමද ?
    Phone එක Google, Samsung, Xiaomi account එකට log වෙලා stole mode on කරන්න. Data wipe command එක send කරන්න එතනින් අන්තිමට.
     
    • Like
    Reactions: AnuradhaRa

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    Android වල බැරිද එහෙම

    සෙලියුලර් ඩේට නැතුව
    ඒක හරියටම දන්නෙ නැහැ
    තියෙන්නත් පුලුවන්

    ඕව ෆෝන් එකේඩේටා ඕෆ් කරත් bluetooth signals transmit කරනවා ලඟ තියන අනෙක් iPhone වලින් ඒක pick කරලා ලොකේශන් එක හරියටම දෙනවා
    GPS චිප් නැති මැක් එහෙමත් ඔය විදයට ට්‍රැක් කරන්න පුලුවන්
    Android phone වලත් ඕක තියෙන්න පුලුවන් මම හරියටම හොයලා නැහැ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    kaspersky දාල තිබුණ නම් mugshot

    හොරාගෙ පොටෝ එකක් ගන්න තිබුණ

    bitdefender වලත් තියෙනව

    අනිත් වෛරස් ගාඩ් වලත් ඇති
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    මගේ ෆෝන් එකක් නැති උනා බොරැල්ලෙදි දැන් ටික කාලෙකට කලින් ඇත්තෙන්ම ඒකේ ස්කීන් එක බිදිලා බැක් ග්ලාස් එක බිදිලා චොරම වෙලා තිබ්බ එස්.නයින් ප්ලස් එකක් රිලීස් එකේදි ගත්තෙ බුක් වැලිවු එකක් නැති තරම්. මිරිහාන පැමිණිල්ලක් දැම්ම දවස් දෙකක් වගේ ගියා කෝල් එකක් අවා එමිය වදිනවා කියලා. කොටුවෙ අල්මියාස් කියල කඩ සෙට් එකක් තියෙන බිල්ඩින් එකක් තියෙනව අන්න ඒකෙ අස්සෙ තමයි බඩු තිබ්බෙ ඌ ට වෙන එකෙක් ගෙනල්ල දීල තියෙන්නෙ​

    උන් අරගෙන අහු නොවෙන කෑලි රීප්ලේස්මන්ට් වලට විකුණනවා අනිත් ඒවා ඉන්දියාවට යවනවලු එක්චේන්ජ් කරන්න පාට්ස්. ඌව ඇතුලට දාලා කඩේ එකාව අනිත් උන්වත් ගෙන්නලා පැමිණිලි දාපු බඩු ඌගාව තිබ්බ උන්ට ගෙවන්න කිව්වා. කොළබ අවට ගේම දෙන්න සෙට් එකක් එකතුවෙලා උස්සන ප්ලේස් තියෙනවා වැඩියෙන්ම කෙස් යන​

    වෙබ් එකෙන් පැමිණිලි නොදා කෙලින්ම හොදම පොලීසියකින් දාපන්​

     

    Nima98

    Well-known member
  • Aug 18, 2023
    292
    255
    63
    පොලිසියෙ නම් සහය පතන්න එපා තේරුමක් නෑ උබ රස්තියාදු වෙනවා විතරයි අපේ තාත්තා ගෙ පොන් එක උස්සලා පොලිසියෙන් උස්සපු එකාවත් අල්ලලා අපිව දවස් තුනක් රස්තියාදු කලා හැමදාම ගියාම කියන්වා ඌ ආවෙ නෑ වෙන දවසක එන්න කියන්නම් කියන්වා කවදාවත් ඒක හම්බ උනේ නෑ 😂 උබ ඕකේ ආසාව අතහැරහන් උබ personal account ටික recover කරගනින්