ෆෝන්-චාර්ජ්

Jill_Ball

Member
Jun 26, 2015
13
0
0
ෆෝන් එක හරියට චාර්ජ් කරන්නේ කොහොමද?

දැන් තියෙන ස්මාර්ට් ෆෝන් වල බැටරි එක පාවිච්චි කරන්න පුළුවන් දවසයිනේ. ඉක්මනට බහිනවානේ. උබලා කොහොමද බැටරි එක චාර්ජ් කරන්නේ. ඒක කරන නිවැරදි විදිය මොකක්ද.

මොකද මම මේ ගැන ඉන්ටර්නෙට් එකේ බැලුවම එක එක අය එක එක දේ කියන්නේ.

උදාහරණයක් විදියට සමහරු කියනවා ෆෝන් එකේ බැටරි එක හොදටම බහිනකන් ඉදලා චාර්ජ් කරන්න ඕනි කියලා. සමහරු කියනවා බැටරි එක 15% ක් විතර තියෙනකොට චාර්ජ් කරන්න ඕනි කියලා.

ආයේ තිබුනා එහෙම එකක් නෑ, චාර්ජ් කරන්න පුළුවන් කමක් තියෙන ඕනි වෙලාවක ඒක චාර්ජ් කරන්න කියලා.

මම නං කරන්නේ ෆෝන් එකේ බැටරි එක හොදටම බහිනකන් ඉදලා චාර්ජ් කරන එක. ඒ කියන්නේ ගොඩක් වෙලාවට දවසෙම ෆෝන් එක පාවිච්චි කලාම රෑ වෙනකොට මේකේ බැටරි බහිනවානේ. ඊට පස්සේ රෑ 11 ට විතර ෆෝන් එක චාර්ජ් වෙන්න දලා උදේ තමයි ගලවන්නේ. මෙහෙම කලාම ෆෝන් බැටරි එකට හානි වෙනවද?

අලුත් ස්මාර්ට් ෆෝන් වල බැටරි එක, කල්පවත්නා විදියට නිවැරදිව චාර්ජ් කරන විදිය ගැන කාටද කියලා දෙන්න පුළුවන්.

ස්තුතියි. (මේක එළකිරියේ දාන පළමුවෙනි ත්‍රෙඩ් එක මගේ.)

 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
End User ට කරන්න පුලුවන් ලබ්බක් නෑ. Phone Manufacturer ඒ අදාල විදියට End User කරන කියන දේවල් වලින් Phone එකට බැටරියට වෙන්න තියන හානි, ඒවගෙන් වෙන Hazards අවම වෙන විදියට තමා හදලා තියෙන්නෙ.

ඔය බැටරිය බහිනකං ඉඳලා චාජ් කරන්න කියන්නෙ ගල් යුගයේ NI-CD බැටරි ගැන තිබ්බ මතත් එක්ක මට මතක විදියට. ඒ යුගේ බැටරි වල Memory Effect කියලා දෙයක් තිබ්බා. ඒ කියන්නෙ බැටරිය 0% වෙලා තියෙද්දි චාජ් කරලා 80% වලිදි චාජ් කරන එක නැවැත්තුවොත් ඊලඟ පාර චාජ් කරනකොට ඔය 100% කියන්නෙ මුලු බැටරියෙන් 80% කියන එක. ඒ කියන්නෙ බැටරියෙ Capacity එකෙන් 20% අඩු වෙලා. ඕකම අනික් පැත්තට වුනා බැටරිය 20% තියෙද්දි චාජ් කලොත් ඊලඟ සැරේ 0% කියන්නෙ මුලු බැටරියෙන් 20% කියන එක.

ඕවගේ තිබ්බ drawbacks නිසා තමා Lithium Ion, Lithium Polymer වගේ බැටරි ආවෙ. Lithium batteries වල Memory Effect එකක් නෑ. ඒක නිසා කොයි වෙලේ කොහොම කොච්චරක් චාජ් කලත් බැටරියට හානියක් නෑ.

Lithuim Ion බැටරි වලත් Drawbacks තියනවා. ඒවා End Userට පාලනේ කරන්න බැරි දේවල් නිසා ඒවට අදාල ක්‍රියාමාර්ග අරන් තියනවා. Eg: Over charge/ Over discharge protection circuit.
 
Last edited:

95217

Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    Bump. Ehema danne natha, Habayi yearly % ganakin capacity adu wenawa kiyala nm Ahala thiyenawa li-ion battery wala.
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Baya nathuwa charge karapan ban. Lithium Ion battery wala ehema case yanne na. Mama samahara welawata 5 minutes witharak charge karanawa. Samahara welawata dawas ganan charge ekata gahala wena phone ekak aragena yanawa.
     
    Last edited: