෴දෝණිට දෙයියන්ගෙම පිහිටයි෴
මහේන්ද්‍ර සිං දෝනි ජනප්‍රිය වුණේ හෙලිකොප්ටර් ශොට් එක නිසාද එහෙමත් නැතිනම් හෙලිකොප්ටර් ෂොට් එක ජනප්‍රිය වුණේ ඉන්දියාවෙ කැප්ටන් නිසාද? මේකත් එක විදියක කතාවක් තමයි. මොනවා වුණත් මේ වෙනකොට දෝනිත්, දෝනිගෙ හෙලිකොප්ටර් ෂොට් එකත් ඉන්දියාවෙ ක්‍රිකට් ක්‍රීඩාවත් හරිම ජනප්‍රිය තැනක තියෙන්නෙ. ඉතින් පොඩ්ඩක් හිතන්නකො මිලියන ගාණක් ජනතාව ආදරය කරන ක්‍රීඩාවක කැප්ටන්ට ඉන්දියාවෙ මිනිස්සු කොයිතරම් ආදරය කරනවා ඇතිද කියලා. ඒත් මේ දේවල් වානා, මොන රජ්ජුරුවො වුණත් කමක් නෑ දෙයියන්ට එහෙම අනං මනං විකාර වැඩ කරන්න ආවොත් Sorry.com තමයි.
ඉතින් කතන්දරේ කියන්න ඕනෙ නෑනෙ. පිටුව පුරා තියෙන පිංතූරෙන් පේනවනේ දෝනි කරගෙන තියෙන හරිය මොකක්ද කියලා. පැත්තකට වෙලා තමන්ගෙ පාඩුවෙ ක්‍රිකට් ගහන්නෙ නැතුව බඩු බාණ්ඩ විකුණන්න ගියාම ඔය වගේ අකරතැබ්බ වලට මූණ දෙන්න වෙනවා.
ඒ කියන්නෙ දෝනි වෙළෙඳ දැන්වීමකට මුහුණ දීලා තියෙනවා විෂ්ණු දෙවියො වගේ ඇඳගෙන. මෙන්න මේ කියන සිදුවීම හින්දා අන්ද්‍රා අධිකරණය නියෝග කරලා තියෙනවා මෙයාව අත්අඩංගුවට ගන්න කියලා. ඒකට හේතුව විදියට ඔවුන් සඳහන් කරලා තියෙන්නෙ හින්දු භක්තිකයන්ගේ ආගමික විශ්වාසය නැතිවන විදියට කටයුතු කළාය කියලා.
මොන දේ වුණත් ඔන්න දැන් දෝනි අවුලක පැටලිලා ඉවරයි. අපි නම් දන්නෙ නෑ ඉතිං. මේවට මොන විදියෙ විසඳුම් අන්ද්‍රා අධිකරණය දෙයිද කියලා. ඒත් ක්‍රිකට් වලින් මොන තරම් ජල්ලි නැටුවත් මෙන්න මේ පාර තමයි දෝනි දෙවියොත් එක්ක සෙල්ලම් කරන්න ගිහිල්ලා මට්ටු වුණේ.
Rajitha Basnayake