෴ලෝකයේ වටිනාම මෝටර්සයිකල් 10෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෴ලෝකයේ වටිනාම මෝටර්සයිකල් 10෴

    01. Ecosse ESI Superbike

    ලොව මිල අධිකම මෝටර් සයිකලය වන මෙය නිර්මාණය කොට ඇත්තේ රිචඩ් ග්ලෝවර්, ඇන්ඩ් ලෙ ෆ්ලෙමිං සහ රිචඩ් ටයිරේල් නම් ඉන්ජිනේරුවරුන් තිදෙනා විසිනුයි. මෙම සුපිරි මෝටර් සයිකලය ලොව වේගවත්ම සහ සැහැල්ලුම මෝටර් සයිකලය වෙනවා. මෙහි මිල ඇමෙරිකානු ඩොලර් මිලියන 3.6ක්. (රුපියල් කෝටි 54.72ක් පමණ වෙනවා.)

    ecosse-500-wt_es1-unveiling_track-bkgwtmk.jpg



    02. Harley Davidson Cosmic Starship

    වටිනාකම අතින් දෙවැනි ස්ථානය හිමිවන හාලි ඩේවිඩ්සන් කොස්මික් ස්ටාර්ෂිප් ඉතා බලගතු සිලින්ඩර් හයක ඇන්ජිමකින් සමන්විතයි.

    5bb65fad7fe669ece06224905482e139.jpg


    03. Ultra Rare Porcupine

    දෙවැනි ලෝක යුධ සමයේදී නිෂ්පාදනය කළ මෙම මෝටර් සයිකලය එක්සත් රාජධානියේ කොවෙන්ට්‍රි නගරයේ පිහිටි ජාතික මෝටර් සයිකල් කෞතුකාගාරයේ තබා ඇති අතර එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් 7,50,000ක් (රුපියල් 11,40,00,000ක් පමණ) වෙනවා.

    1954-AJS-E95-01.jpg


    04. Dodge Tomahawk V10 Superbike

    මෙම මෝටර් සයිකලය අශ්වබල පන්සීයක V10 ඇන්ජිමකින් සමන්විත වන අතර පැයට කිලෝමීටර් 672ක උපරිම වේගයකින් ධාවනය කළ හැකියි. මෙය අනෙක් යතුරුපැදි මෙන් නොව රෝද හතරකින් සමන්විතයි.

    tomahawk-again.jpg


    05. Yamaha Roadstar BMS Chopper

    මෙහි බඳ රන් ආලේපකොට නිමවා ඇති බැවින් ගෝල්ඩ් ජලේටඩ් කස්ටම් චොපර් යනුවෙන්ද හදුන්වනවා. ඇමෙරිකානු ඩොලර් 5,00,000ක මිලක් (රුපියල් 7,60,00,000ක් පමණ) මීට නිමය වීමටද හේතුව එයයි.

    Yamaha-Roadstar-BMS-Chopper.jpg


    06. Legendary British Vintage Black

    ඇමෙරිකානු ඩොලර් 4,00,000ක (රුපියල් 6,08,000ක් පමණ) යුතු මෙම මෝටර් සයිකලය සිලින්ඩර් දෙකක ඇන්ජිමකින් සමන්විතයි.

    04.Legendary-British-Vintage-Black.jpg


    07. Ecosse FE Ti XX Titanium Series

    මිල අතින් 7වැනි ස්ථානය හිමිවන මෙම මෝටර් බයිසිකලය අශ්වබල 225ක ඇන්ජිමකින් සමන්විතයි. පැයට කිලෝමීටර් 400ක උපරිම වේගයකින් ධාවනය කළ හැකි මෙහි මිල ඇමෙරිකානු ඩොලර් 3,00,000ක් (රුපියල් 4,56,000,00) වෙනවා.

    ecosse-titanium-series-rr-limited-edition_awhXE_48_615x0.jpg


    08. Ducati Desmosedici D16RR NCR M16

    ඩුකාටි ඩෙස්මොසෙඩ් ලොව මිල අධිකම මෝටර් සයිකල් අතරින් අටවැනි ස්ථානයට මිල අධිකම මෝටර්සයිකලයයි. බඳ කාබන් නන්තුවලින් නිපදවා ඇති මෙහි බොහෝ කොටස් නිමවා ඇත්තේ ටයිටේනියම් ඇලුමිනියම් ආදිය යොදාගනිමිනුයි. කිලෝ ග්‍රෑම් 145ක බරින් යුත් මෙහි මිල ඇමෙරිකානු ඩොලර් 2,32,500කට (රුපියල් 3,53,40,000) පමණ වෙනවා.

    DUCATI-DESMOSEDICI-D16RR-NCR-M16.jpg


    09. Ducati Testa Stretta NCR Macchia Nera Concept

    ඇල්ඩෝ ඩෘෘඩ් විසින් සැලසුම් කරන ලද මෙහි කොටස් නිමවා ඇත්තේ ටයිටේනියම් ලෝහයෙනි. අශ්ව බල 180ක ඇන්ජිමක් සහිත මෙහි වටිනාකම ඇමෙරිකන් ඩොලර් 2,25,000 ක් පමණ වෙනවා. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 3,40,00,000කට ආසන්නයි.

    Ducati-Testa-Stretta-NCR-Macchia-Nera.jpg


    10. Suzuki AEM Carbon Fiber Hayabusa

    සම්පූර්ණයෙන්ම කාබන් තන්තුවලින් නිපදවා ඇති සුසුකි ඒ ඊ එම් කාබන් ෆයිබර් හයිබුසා මෝටර් සයිකලය ඉතා සැහැල්ලු බවින් යුක්තයි. මෙය පැයට කිලෝමීටර් 297ක උපරිම වේගයකින් ධාවනය කළ හැකියි. මිළ අධිකම මෝටර් සයිකල් අතර දහවන ස්ථානය හිමිකරගන්නා මෙය ඇමෙරිකානු ඩොලර් 2,00,000ක් (රුපියල් 3,04,00,000ක් පමණ) වෙනවා.

    SUZUKI-AEM-CARBON-FIBER-HAYABUSA.jpg


    ගැමුණු රත්නායක.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එලම ...TFS

    ට්ට :love::love::love:

    සුපිරි
    බුම්ප්


    TFS:)



    ela
    9 weni eka 180cc ??
    1800cc nemeida?
    පත්තරේ බං තිබ්බෙ.. ඒක බලන් ටයිප් කලේ..:sorry:


    පට්ට :cool:



    තෑන්ක්ස් මචංලා..