෴හෝටල් & සත්කාරක ක්ෂේත්රයට තියෙන courses෴
A/L ඉවර වෙලත් මහා දවසක් නැති නිසා හොටෙල් පැත්තෙන් රැකියාවක් කරන්න අදහස් කරන් ඉන්න නංගිලා මල්ලිලාට වැදගත් වෙයි කියලා හිතුනා නිසා ශෙයා කරන්න හිතුනා .
✪✪✪ හෝටල් සහ සත්කාරක ක්ෂේත්රයට අදාල පාඨමාලා 6ක් ✪✪✪
හරියට ඉගෙනගෙන උඩට යන්න කැපවීම තියෙනවා නම් අනිවා ජොබ් ෂුවර් කියන්න පුලුවන් ලංකාවේ තියෙන ෆීල්ඩ්ස් වලින් එකක් තමයි හොටෙල් ඇන්ඩ් හොස්පිටැලිටි (Hotel and Hospitality) නැතිනම් හෝටල් සහ සත්කාරක සේවා කියන්නේ. මේ කියන්නේ හොඳ හෝටලේක හොඳ රැකියාවක්. මේ ක්ෂේත්රයේ හොඳ ඉගෙනීමක් ලබලා ඉන්පස්සේ හොඳ හෝටලේක පෝස්ට් එකකුත් අරගෙන අවුරුදු කීපෙක එක්ස්පීරියන්ස් ගන්නවා කියන්නේ ඉතින් ලංකාවේ තියෙන සුපිරි හෝටල් වල විතරක් නෙවෙයි, පිටරටක වුනත් හොඳ ජොබ් තියෙනවා කියන එක තමයි. ඇත්තටම පිටරටකට යන්න ඕනත් නෑ. ලෝකේ තියෙන ලොකුම, සුපිරිම හෝටල් වල ශාඛා මේ වෙනකොට ලංකාවේ විවෘත වෙනවනේ. ඉතින් අපි මේ කියන්න යන්නේ ලංකාවේ හෝටල් සහ සත්කාරක ක්ෂේත්රයට අඩිය තියන්න ඉගෙන ගන්න හොඳ තැන් කීපයක් සහ ඒ තැන්වල තියෙන පාඨමාලා ගැන.
1. Sri Lanka Institute of Tourism & Hotel Management
ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනය කියන්නේ මේ කර්මාන්තයට ශ්‍රමිකයින් පුහුණු කරන්න තියෙන රජයේ ආයතනයක්. මේ ආයතනයේ විවිධ පාඨමාලා ගණනාවක් තියෙනවා. තමන්ට යන්න ඕන පාරට අනුව සුදුසු පාඨමාලාවක් තෝරගන්න තමයි තියෙන්නේ. සූපවේදයේ ඉඳන් ආහාර පාන, ගෘහපාලනය, හෝටල් පරිපාලනය වගේම සංචාරක කර්මාන්තය කියන ක්ෂේත්‍ර ඕනම එකක පාඨමාලා මෙතනින් හදාරන්න පුලුවන්. කාලසීමාවන් වෙනස් වෙනවා ඒ ඒ පාඨමාලාවට අනුව. ඒ වගේම ප්‍රයෝගික පුහුණුව සඳහා සමුද්‍රා හෝටලයත් මෙතනින් පුහුණු වෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලැබෙනවා. රජයේ තැනක් නිසා ලංකාව ඇතුළේ හොඳ පිළිගැනීමක් තියෙන සහතිකයකුත් ලැබෙනවා.
2. Open University of Sri Lanka
නාවල විවෘත විශ්වවිද්‍යාලය කියන්නේ ලංකාවේ පිළිගත් උපාධි සහ ඩිප්ලෝමා සහතික ලබාදෙන පාඨමාලා මෙහෙයවන, බොහොම හොඳ කීර්ති නාමයක් තියෙන ආයතනයක්නේ. මේ අයගේ Certificate in Tourism and Hotel Operations කෝස් එක මාස තුනයි. රුපියල් අටදාහයි. හැබැයි හොඳ පිළිගැනීමක් තියෙන මූලික ඩිප්ලෝමා එකක්. මේ පාඨමාලාව ඇත්තටම සකස් කරලා තියෙන්නේ ඒලෙවල් ඉවර කරලා සංචාරක සහ හෝටල් කර්මාන්තයට එකතු වෙන්න ආසාවෙන් ඉන්න ළමයින්ටත්, දැනටමත් ෆීල්ඩ් එකට බැහැලා ඉන්න හැබැයි නිසි හැදෑරීමක් නැති අයටත් වටිනාකමක් ලබාදෙන්න තමයි. මේ කෝස් එකේදී සංචාරක සහ විනෝද කර්මාන්තය, පාරිභෝගික සේවය, පුද්ගලික සහ වෘත්තිමය සංවර්ධනය, නවාතැන් පහසුකම් ලබාදීමේ මෙහෙයුම්, ආහාර පාන මෙහෙයුම් වගේම මූලික සූපවේදයත් උගන්නනවා.
3. University of Colombo – Department of Economics
කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා පීඨයෙන් කෙරෙන පාඨමාලා දෙකක් තියෙනවා සඳහන් කරන්න වටින. මෙතනින් එකක් පශ්චාත් උපාධි ඩිප්ලෝමා එකක්. ඒකෙන් සංචාරක ආර්ථිකය සහ හෝටල් කළමනාකරණය කියන විෂය යටතේ පශ්චාත් උපාධියක් ලබාගන්න සූදානමක් සහ සුදුසුකම් ලැබෙනවා. හැබැයි මේක මූලික පාඨමාලාවක් නෙවෙයි. මේකෙන් සංචාරක කර්මාන්තය ගැනත් හෝටල් කළමනාකරණය ගැනත් බොහොම ගැඹුරු න්‍යායික සහ ප්‍රායෝගික දැනුමක් ලබාදෙනවා. හැබැයි ඉතින් මේක කරන්න ඩිග්රියක් තියෙන්න ඕන. අවුරුදු දෙකක් ඇදෙනවා මාස්ටර්ස් එකත් එක්කම ගත්තහම. දෙකටම ලක්ෂ තුනකට පොඩ්ඩක් වැඩි මුදලක් යනවා. හැබැයි මේක කම්ප්ලීට් කරනවා කියන්නේ හෝටල් කළමනාකරුවෙක් වගේ රස්සාවක් නෙවෙයි හම්බුවෙන්නේ. ඊට වඩා සෑහෙන්න සීරියස් රස්සාවකට යන්න පුලුවන්.
මෙතනින් දෙවෙනි ඩිප්ලෝමා එක සංචාරක ආර්ථිකය සහ හෝටල් කළමනාකරණය ගැන පූර්ව උපාධි ඩිප්ලෝමා එකක්. එතනදීත් මේ කරුණු ගැඹුරට හදාරන්න හොඳ ආරම්භයක් ලැබෙනවා. අවුරුද්දක් පුරාවට පැවැත්වෙන මේ කෝස් එකටත් රුපියල් ලක්ෂයක් විතර යනවා.
4. Colombo Academy of Hospitality Management
මාලඹේ ස්ලිට් කැම්පස් එකේ තියෙන මේ කලම්බු ඇකඩමි ඔෆ් හොස්පිටලිටි මැනේජ්මන්ට් ක්‍රියාත්මක වෙන්නේ මෙල්බෝන් වල විලියම් ඇන්ග්ලිස් ආයතනයත් එක්ක හවුල් වැඩක් විදියට. ඒකෙන් තියෙන විශේෂම ප්‍රයෝජනය තමයි ජාත්‍යන්තර මට්ටමේ පාඨමාලා ගණනාවක් ලංකාවේ වගේම වෙනත් රටවලින් එන සිසුසිසුවියන්ටත් ලබාදෙන්න හැකියාව ලැබීම. ඒ වගේම ප්‍රායෝගික පුහුණුවීම් සඳහා අංග සම්පූර්ණ පහසුකම් එහෙමත් මේ ඇකඩමි එකේ තියෙනවා.
මේ පාඨමාලා හැම එකක්ම සත්කාරක ක්ෂේත්රය ඉලක්ක කරගනිමින් පැවැත්වෙන්නේ. හැබැයි ඒ ඇතුළේ සංචාරක කර්මාන්තය, ආහාර පාන ගැන වගේම ඉවෙන්ට් මැනේජ්මන්ට් ගැන එහෙමත් බොහොම සම්පූර්ණ දැනුමක් ලැබෙනවා. තුන්වෙනි සහතික පත් පාඨමාලාව, හතරවෙනි සහතික පත් පාඨමාලාව, ඩිප්ලෝමා පාඨමාලාව සහ උසස් ඩිප්ලෝමා පාඨමාලාව කියන පිළිවෙලට කරගෙන යන්නයි තියෙන්නේ. කොහොමද අය කිරීම් කියන එක මෙතනින් ගිහින් දැනගන්න පුලුවන්.
5. Colombo International Hotel School
අවුරුදු පහළවක් තිස්සේ හෝටල් ක්ෂේත්රයට දහස් ගණනක් දෙනාව පුහුණු කරන පාසැලක් තමයි කොළඹ හෝටල් පාසල කියන්නේ. හෝටල් ක්ෂේත්රයේ වැදගත් වෙන විවිධ ක්ෂේත්රයන් ගණනාවක් වෙනුවෙන් පාඨමාලා මේ අය මෙහෙයවනවා. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තියෙන්නේ තමන්ට යන්න වුවමනා, ආසාව තියෙන, හැකියාව තියෙන පාර තෝරාගෙන, ඒකට හරියන පාඨමාලාවක් තෝරාගන්න එක තමයි. ජාත්‍යන්තර සූපවේදය, හෝටල් පරිපාලනය හා කළමනාකරණය, සත්කාරක සේවා, ආහාර පාන, පේස්ට්‍රි වර්ග සහ වෙනත් බේකරි කටයුතු, හෝටල් ගෘහපාලනය කියන උප ක්ෂේත්‍ර වලට වගේම පිළිගැනීමේ නිලධාරී කටයුතු සඳහාත් මෙතන වෙනමම පාඨමාලාවක් ගානේ තියෙනවා. විශේෂයෙන්ම ඒ ලෙවල් කරලා තමන්ගේ වෘත්තිය ජීවිතයට අවශ්‍ය පුහුණුව සහ දැනුම ලබාගන්න හිතන අයට මේක බොහොම හොඳ අවස්ථාවක්.
6. Mt. Lavinia Hotel – International Hotel School
ගල්කිස්ස මහ හෝටලය කියන්නේ ශ්‍රී ලංකාවේ හෝටල් කර්මාන්තයේ එදා ඉඳන් ඓතිහාසිකව වැජඹුණු නමක් කියන එක වැරදි නැහැනේ. හැබැයි ගොඩක් දෙනෙක් දන්නෙ නැතුව ඇති ගල්කිස්සේ මහ හෝටලයේ හෝටල් සහ සත්කාරක සේවා සම්බන්ධ පාඨමාලා පවත්වන ජාත්‍යන්තර හෝටල් පාසලක් පැවැත්වෙනවා කියන එක. ඒකත් ගල්කිස්සේ හෝටලය මගින්ම තමයි පාලනය වෙන්නේ. ලංකාවේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වගේම විදේශික ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් හෝටල් සහ සත්කාරක ක්ෂේත්රයට අඩිය තියන්න පුහුණුවක් සහ වෘත්තිය සුදුසුකමක් විදියට ගන්න පුලුවන් පාඨමාලාවක් මේ හෝටල් පාසලෙන් කෙරෙනවා. හෝටල් මෙහෙයුම් කටයුතු ඩිප්ලෝමා පාඨමාලාව කියලා පොදුවේ කියන්න පුලුවන් මේ කෝස් එකට අවුරුදු දෙකක් යනවා. ඒ අවුරුදු දෙක ආයෙමත් මාස හයක විෂය ක්ෂේත්රයක් ගාණේ විෂය ක්ෂේත්‍ර හතරක් ආවරණය වෙන විදියට කැඩෙනවා. ඒ තමයි ආහාර පාන මෙහෙයුම්, මුළුතැන්ගෙය මෙහෙයුම්, නවාතැන් පහසුකම් මෙහෙයුම් සහ පරිපාලන මෙහෙයුම් කියන කොටස්. මේ එක් එක් මාස හයක මොඩියුල් එකක් සඳහා රුපියල් 82,500 ක මුදලකුත් වැය කරන්න වෙනවා.
ඒ විතරක් නෙවෙයි, හෝටල් මෙහෙයුම් ගැන අවුරුද්දක පදනම් පාඨමාලාවකුත් රුපියල් 110,000 ක මුදලකට මේ අය පිරිනමනවා.
මීට අමතරවත් ජාත්‍යන්තර සූපවේදය ගැන හයමාසික පාඨමාලාවකුත්, පේස්ට්‍රි වර්ග සහ බේකරි කටයුතු ගැන හයමාසික පාඨමාලාවකුත් මේ අය පිරිනමනවා. ඒ කෝස් එකකට ගෙවන්න ඕන මුදල රුපියල් 77,000ක්.
source ::: aniwa.lk

Last edited:
I never miss an episode