෴...නුවර සොබනිය...෴
෴...නුවර සොබනිය...෴
ඉරිමා උදයේ හිරු හිනැහෙනු පෙර
අඳුරෙම නිවසේ සෙවන සොයා
සියොතුන් කැදලි සොයා යන යාමෙට
සියුමැලි වත නුඹෙ පියරු උලා
උල් වූ රතැඟිලි කුණු ලේ පැහැයෙන්
නුඹේ සුරත හැඩ වැඩ කෙරුවා
ලැසි ගමනට උඹෙ ලෙළ දෙන තුඟු යුග
අනුරාගයෙ ඉම වසන් කළා
චංචල පෙම් දැහැනක පැටලී උඹ
සම්මතයේ බැඳි රැහැන් මුදා
ඉක්මන් වූ වරදින් දිවි කතරේ
මග වැරදී මංමුලා උනා
හඬන විටදි සුජාත නොවු නුඹෙ පුතු
නුඹටත් සත්තයි කිරි එරුණා
අඟනක ළැම මිස ළයක් නොදුටු ඒ
කුරිරු ලොවක නුඹ තනි කෙරුණා
නිල් කොළ විසිකර සුරපුර සොයනා
පවිටු දනගේ මන පිනවමිනා
නුඹෙ ඇඟ මස ලංසුවකට යටවී
සුසුම් ගොඩක් මැද හද සැලුණා
නුවරුන් නුඹගේ අසිරිය බොත්දී
නුරා තුඩින් උන් සිතැඟි මනා
රෑ කල නුඹෙ ඇකයේ හුන් මැතිඳුන්
දිවා කලට බොට කරත් නිගා...
මලිත්තා
picture credit goes to Sathpium Peiris
ඉරිමා උදයේ හිරු හිනැහෙනු පෙර
අඳුරෙම නිවසේ සෙවන සොයා
සියොතුන් කැදලි සොයා යන යාමෙට
සියුමැලි වත නුඹෙ පියරු උලා
උල් වූ රතැඟිලි කුණු ලේ පැහැයෙන්
නුඹේ සුරත හැඩ වැඩ කෙරුවා
ලැසි ගමනට උඹෙ ලෙළ දෙන තුඟු යුග
අනුරාගයෙ ඉම වසන් කළා
චංචල පෙම් දැහැනක පැටලී උඹ
සම්මතයේ බැඳි රැහැන් මුදා
ඉක්මන් වූ වරදින් දිවි කතරේ
මග වැරදී මංමුලා උනා
හඬන විටදි සුජාත නොවු නුඹෙ පුතු
නුඹටත් සත්තයි කිරි එරුණා
අඟනක ළැම මිස ළයක් නොදුටු ඒ
කුරිරු ලොවක නුඹ තනි කෙරුණා
නිල් කොළ විසිකර සුරපුර සොයනා
පවිටු දනගේ මන පිනවමිනා
නුඹෙ ඇඟ මස ලංසුවකට යටවී
සුසුම් ගොඩක් මැද හද සැලුණා
නුවරුන් නුඹගේ අසිරිය බොත්දී
නුරා තුඩින් උන් සිතැඟි මනා
රෑ කල නුඹෙ ඇකයේ හුන් මැතිඳුන්
දිවා කලට බොට කරත් නිගා...
මලිත්තා

