කිලිනොච්චිය උට්ට්රපුලම් ප්රදේශයේදී බහින්බස් වීමක් දුරදිග යාමක් හේතුවෙන් යුදහමුදා සෙබලුන් දෙදෙනෙකුට පහර දී තුවාල සිදුකිරීමක් සම්බන්ධයෙන් සැකකරුවන් 06 දෙනෙකු අද(25) උදෑසන වන විට අත්අඩංගුවට ගෙන ඇති බවට කිලිනොච්චිය පොලීසිය කියා සිටියේය.
කිලිනොච්චිය මුරුගණ්ඩි යුදහමුදා කඳවුරේ සහයක් සේවා වශයෙන් යුදහමුදාවට එක් වූ දමිළ සෙබලුන් දෙදෙනෙකු නිවාඩු ලබා නිවසට යාමෙන් පසුව ඊයේ (24) රාත්රියේ උට්ට්රපුලම් ප්රදේශයෙ වෙළඳසැලක් ආසන්නයේ තවත් තරුණයින් පිරිසක් සමග බහින් බස් වීමක් සිදුව ඇත.
පසුව බහින්බස් වීම දුර දිග යාමෙන් එම් ස්ථානයේ සිටි තරුණයින් පිරිසක් විසින් අදාල දමිළ යුද හමුදා සෙබලුන් දෙදෙනාට පහර දී ඇති අතර එම පහර දීමේදී තියුණු ආයුධයකින්ද පහර දීම නිසා සෙබලුන් දෙදෙනා කැපුම් තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුලත් කොට ඇත.
අනතුරුව අදාල පහරදීම සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කළ කිලිනොච්චිය පොලීසිය විසින් පහරදීමට සම්බන්ධ සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අදාල පහර දීම දෙපිරිස අතර වූ පෞද්ගලික ආරවුලක් මත සිදු වූවක් බවට අනාවරණය වී ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ