෴ ලෝකයේ ප්‍රබල යුද සමරු ස්මාරක 10 ෴

Hora_Nariya

Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    ෴ ලෝකයේ ප්‍රබල යුද සමරු ස්මාරක 10 ෴

    ✪✪ ලෝකයේ ප්‍රබල යුද සමරු ස්මාරක 10 ✪✪

    bruce-mackinnon-cartoon.jpg

    01.9/11 Memorial

    shutterstock-513933397.jpg


    ලෝක වෙළද මධ්‍යස්ථානය ට එල්ල කෙරුණු ත්‍රස්තවාදි ප්‍රහාරය නිසා 3000 කට ආසන්න ප්‍රමානයක් මිය ගිහින් තියෙනවා . මේක සැමරීම සදහා 2011 සැප්තැම්බර් 11 දින මෙතන සිහිවටන භූමිය විදියට හදලා විවෘත කරලා තියෙන්නේ.

    02.Vietnam War Memorial

    shutterstock-130609496.jpg


    Vietnam යුද්දය අනුස්මරණය කරන්න තමයි වොෂින්ටන් ඩී සී හි අක්කර 2 ක බුමියක මේක හදලා තියෙන්නේ.වියට්නාම් යුද්ධය සඳහා සහභාගී වූ ඇමෙරිකානු සන්නද්ධ හමුදාවන්ට ගෞරව දැක්වීම සඳහා තමයි මෙම සිහිවටනය නිර්මාණය කරලා තියෙන්නේ.

    03.Vimy Ridge

    shutterstock-378957622.jpg


    Vimy Ridge කියන්නේ කැනේඩියානු ජාතික අනුස්මරණය ට. මෙය පරංශයේ පිහිටි යුද සමරු ස්මාරකයක්. 1936 ජුලි 26 වන දින Vimy Ridge සටනේදී මිය ගිය කැනේඩියානු භටයන් 10,000 කට වැඩි පිරිසකට ගෞරවයක් දැක්වීය සදහා තමයි මෙය හදලා තියෙන්නේ.

    04.Choeung Ek

    shutterstock-119784799.jpg

    the-killing-fields-choeung.jpg


    මෙම ස්මාරකය පිහිටලා තියෙන්නේ කාම්බෝජයේ . Khmer Rouge තුලදී ඝාතනය කරන ලද මිලියනයක ට අදික ජනයා ස්මරණය කිරීම සදහා තමයි 1988 දී මෙය එළිදක්වලා තියෙන්නේ.

    මෙහි මිනිස් හිස් කබල් පස් දහසක් පමණ තියෙනවා acrylic glass තුල දමලා.

    05.National War Memorial

    shutterstock-566234443.jpg


    1939 මැයි 21 වන දින ජාතික යුද්ධ ස්මාරකය විවෘත කරන ලද්දේ කැනේඩියානු භටයින් අතීතයේ යුද්ධ වලදී ඝාතනය කිරීම නිමිති කොට ගෙනය.

    06.Tjentiste Monument

    shutterstock-156609356.jpg


    බොස්නියාවේ සහ හර්සෙගොවිනාවේ පිහිටා ඇති මෙම ස්මාරකය ඉදිකරනු ලැබුවේ යුධ හමුදා සෙබළුන් 7,500 ක් ඝාතනය කිරීම අනුස්මරණය කිරීම සදහාය.

    1947 දී මෙම ස්මාරකය නිල වශයෙන් විවෘත කරන ලදී. මෙය එකිනෙකට මුහුණලා නිර්මාණය කර ඇත්තේ ප්රතිවිරුද්ධ සේනා දෙකක් සංකේතවත් කිරීම සඳහා ය .

    07.Korean War Memorial, Arlington

    shutterstock-145406227.jpg


    කොරියානු යුද්ධ ස්මාරකය 1995 ජූලි 27 දින කොරියානු යුධ සමයේදී මිය ගිය ඇමරිකානුවන් සහ එක්සත් ජාතීන්ගේ සොල්දාදුවන් 600,000 කට අධික ප්‍රමාණයක් අනුස්මරණය කිරීම සදහා නිර්මාණය කොට ඇත.

    මෙහි ඇමරිකානු සොල්දාදුවන්ගේ ප්‍රතිමා 19 ක් නිර්මාණය කොට තිබෙනවා.

    08.Marine Corps War Memorial

    shutterstock-484926322.jpg


    නාවික හමුදා යුද්දය අනුස්මරණ කිරීමට වර්ජිනියාහි ආර්ලින්ටන් හි මෙය පිහිටා ඇත. 1775 සිට සටන් කර මියගිය ඇමරිකානු නාවික සේනාංකයට ගෞරවය දැක්වීම සඳහා මෙම ස්මාරකය නිර්මාණය කරන ලදි.

    09.Memorial to the Victims of Communism

    shutterstock-570266944.jpg


    1948 සිට 1989 දක්වා කොමියුනිස්ට් යුගයේ විපතට පත් වූ වන් සිහිවීම සදහා නිර්මාණය කෙරුණු ස්මාරකයකි.

    10.Holocaust Memorial

    shutterstock-258284570.jpg


    2005 මැයි 10 වන විවෘත කෙරුණු මෙම ස්මාරකය හිට්ලර්ගේ පාලන සමයේදී ඝාතනය කරන ලද සෝවියට් යුදෙව්වන් 500,000 ට ගෞරව දැක්වීම සඳහාය.මෙය ජර්මනියේ බර්ලින්හි පිහිටා ඇත. මෙය වර්ග කිලෝමීටර් 19,000 ක භූමි ප්‍රමාණයකින් සමන්විත වේ.

    විවිධ හැඩයෙන් කොන්ක්රීට් ස්ලැබ් 2,711 ක් මෙම භූමිය පුරා කොටුවක හැඩයට සකස් කර ඇත.



    fox-face_1f98a.png