෴ ‡‡‡ කැරපොත්තා ‡‡‡ ෴

Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    ෴ ‡‡‡ කැරපොත්තා ‡‡‡ ෴

    කැරපොත්තා(Cockroach)



    igir6de.jpg


    ලෝකය වෙනස් උනත් තමන් වෙනස් උනේ නැති චරිතයක් තමයි මේ....අපි කවුරැත් හොදට අදුනන කැරපොත්තා...දැනට ලෝකයේ ඉන්න පැරණිම සත්වයා කැරපොත්තායි.මීට අවුරැදු මිලියන 350 කට පෙර බිහි වෙලා අද දක්වාම පරිණාමනය නොවූ සත්වයාත් කැරපොත්තායි. එකලත් උගේ ස්වරෑපය අදට වඩා ස්වල්පයක්වත් වෙනස් නැත. මීට අවුරැදු මිලියන 170 කට පෙර ඩයිනෝසොරයන් පොළව මත පහළ වන විටත් ඉන්පසු උන් විනාශයට පත් වෙද්දීත් මෙයට වසර කෝටි 15 කට පෙර ඇල්ප්ස් හා රොකී කදුවැටි නිර්මාණය වෙද්දීත් කැරපොත්තා පොලෝ තලය මත සිටියේය.

    BI033B.jpg

    Cockroach Fossil Insect

    spd_20130320123318_b.jpg

    Insect Fossil - Cockroach


    අවුරුදු කෝටි 200 කට පෙර බ්‍රිතාන්‍ය දූපත් සමූහය යුරෝපා මහද්වීපය වෙත පාවී ගොස් එයට එක්විය. තවත් වසර කෝටි කිහිපයකට පසු නැවත යුරෝපා මහද්වීපයෙන් වෙන්විය.යළි එක්විය. නැවත වෙන්විය. කැරපොත්තා ඒ වන විටත් පොළව මත ජීවත් විය. ටෙක්සාසයේ පොළව යට තෙල් නිධි හට ගනිදදීත් බටහිර වර්ජිනියාවේ ගල්අඟුරැ නිධි සෑදෙන කාලයේදීත් ඉන් වසර කෝටි ගණනකට පසු මනුෂ්‍යයා බිහිවන විටත් නිරැවත් මිනිසා කැළයෙන් එළියට එන විටත් කැරපොත්තා මෙලොව සිටියේය. ගත වූ වසර මිලියන 350 තුළ උගේ පිටත ශාරීරික ස්වරෑපය හෝ ශරීර අභ්‍යන්තර ස්වරෑපය කිසිදු ආකාරයකින් වෙනස් වී නැත.

    1003fig7.jpg

    කැරපොතු බිත්තර

    cockroach-egg-casing.png

    කැරපොතු බිත්තර

    එදත් අද මෙන්ම අසුවන ඕනෑම කුණුගොඩක් අනුභව කිරීමට ඌ සූදානමින් සිටියේය. සහරාවේ කාන්තාරය මැද මෙන්ම නගරයේ කුස්සි තුළත් ශීතකරණයේත් රූපවාහිනිය තුළත් ජීවත් වීමට ඌට පුළුවන. ඕර්කිඩ් පොහොට්ටුවේ සිට නියඟලා මල් පෙත්ත දක්වාත් කාඩ්බෝඩ් අලවන මැලියම්වල සිට සපත්තු හම් කැබලි දක්වාත් ඌට අනුභව කර දිරවා ගත හැකිය. ඌ බියර් බොයි. මේස රෙදි මත වැටුනු හොදි පැල්ලම් උලා කයි. තීන්ත මත ගමන් කරයි. සබන් මත වැතිර සිටී. තමන්ගේම හැව අනුභව කර වේලක් පිරිමසා ගැනීමට ඌට පුළුවන. තමන්ගේම බිත්තර වුවද කෑමට ඌ සූදානම්ය. ආහාර ජීර්ණ පද්ධතියේ ඇති විශේෂ එන්සයිමයක් මගින් දිරා ගිය ලී කුඩු ස්වල්පයක් පෝෂ්‍යදායී ආහාර වේලක් බවට පත් කර ගැනීමට ඌට පුළුවන.

    vlcsnap-002241.jpg


    අන් කිසිදු සත්වයෙකුට වඩා වැඩි කලක් කුසගින්නේ සිටීමට ඌට හැකිය.කිසිදු අසනීපයකින් ‍තොරව වතුර හෝ ආහාර නොමැතිව මාසයක්, වතුර පමණක් පානය කරමින් දෙමසක්, වතුර නැතිව වියළි ආහාර කමින් පස් මාසයක් ජීවත් වීමට මේ අරුම පුදුම සත්වයාට හැකියාව ඇත. කිළිටි ලෙස සිටීමට අකැමැති කැරපොත්තා පැය ගණනාවක් තම අත් සහ සංවේදන ඉන්ද්‍රියන් කෙළ වලින් සෝදයි. පියාඹීමට හැකි වුවත් තම ශක්තිමත් කකුල් හයෙන් දිව ගොස් බේරීමට ඌ වඩාත් කැමතිය. දැඩි බරක් යොදා උගේ සිරුර පෑගූ විට පවා අතක් පයක් කැඩුනත් අධි ශීතකරණයක බහා ගල් කර තැබුවත් ජීවත් වීමට ඌට පුළුවන. පරිසරයට අනුව තමා හැඩ ගැසෙමින් නොව තමාට අනුව පරිසරය හැඩ ගස්සවා ගනිමින් වසර දසලක්ෂ 350 ක් තිස්සේ නොනැසී පවතින එකම සජීවී පොසිලය කැරපොත්තාය.

    මේ විස්තර අනුව කෙල්ලන් කැරපොත්තාට බය ඇයිද මට හිතාගත හැකිය. මොන දේ කලත් කැරපොත්තා ජීවත් වේ.:D

     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Now, all that is left is for me to try one. Wang points out a suitable roach on the corner of the dish. "Its wings have come off, so it's easier to eat," he says.

    I pop it in my mouth and chew -- American roaches are, unfortunately, too big to swallow whole.

    The verdict. They're crunchy, like a spindly overcooked French fry, and they leave an aftertaste that has serious staying power.

    I realize that roaches may not be the best way to convince you to be an adventurous eater, but think of them as the standard bearer.

    Or take Wang's word for it.

    "If you don't try it, you will regret it for the rest of your life," he exclaims.

    TFS Mcn :o
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අපෝ මට සෙට් වෙන්නේ නැහැ...කැරපොත්තෝ හරි යන්නේ නැහැ..මන් බයයි...උන් ඉගිලෙනවනේ ආච්චි වැහිලා වගේ...අප්පෝ.....:(:(
     
    • Like
    Reactions: Mr Krrish

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    මේ විස්තර අනුව කෙල්ලන් කැරපොත්තාට බය ඇයිද මට හිතාගත හැකිය. මොන දේ කලත් කැරපොත්තා ජීවත් වේ
    :yes::yes:

    රේප් +6

     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    අපෝ මට සෙට් වෙන්නේ නැහැ...කැරපොත්තෝ හරි යන්නේ නැහැ..මන් බයයි...උන් ඉගිලෙනවනේ ආච්චි වැහිලා වගේ...අප්පෝ.....:(:(

    :no::no:RB0011478.jpg
    එහෙව් ගට් එකක් තියන සතාට අපේ අක්කල ඔයින් එකයිනෙ දෙන්න ඕනෙ
    දුක තමා
    42558_scared_cockroach_running.jpg