෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

sahanyugantha

Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    B5m6HPHCYAAoUwM.jpg

    meh tiyenne muge diyunuwe rahasa:rofl:
    mu eke sihiyen ground ekata awillath kotnawa
    :rofl:
     
    Last edited:

    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    බ්‍රෙන්ඩන් මැකලම්ගේ ප්‍රහාරය නිසා ස්ටීවන් ෆින් ඉතිහාසගත වෙයි - Newsfirst

    ketha headline eka:P
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    තරම දැනගෙන තරග වදිමු
    ( දිනේෂ් මන්ත්‍රීවිතාන ) 2015-02-20 09:06:06

    අතීතයේ සිටම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර පිටියේදී වැඩි කතාබහට ලක්වූයේ පිතිකරුවන්ගේ හා දඟපන්දු යවන්නගේ හැකියාවන් හේතුවෙන් අත්පත්කරගත් ජයග්‍රහණ නිසාවෙනි. එමෙන්ම චමින්ද වාස්ගේ මෙන්ම ලසිත් මාලිංගගේ දක්ෂතා නිසා ලබාගත් ජයග්‍රහණ හේතුවෙන්ද මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තරව කතාබහට ලක්විය. වාස් සහ මාලිංග හැරෙන්නට ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තරව කතාබහට ලක්වූ සහ ලක්වන වේගපන්දු යවන්නන් විරලය. ඉන් පෙනී යන්නේ කණ්ඩායමක් වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පිතිකරුවන් හා දඟපන්දු යවන්නන් හේතුවෙන් වැඩි ජයග්‍රහණ ප්‍රමාණයක් හිමිකරගත් කණ්ඩායමක් බව නොවේද?

    තවද මේ මොහොතේදීද කණ්ඩායමක් ලෙසින් අපට වැඩි විශ්වාසයක් තැබිය හැක්කේ අපේ පිතිකරුවන් සහ දඟපන්දු යවන්නන් කෙරෙහිය. ලසිත් තවමත් සුපුරුදු රිද්මයේ නොමැති අතර, සුරංග ලක්මාල්ද තවමත් වේගපන්දු යවන්නෙකු ලෙස සිය පැමිණීම සටහන් කරමින් සිටියි. එබැවින් අපේ තරම දැනගෙන එළැඹෙන 22 වැනිදා නවසීලන්තයේ ඕවල් පිටියේදී ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වෙන තරගයට මෙන්ම තරගාවලියේ ඉදිරියට ගමන් කිරීමේදී පිතිකරුවන් සහ දඟපන්දු යවන්නන් කෙරෙහි විශ්වාසය තබාගෙන තරග වැදීම වැදගත්ය.

    ඔස්ට්‍රේලියාව, ද. අප්‍රිකාව, නවසීලන්තය, බ.ඉ. කොදෙව් සහ එංගලන්තය වැනි කණ්ඩායම් සමග තරග වැදීමේදී ඔවුන්ගේ වේගපන්දු යවන්නන් සම්බන්ධයෙන් අපේ පිතිකරුවන්ට පොඩි හෝ චකිතයක් ඇති වන්නේ යම් සේද ශ්‍රී ලංකා කණ්ඩායම සමග තරග වැදිමේදී එම රටවල්වලටද යම් චකිතයක් ඇතිවීම නිරායාසයෙන් සිදුවන්නකි. එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායම සම්බන්ධයෙන් අතීතයේ සිටම පවතින මෙම තත්ත්වයෙන් ප්‍රයෝජනයක් ගන්නේ නම් මෙවර තරගාවලියේදීද ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරියට ගමන්කිරීමේ අවස්ථාව උදාකරගත හැකිය.

    අනෙක් අතට නිරන්තරයෙන්ම පැ.කි.මී 135 ත් 150 ත් අතර වේගයකින් පන්දු යවන විදෙස් වේගපන්දු යවන්නන් හා සසඳා පැ.කි.මී 120 ත් 140 අතර වේගයකින් පන්දු යවන අපේ වේගපන්දු යවන්නන්ගෙන් තරග වැදීම නුවණට හුරු නැත. නිරන්තරයෙන් පැ.කි.මී 135 ත් 150 ත් අතර වේගයකින් පන්දු යවන වේග පන්දු යවන්නන් අතීතයේ සිටම නොසිටි තරම්ය.

    එබැවින් ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වෙන තරගයේදී ලසිත්, සුරංග හෝ චමීර, රංගන, සචිත්‍ර යන නිත්‍ය පන්දු යවන්නන් සිවුදෙනා සමගින් තරග වැදීම වඩා වැදගත් බව අප විශ්වාස කරමු. තවද ඩිල්ෂාන් සහ මැතිව්ස්ද පන්දු යැවිය හැකි පිතිකරුවන් බැවින් ඔවුන් දෙදෙනාද වැඩි පන්දුවාර සංඛ්‍යාවක් යැවිය යුතු බව අපගේ විශ්වාසයයි. ලෝක කුසලාන තරගාවලියකදී තණතිලි සම්බන්ධයෙන් කටයුතු කරන්නේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට සම්බන්ධ කමිටු බැවින් ඔවුන් ලබාදෙන තණතිලි බොහෝ විට සියයට පනහේ පනහේ තණතිලි වේ. එහෙයින් අපේ පන්දු යැවීමේ ශක්තිය වූ දඟපන්දු යවන්නන්ගෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට වැඩි ප්‍රයෝජනයක් ලබාගත හැකිය. පන්දුව දඟකැවිය හැකි පන්දු යවන්නන්ටද අවශ්‍ය නම් මෙම තණතිලිවලදීද පන්දුවේ දඟකැවීමක් ලබාගත හැකිය.

    විශේෂයෙන්ම රංගන, ඩිල්ෂාන් මෙන්ම ඇෆ්ගනිස්තාන තරගයට සචිත්‍ර ක්‍රීඩා කරන්නේ නම් ඔවුන් යොදාගනිමින් පන්දුවාර 30 ක් පමණ යැවීමට අවස්ථාව උදාකරගත හැකිය. එසේ වුවහොත් සෙසු පන්දු යවන්නන් වන ලසිත්, සුරංග හෝ චමීර, මැතිව්ස්ට සහ ඉරිදා (22දා)පැවැත්වෙන තරගයට තිසර ක්‍රීඩා කරන්නේ නම් ඔහුද උපයෝගී කරගනිමින් යැවීමට ඇත්තේ පන්දුවාර 20 ක් පමණි. එහෙයින් එම පන්දු යැවීමේ සංයෝගයෙන් ක්‍රීඩා කරන්නේ නම් පන්දු යවන්නන් වෙනස් කරමින් මැතිව්ස්ට සෙසු කණ්ඩායම් වෙත වැඩි පීඩනයක් එල්ල කළ හැකිය.

    තවද, නුවන් කුලසේකරගේ ස්ථානයට තිසරද, ජීවන් වෙනුවට චන්දිමාල්ද කණ්ඩායමට කැඳවිය හැකි අතර, ඉන් පිතිකරණ අංශයේ ශක්තිය තවතවත් වැඩිකළ හැකිය. විශේෂයෙන්ම ජීවන් සම්බන්ධයෙන් මැතිව්ස්ට 100% විශ්වාසයක් නොමැති බව පෙනෙන්නට තිබේ. ජීවන් ගැන මැතිව්ස්ට විශ්වාසයක් පැවතියේ නම් මැතිව්ස් නවසීලන්තය සමග පැවැති තරගයේදී ජීවන්ට වැඩි පන්දුවාර සංඛ්‍යාවක් යැවීමේ අවස්ථාව ලබාදෙන්නේය. එසේ නොවූයෙන් පෙනී යන්නේ මැතිව්ස්ට ජීවන් ගැන විශ්වාසයක් නොමැති බවයි.

    එමෙන්ම තරගයට පෙරාතුව යම් යම් සැලසුම් ඇතිව තරගයට ප්‍රවිශ්ට වුවද, තරගය ක්‍රියාත්මක වීමේදී කලින් සිදුකළ සැලසුම් සාර්ථක නොවීමට පුළුවන. එමෙන්ම තණතීරුවේ හැසිරීම ගැන අනුමාන කොට තරගයට පෙරාතුව යම් යම් සැලසුම් සකස් කළද තරගය ක්‍රියාත්මක වනවිට එම සැලසුම් වෙනස් කිරීමට සිදුවේ. ඒ සම්බන්ධයෙන් මැතිව්ස්ට අවබෝධයක් තිබිය යුතුය. එහෙත් පළමු තරගයේදී පන්දුවාර 2ක් තුළදී කඩුලු දෙකක් දවාගත්තද, කුරේ ඇන්ඩර්සන් පන්දුවට පහරදීමට පැමිණි බැවින් ජීවන් පන්දු යැවීමෙන් ඉවත් කිරීමට මැතිව්ස් කටයුතු කළේය. එය එතරම් අනුමත කළ නොහැකි ක්‍රියාවකි. ජාත්‍යන්තර තරග බිමේදී පන්දු යවන්නෙකු දුර්වල පන්දුවක් ලබාදුනහොත් හැර පිතිකරුවෙකු පැමිණි විගස වේගවත් පහරවල් සඳහා අවතීර්ණ වීම විරලය.

    විශේෂයෙන් ඇන්ඩර්සන් පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ නවසීලන්තයට ලකුණු වැඩිකර ගැනීම සඳහා තවත් පන්දුවාර 15ක් ඉතිරිව තිබුණි. එබැවින් ඇන්ඩර්සන් තම ඇස පන්දුවට හුරුවනතෙක් පන්දුවාර එකක් හෝ දෙකක් යොදාගැනීමට අවස්ථාව පැවතුණි. එහෙයින් පන්දුවාර දෙකකදී කඩුලු දෙකක් දවාගනිමින් ජීවන් වැඩි විශ්වාසයකින් පසුවූ අතර, ඔහු එම අවස්ථාවේදී හොඳින් පන්දු යවමින් සිටින බව පිතිකරුවෝද දැනසිටියහ.



    එබැවින් ජීවන් හොඳින් පන්දු යවන්නේ නම් පිතිකරුවන් නියත වශයෙන්ම ආරක්ෂාකාරීව පන්දුවට පහරදීමට වගබලා ගනී. එහෙත් නිසි රිද්මයේ නොමැති වේග පන්දු යවන්නන් යොදාගනිමින් කඩුල්ලක් දවාගැනීමට ගත් මැතිව්ස්ගේ උත්සාහය සාර්ථක නොවීය. එවැනි අවස්ථා තේරුම්ගැනීම නායකත්වයේ සතු ගුණාංගයකි. එබැවින් ඒ ඒ දිනයේදී කඩුලු අතරට පැමිණෙන පන්දු යවන්නන් යොදාගනිමින් ප්‍රතිවාදී කණ්ඩායම් පීඩනයට හසුකර ගැනීම කණ්ඩායම් නායකයන් විසින් සිදුකරනු ලැබුවද, මැතිව්ස් එම අවස්ථාව මගහැරගත්තේය. එබැවින් තරගය ක්‍රියාත්මක වනවිට තරගයට පෙරාතුව සැලසුම් කළ සැලසුම්වලින් ඉවත්ව තරගයේ ස්වභාවය තේරුම් ගෙන පන්දු යවන්නන් යොදාගැනීමට මැතිව්ස් එඩිතර විය යුතුය.

    සෙසු කණ්ඩායම් හා සැසඳීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රවේගවත් ආරම්භයක් නොලැබීම දුර්වලතාවකි. ළහිරු තිරිමාන්න යනු පිටියේ ස්ථාවර වූ පසු වේගයෙන් ලකුණු රැස්කරන පිතිකරුවෙකු බැවින් කණ්ඩායමට අවශ්‍ය ප්‍රවේගකාරී ආරම්භය ලබාදීම ඩිල්ෂාන්ගේ වගකීම වේ. ඩිල්ෂාන්ද මන්දගාමී ආරම්භයක් ලබාගතහොත් කණ්ඩායමට අවශ්‍ය ප්‍රවේගකාරී ආරම්භය ලබාගැනීම අපහසුවිය හැකිය. එබැවින් ළහිරු මැද පෙළ පිතිකරුවෙකු ලෙස යොදාගනිමින් තිසරට ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබාදී ඔහුගෙන් වැඩි ප්‍රයෝජනයක් ලබාගත හැකිය.

    තිසර අලුත් පන්දුවට පහරදීමට යම් චකිතයක් දක්වන්නේ නම් එම චකිතය නැති කිරීම කණ්ඩායම් කළමනාකාරීත්වය සතු වගකීමකි. තිසරට ඔහු කෙරෙහි විශ්වාසය ඇති කළ යුතුව ඇත. එසේ නොමැති නම් අවසන් අනිවාර්ය පන්දුවාර පහ තුළදී තිසරගෙන් වේගවත් ඉනිමක් ඉල්ලා සිටිය යුතුය. එමෙන්ම පාදයේ වම් කලාපයේ මෙන්ම දකුණත් කලාපයටද පහරවල් එල්ල කිරීමට තිසරට උපදෙස් දිය යුතුව ඇති බව අපගේ හැඟීමයි. එසේ වුවහොත් ඔහුගෙන් කණ්ඩායමට වැඩි සහායක් ලබාගත හැකිය.
     
    Status
    Not open for further replies.