෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අපි AUS වලට පරාද උනොත් එහෙම අපි 3 වෙනවා නේද බොල :(
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    NZ oya hithana tharan porawal neme ban.Scotland match eke 142 chase karala wicket 8k gihin.Aus match eke 150 chase kale wicket 9k gihin.ona normal bowling unit ekak thiyena team ekaka bowling unit eka click unoth NZ unwa paraddanna puluwan :yes::yes:

    ඔසීලට ඇරෙන්න දැන් ඉන්න තත්වේ අනුව කිවීස්ලා පරද්දන්න අමාරැයි උන්ගේ රටේදි
    :rolleyes::rolleyes::rolleyes:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    දැන් මෙහෙමයි වෙන්න ඕන
    අපි ඕස්ට්‍රේලියාවටත් ගහලා ස්කොට්ලන්තටෙත් ගහන්න ඕන
    එතකොට ඔසී 3 වෙයි ඉතුරු මැච් දින්නොත්
    ඉන්දියාව WI, ZIM, IRE වලින් එකකට පරදින්න ඕන
    එතාකොට SA ගොඩක් විට 1 වෙයි මැච් අනික්වා දින්නොත්
    එතකොට ඉන්දියා ඕස්ට්‍රේලියා තමයි එන්නේ ඊලග වටේ
    මේක ගොඩක් වෙලාවට වෙන්න තියෙන චාන්ස් එක වැඩියි
    එහෙම උනොත් ඉන්දියාව දොට්ට
    අපි පැරදිලා AUS වලටඉන්දියාත් කාටහරි පැරදුනොත් ඉන්දියාවයි අපියි සෙට් වෙන්නේ

    :baffled::baffled::baffled:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    දැන් මෙහෙමයි වෙන්න ඕන
    අපි ඕස්ට්‍රේලියාවටත් ගහලා ස්කොට්ලන්තටෙත් ගහන්න ඕන
    එතකොට ඔසී 3 වෙයි ඉතුරු මැච් දින්නොත්
    ඉන්දියාව WI, ZIM, IRE වලින් එකකට පරදින්න ඕන
    එතාකොට SA ගොඩක් විට 1 වෙයි මැච් අනික්වා දින්නොත්
    එතකොට ඉන්දියා ඕස්ට්‍රේලියා තමයි එන්නේ ඊලග වටේ
    මේක ගොඩක් වෙලාවට වෙන්න තියෙන චාන්ස් එක වැඩියි
    එහෙම උනොත් ඉන්දියාව දොට්ට
    අපි පැරදිලා AUS වලටඉන්දියාත් කාටහරි පැරදුනොත් ඉන්දියාවයි අපියි සෙට් වෙන්නේ

    :baffled::baffled::baffled:
    අපිට 2වෙනි තැන නැති වෙනවා නේද බන්
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අපිට 2වෙනි තැන නැති වෙනවා නේද බන්

    අපේ උන් ගහයි බන් ඕස්ට්‍රේලියාවට

    graphics-3d-smileys-060742.gif

     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මේ මගේ හෙඳම ඉනිම නෙමේ - තිරිමාන්න

    MMMMMMM(4).jpg


    ලෝක කුසලාන තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමට ලැබුණේ අසාර්ථක ආරම්භයක් නමුත් මේ වන විට තරගාවලියේ ඉතාමත් ප‍්‍රබල කණ්ඩායම් අතරට පිවිසීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත්ව සිටී.
    ශී‍්‍ර ලංකා පිල මෙම ස්ථානයට ගෙන ඒම සඳහා ළහිරු තිරිමාන්නගේ දායකත්වය තරග 4 කදී ලකුණු 256 කි.
    ඉනිමක සාමාන්‍යය 85.30 කි.

    ඇෆ්ඝනිස්ථානයට එරෙහිව පැවැති තරගයේදී පළමු පන්දුවෙන්ම දැවී ගිය නමුත් ඉතිරි තරග තුනේදී ශතකයක් සහ අර්ධ ශතක දෙකක් ලබාගැනීමට තිරිමාන්න සමත් විය.
    වෙලින්ටන්හිදී ඉරිදා (1 වැනිදා) පැවැති තරගයේදී කුමාර් සංගක්කාර සිය විශිෂ්ටත්වයේ සංදර්ශනය ආරම්භ කරන්නට පෙර
    තිලකරත්න ඩිල්ෂාන් සමග එක්ව ශතක සම්බන්ධතාවක් පවත්වමින් ලකුණු 310 ක අභියෝගයක් කරා යාමේ අත්තිවාරම දමා තිබුණේද තිරිමාන්නය.

    මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ආරම්භක පිතිකරුවන් අතර පැවැති ශතක සම්බන්ධතා ගණන 5 කි. තිරිමාන්න සිය ජ්‍යෙෂ්ඨ සගයා වූ තිලකරත්න ඩිල්ෂාන් සමග එක්ව ශතක සම්බන්ධතා දෙකකටම සම්මාදම් විය.

    ලෝක කුසලාන තරගයකදී ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ශතකයක් ලබාගත් ලාබාළතම පිතිකරුවා වූ තිරිමාන්න පවසන්නේ කුමාර් සංගක්කාර වැනි පිතිකරුවකු සමගින් පන්දුවට පහර දීම තමන්ට මහත් පහසුවක් වූ බවයි.

    ”එයා කී‍්‍රඩා කරපු විලාසය නිසා මට තිබුණු පීඩනය හුගාක් අඩුවුණා. මොකද එයා පන්දුවට පහර දෙන්න එන වෙලාවේ ඕවරයකට ලකුණු 7 ක් 7.5 ක් විතර ඕනෑ වෙලා තිබුණේ”

    ”ඉතින් එයා ආපු ගමන් ලකුණු එක දෙක තල්ලූ කරලා හතරේ ඒවාත් ගහන්න ගත්තා...
    ඉතින් මගේ වැඬේ පහසු වුණා.
    මමත් කළේ ලකුණු එක දෙක තල්ලූ කරලා, කුමාට දිගින් දිගටම පන්දුවට පහර දෙන්න ඉඩදීපු එකයි” යයි තිරිමාන්න තරගයෙන් අනතුරුව පැවසීය.

    ශී‍්‍ර ලංකා ඉනිමේ ඕවර 25 ක් පමණ නිමාවී තිබියදීත් ශී‍්‍ර ලංකා පිතිකරුවන්ගේ සිත් තුළ වැඩකළේ ලකුණු 310 ක් යනු අභියෝගාත්මක ලකුණු සංඛ්‍යාවක් බවයි.
    එයට ප‍්‍රධාන හේතුවක් වූයේ දග පන්දු යවන්නන් පන්දු යවන විට තණතීරුව තරමක් මන්දගාමී විමයි.
    ඒ වනවිට ලකුණු එක දෙක ලබාගැනීමත් තරමක් අසීරු වී තිබිණ.

    එවන් තත්ත්වයක් තිබුණද එංගලන්ත පිලට හිටියේ එක දග පන්දු යවන්නකු පමණි.
    ඔහුද පිතිකරුවකු ලෙසින් කණ්ඩායමට එක්වූ මුයින් අලී මිස විශේෂඥ දග පන්දු යවන්නකු නොවීය.
    ඒ වෙනුවට එකම ආකාරයේ වේග පන්දු යවන්නන් සිවු දෙනකුගෙන් එංගලන්ත පිල සමන්විත වීම තිිරිමාන්න ඇතුළු ශී‍්‍ර ලංකා පිතිකරුවන්ගේ ගමන පහසු කළේය.

    ”මේ ඉනිම මගේ කි‍්‍රකට් ජීවිතයේ හොඳම ඉනිම නෙමේ.
    මේක මගේ දෙවැනි නැත්නම් තුන්වැනි හොඳම ඉනිම කියා මා හිතනවා”

    ”මා හිතනවා ආසියානු කුසලාන අවසන් මහ තරගයේදී මා ලබාගත් ශතකය මීට වඩා ටිකක් හොඳ බව
    ...මේ ඉනිම ආරම්භයේදී මට ටිකක් වාසනාවත් ලැබුණා.
    ඒත් ඒ අවස්ථාවෙන් ප‍්‍රයෝජන අරගෙන මා ඉදිරියටම ගියා”

    ”මට විතරක් නෙමේ ඒගොල්ලන්ගේ පිතිකරුවන්ට වුණත් වාසනාව ලැබුණා....
    ඒත් මට ඕනෑ කළේ තරගය ඉවර වෙනකම්ම පිටියේ රැඳී ඉඳගෙන පන්දුවට පහර දෙන්නයි” යයිද තිරිමාන්න පැවසීය.

    තිරිමාන්න ශතකය ලබාගත් අවස්ථාවේදී කුමාර් සංගක්කාර තරමක් කිපුණු ස්වරූපයක් ගත් ආකාරයක් පෙන්නුම් කළේ දෙවැනි ලකුණු සඳහා ආපසු හැරී නොඒම පිළිබදවය.
    එහෙත් පන්දු රකින්නා ඒ අසළම සිටි බවක් සංගක්කාර දුටුවේ නැති බවත් ඒ සම්බන්ධයෙන් හිත කරදර කර නොගන්නා ලෙස තමන්ට පැවසූ බවත් තිරිමාන්න පැවසීය.

    ”මේ අවස්ථාවේ නම් මා හිතන්නේ ලෝකයේ ඉන්න හොඳම පිතිකරුවා කුමාර් සංගක්කාර කියලයි...
    එයා ඒ තරම්ම හොඳින් පන්දුවට පහර දෙනවා”

    ”එයා ලකුණු එක දෙක තල්ලූ කරනවා විතරක් නෙමේ හයේ හතරේ ඒවාත් ගහනවා..
    ඒක කණ්ඩායමට හුගාක් හොඳයි.
    මේ තරගයේදී එයා (සංගක්කාර) ලකුණු 100 ලබාගත්තේ පන්දු 60 ගණනකින්...
    ඒ නිසා කුමාර් ලකුණු අතර ඉන්දැද්දී ඒ වගේ ඉලක්කයක් කරා යන්න පුළුවන් වුණ එක හොඳයි” යයිද තිරිමාන්න පැවසීය.

    ශී‍්‍ර ලංකා පිල වඩාත් අසීරුවෙන් මුහුණ දුන්නේ ඇෆ්ඝනිස්ථානයට එරෙහිව පැවැති තරගයේදීද නැතහොත් එංගලන්තයට එරෙහිව පැවැති තරගයේදීද යන්න කළ විමසීමේදී ශී‍්‍ර ලංකා ආරම්භක පිතිකරුවා වඩාත් අපහසුතාවට මුහුණ දුන්නේ එයට දිය හැකි පිළිතුරක් සොයාගත නොහැකිව නොවේ.
    එම ප‍්‍රශ්නය ඇසුවේ එංගලන්ත ජාතිකයකු වූ බැවිනි.

    ”ඇත්තම කියනවා නම් එදා ඇෆ්ඝනිස්ථානු පන්දු යවන්නන් හොඳින් පන්දු යැව්වා.
    ඒත් එදා ඔවුන්ට තණතීරුවෙනුත් හොඳ සහයෝගයකුත් ලැබුණා. ඒත් අද නම් මට ටිකක් පහසු වුණා” යයි තිරිමාන්න ප‍්‍රවේසමෙන් වචන ගලපා ගනිමින් පැවසීය.


    graphics-3d-smileys-723101.gif
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    සීක්කුගේ ප්‍රසන්න ඔස්ට්‍රේලියාවට යයි

    අබාධයකට ලක්ව සිටින රංගන හේරත්ට ආදේශ ක්‍රීඩකයෙක් ලෙස
    සීක්කුගේ ප්‍රසන්න ඔස්ට්‍රේලියාවට යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.
    නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරන්නේ
    එය හුදෙක්ම ආරක්ෂිත ක්‍රියාවක් වශයෙන් සිදුකළ බවයි.

    කෙසේ වෙතත් රංගන කණ්ඩායමෙන් ඉවත් කර නොමැති අතර
    සීක්කු ප්‍රසන්න අවශ්‍යතාවයක් ඇතිවුවහොත් අයි.සී.සී. අනුමැතිය අනුව
    ඉදිරියේදී කණ්ඩායමට එක්වෙනු ඇත
    .


    වැඩක් නෑ හේරට ඉතුරු ඒවා ගහන්න බැරි උනත් මූව දාන්නේ නෑ
    දැනට මෙහෙන් පස්සේ යවපු එකෙක්ව වත් දැම්මද


    :baffled::baffled::baffled::baffled:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    සීක්කුගේ ප්‍රසන්න ඔස්ට්‍රේලියාවට යයි

    අබාධයකට ලක්ව සිටින රංගන හේරත්ට ආදේශ ක්‍රීඩකයෙක් ලෙස
    සීක්කුගේ ප්‍රසන්න ඔස්ට්‍රේලියාවට යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.
    නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරන්නේ
    එය හුදෙක්ම ආරක්ෂිත ක්‍රියාවක් වශයෙන් සිදුකළ බවයි.

    කෙසේ වෙතත් රංගන කණ්ඩායමෙන් ඉවත් කර නොමැති අතර
    සීක්කු ප්‍රසන්න අවශ්‍යතාවයක් ඇතිවුවහොත් අයි.සී.සී. අනුමැතිය අනුව
    ඉදිරියේදී කණ්ඩායමට එක්වෙනු ඇත
    .


    වැඩක් නෑ හේරට ඉතුරු ඒවා ගහන්න බැරි උනත් මූව දාන්නේ නෑ
    දැනට මෙහෙන් පස්සේ යවපු එකෙක්ව වත් දැම්මද


    :baffled::baffled::baffled::baffled:
    :angry::angry:මේ හුත්^ වැඩක් නෑ මටනම් මොන එහෙකට යැව්වද මන්දා
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    සීක්කුගේ ප්‍රසන්න ඔස්ට්‍රේලියාවට යයි

    අබාධයකට ලක්ව සිටින රංගන හේරත්ට ආදේශ ක්‍රීඩකයෙක් ලෙස
    සීක්කුගේ ප්‍රසන්න ඔස්ට්‍රේලියාවට යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.
    නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරන්නේ
    එය හුදෙක්ම ආරක්ෂිත ක්‍රියාවක් වශයෙන් සිදුකළ බවයි.

    කෙසේ වෙතත් රංගන කණ්ඩායමෙන් ඉවත් කර නොමැති අතර
    සීක්කු ප්‍රසන්න අවශ්‍යතාවයක් ඇතිවුවහොත් අයි.සී.සී. අනුමැතිය අනුව
    ඉදිරියේදී කණ්ඩායමට එක්වෙනු ඇත
    .


    වැඩක් නෑ හේරට ඉතුරු ඒවා ගහන්න බැරි උනත් මූව දාන්නේ නෑ
    දැනට මෙහෙන් පස්සේ යවපු එකෙක්ව වත් දැම්මද


    :baffled::baffled::baffled::baffled:

    Prassana is good option as he performed well against the Nz series final match
     
    Status
    Not open for further replies.