මේකට හරි උත්තරයක් දෙන්න කාටවත් බැහැ.. මොකද දෙන ඕන උත්තරයක් ගැන තව කෙනෙකුට තර්ක කරන්න පුළුවන්.. රනවුට් එකකින් අවුට් උනොත් බැට්ස්මන් මාරු වෙනවා.. ගොඩක් උඩ ගියපු කැච් එකකින් අවුට් උනොත් බැට්ස්මන්ලා දෙන්නා ක්රොස් කරලා ඉන්න පුළුවන්, ඉතින් මේකට නිශ්චිත උත්තරයක් දෙන්නනම් හැම බැට්ස්මන්ම බෝලේ විකට් එකේ වැදිලා අවුට් කියලා හිතන්න වෙනවා.. එහෙම උනොත් උත්තරේ.. පලවෙනි ඕවරේ 1,3,4,5,6,7, කියන උන් අවුට් වෙනවා.. දෙවනි ඕවරේ පලවෙනි බෝලේ ෆේස් කරන්නේ අනිත් ඕපනින් බැට්ස්මන්.. 2,9,10,11 කියන උන් අවුට් වෙනවා.. එහෙම උනොත් නොටවුට් වෙන්නේ 8 වෙනි බැට්ස්මන් තමයි..