-නුගේගොඩ අරියාදුකම්-
නුගේගොඩ හිස්පිරි ඇත
අප්පච්චි ආයෙත් එන්නන්ලු
බහුතරය යැව්ව මුත් බහුතරය හොද මදිලු,
සුලුතරය කියයි කැහැපොට ගහන්
හිස් ගොඩ අතපතර නුපුරුදු අය බොහොයි
සමෘධිය ගන්න යද්දි හමු නොවු.
උපාධි ඇතිමුත් දහදහේ දීමනාවට
අපේ සේවය ඔබටයි, ඔබ පමනක් ගැනම සිතමින්
එදා අප ගියා අද අපිව එපා,එපා අප සේවයට ගැරහුම්
ඇට,කොල බෙදුවෙ අපි, කැන්වසින් ගියේ අපි
ඇයි කිමද නුගේගොඩ අපට නැති ඇරයුම්
සී.ටී.බී බස් එකේ අපි ගියේ උජාරුවෙන්
බොන්න කන්නට මෙන්ම ලැබූනෙ හොද සැලකුම්.
ඕවටයිම්,බටා, ට්රැව්ලින් ගෙව්වෙ අඩු නැතිව
මැයි දිනය,ලොක්කගෙ රැලිය අපේ මුලික රාජකාරිය
ඉටුකලේ අඩු පාඩුවක් නැතුවම.
ඒත් ඇයි අද නුගේගොඩින් අපට අරියාදුකන්.
-චාමින්ද රුද්රිගු