‍ෆොනී පැරදුණේ ඇයි? | Why did Foni lose?

Wal Bada

Well-known member
  • ‍ෆොනී පැරදුණේ ඇයි? | Why did Foni lose?

    ලංකාවේ සයවැනි ජනපතිවරණය අවසන් වූයේ මහින්ද රාජපක්ෂ මහතාට අති විශිෂ්ට ජයක් අත් කර දෙමිනි. යුධ විරුවකු ලෙස දනන් තුඩ තුඩ රැව් දුන් පිළිමල් අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා නොසිතූ ආකාරයේ පරාජයකට මුහුණ පෑවේය. වසර තිහක් ඔඩු දුවා තිබූ යුද්ධයක් අවසන් කිරීමේ තීරණාත්මක කාර්යභාරයක් කළ ෆොන්සේකා මහතාට මෙසේ වූයේ ඇයිද යන්න විමසා බැලිය යුතුය.ඇතැම් බ්ලොග් කරුවන් පුන පුනා පෙන්වන්නට දත කන පරිදි අප රටේ ඡන්ද දායකයා මෝඩ නැත. ඔවුහු තමන් මූලිකත්වය දිය යුතු කරුණු හොඳින් හඳුනති.

    පළමුකොට සලකා බැලිය යුත්තේ මේ දෙදෙනාගේ ප්‍රතිපත්ති සම්බන්ධවයි. මහින්ද රාජපක්ෂ මහතා ඒකීය රටක් වෙනුවෙන් පෙනී සිටින්නෙකි. ඒකීය රටක් යනු බලය නොබෙදූ ඒකකයකැයි සිතා සිටින ඇතම් බ්ලොග් පඬුවෝද මහින්ද රාජපක්ෂයන් බලය බෙදීමට එකඟ නිසා ඔහු ඒකීය රට නොරකිතියි සම්ඵප්‍රලාප පැවසූහ. (ලේඛකයා දේශපාලකයන් වෙත හා ජනවාර්ගික පදනමින් බලය බෙදීමට කිසිසේත් එකඟ නැත.) නමුත් ෆොන්සේකා මහතා මේ ගැන රැකීයේ ගොළු වතයි. ෆොන්සේකා මහතාට සහය දෙන නඩය ඒකීය බව පිළිනොගන්නා ඉතිහාසයක් තිබීම මත ඡන්ද දායකයෝ ෆොන්සේකා මහතා මේ අංශයෙන් රූකඩයක් වී ඇති බව පහසුවෙන්ම වටහා ගත්හ.

    දෙවනුව ෆොන්සේකා මහතා විසින් රණවිරුවන් ගැන ප්‍රකාශ කරන්නට යෙදුණු මත භේදාත්මක කරුණු පෙන්විය හැකිය. ඔහු ඒ ප්‍රකාශය තමා විසින් නොකළ බවට කී දියාරු ආකාරයත්, සන්ඩේ ලීඩර් පුවත් පතට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවට කට මැත දොඩා පසුව කසාය බිවූ ගොළුවකු මෙන් සිටීමත් තුලම, ඔහු විසින් මෙම ප්‍රකාශය කරන්නට ඇතයි යන සැකය මහජනයා තුල ඇතිවන්නට ඇත. සමහර බ්ලොග් ඔස්තාර් ලා කරන්නට ඇරයුම් කරන පරිදි සොල්දාදුවා කරෙන් බිමට තැබීමට අප ජනයා සූදානම් නැත. සිංහල අනන්‍යතාවයට තිබූ විසල් තර්ජනයක් නිම කළ මේ රණ විරුවන් කෙරෙහි එම සිංහල අනන්‍යතාවය නොරුස්සන කාල් (1/4) මාක්ස්වාදී පචබාහුලාගේ ඇත්තේ නොතිත් වෛරයකි. මේ කාල් ගුරුන්ගේ ගෝල බ්ලොග් කරුවන්ද ගුරු මන්තර වමාරනු හැර ලාංකික සමාජ - දේශපාලන පරිසරය ගැන ඇත්තේ අසංවේදී බවකි. එම ප්‍රකාශ තුල ශ්‍රී ලංකාව ජගත් තලයේ අපකීර්තියට පත්වූ අයුරුද, ඒ සඳහා සැදී පැහැදී සිටි මුත්, සත්‍යය හමුවේ ගිලී යමින් පිදුරු ගස් වල එල්ලි එල්ලී සිටි අශුද්ධ බලවේග වලට එල්ලෙන්නට හොඳ වර පටක් සපයා දීමත් එමගින් සිදු විය. ෆොන්සේකා නම් පළි ගැනීමේ නිළධාරියා මින් නවතිනු ඇතැයි සිතිය නොහැක. තානාපති වරප්‍රසාද ලබා රටින් පිටවී ලංකාවට එරෙහිව යුධ අපරාධ චෝදනා සඳහා (බොරු) සාක්ෂි දීමටද ඔහු එකඟ වනු ඇත. අප රටේ ජනයාට මෑත කාලයේ තිබූ සුවිසල්ම පැණය වූයේ මර බියයි. මර බිය නැති කළ හමුදාවන්ට දොස් පවරන අයකු ඔවුන්ගේ උදහසට ලක් වන බව ෆොන්සේකා මහතාගේ මොට්ට උපදේශකයන්ට වැටහුනේ නැත.

    අවසන් කරුණ වනුයේ රටේ මහජාතිය පෙළන ලද "රජුන් තැනීමේ" සුළු ජාතික ප්‍රතිපත්තිය පරාජය කිරීමයි. 1948 සිට 2005 දක්වා පාර්ලිමේන්තු බලය රැක ගැනීම සඳහා එ.ජා.ප. හා ශ්‍රී.ල.නි.ප. විසින් සුළු ජාතික පක්ෂ වලට විවිධ වරදාන දෙමින් මහ ජාතියේ අයිතිය කෙලෙසූහ. (උදා. නුවර එළියේ දෙමළ හා සිංහල පාසල් වල තත්වය සසඳා බලන්න ). 2005 දී ප්‍රථම වරට රජුන් තනන්නන් කුරු මිට්ටන් බවට පත් වූ අතර මස් රාත්තල ඉල්ලමින් පෙරළි කිරීමට ඔවුන්ට තිබූ හැකියාවද ඉන් අවසන් විය. ඉන් පසු ඔවුන් සිදු කළේ ප්‍රධාන් පක්ෂයේ ප්‍රතිපත්ති වලට අනුගත් වීම මිස, පෙර මෙන් එය වෙනස් කිරීම නොවේ. නමුත් ෆොන්සේකා මහතා සිදු කළේ හකීම්, මනෝ ගනේෂන් ආදී සුළු ජාතික පක්ෂ නායකයන් ගේ ප්‍රතිපත්ති අනුව යාම මිස ඔවුන් තම ප්‍රතිපත්ති වලට අනුගත කර ගැනීම නොවේ. එනම් වලිගය විසින් බල්ලා සෙලවීමය. ලංකාවේ සිටින ජනතාව මේ විකෘත "බල්ලා හා වලිගය " අතර වූ සහසම්බන්ධතාවය වටහා ගැනීමට තරම් මෝඩයන් නොවේ. තමන් මෝඩයන් ලෙස ට අන්දා කරන්නට ගිය විගඩමට ඔවුන් නිසි ලෙසම පිළිතුරු ලබා දුන්හ.මේ හැර ෆොන්සේකා මහතාගේ පරාජයට හේතු වූයේ ඔහුට විරුදුව ආ මඩ, ඔහුගේ වාග් විලාශය හෝ චූදිත අවි ගනුදෙනු වැනි කරුණු නොවේ. මෙරට ඡන්ද දායකයා සංවේදී වූයේ රට ගැන මිස බඩ ගැන නොවේ.

    මේ අතරම පූර්ව ජනපතිවරණ කාලය තුල ඇතැම් බ්ලොග් කරුවන් ගෙන ගිය හාස්‍ය ජනක රංගනයන් ගැනද යමක් නොකියාම බැරිය. රාමු රහිත බ්ලොග් ලියන්නා ලංකාව වරාය කටයුතු අතින් 92 වැනි තැන සිට 132 වැනි තැනට වැටීම උළුප්පමින් ලිපියක් ලියා තිබිණි. නමුත් මේ මෝඩයාගේ පශ්චාත් භාගයට එල්ල කල ජව බල සම්පන්න පා පහරක් මෙන් කියැවුනේ ශ්‍රී ලංකාව ප්‍රථම වරට මධ්‍යම තරමේ සංවර්ධිත රටක් බවට පත්වී ඇති බවය. ආණ්ඩුවේ කෙන්දක් දුර්වලතා කන්දක් තරම් විශාල කර පෙන්වා, විපක්ෂයේ දුර්වලතා ශේප් කර දැමූ රාමු රහිතයා නිරුවතින් කඩේ යාම සඳහා දර්ශීය උදාහරණයක්ද සැපයීය. මින් එක් අයකු තම බ්ලොග් දිවියට තිත තබන බවද කියා ඇත. ඔහු සිතන්නේ ආණ්ඩුවට ඔහු ලුහුබැඳ ඒම ලොකු දෙයක් බවයි. ඇත්තටම ඔවුන් රාමු නැත්තාව පිච්චියකටවත් ගණන් නොගනු ඇත. මෙය පාඨක අනුකම්පාව දිනීමට කළ තවත් මගඩියක්ම පමණි. "The Independent" යනුත් මෙවැනිම අඩවියකි. සරත් ෆොන්සේකා කරන ලද ද්‍රෝහි ප්‍රකාශ වල කිළි කුණු අතුල්ලන්නට අනුර කුමාරට වඩා දායකත්වයක් දුන්නේ මොහුය. සුපුරුදු පරිදිම මාක්ස්වාදී අසූචිත් සුවඳ යයි සිතන රාමචන්ද්‍ර මෙය රාජපක්ෂ පාලනයේ අවසානය යයි කියා සිටියේය. එළ කිරියෙන් බ්ලොග් අවකාශයට පිවිසියත් ෆෝරම් වල ඇති මොට්ට ගති අතහැර ගත නොහැකි වූ යූ. රාජ් කළේ මහින්දට මඩ ගැසීම පමණි. අසන පැනැයන්ට පිළිතුරු දීගත නොහැකි මේ පුඟුලා සරත් ෆොන්සේකාගේ පරාජය ඉවසාගත නොහී එළකිරියේ යකා නැටීම සිදු කලේය. දැන් මෙකී නොකී සියල්ලන්ටම ජනතාව දැවැන්ත පොල් ටොක්කක් දී ඇත. එයින් වත් ඔවුන්ට මොලේ පෑදී සුලං හමන අත තේරුම් ගත හැකිවේ යයි බලා පොරොත්තු වෙමු.

    "කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා
    කෙන්ද කන්ද පාමුල ලඟ සිටියලු තනිවීලා
    අන්දමන්ද ගණ අඳුරේ කෙන්ද පටලැවීලා
    කන්ද කඩා වැටෙයි සිතූ කෙන්ද බලාපල්ලා"
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,960
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    w7j24i.jpg
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    nice post bro...... well said ....

    @ WAL BADA,

    මචං අනුන්ගේ පෝස්ට් තමන්ගේ වගේ දාලා අනිත් එවුන්ගෙන් ‍credit ගන්න එපා. ඒක ලැජ්ජ නැති වැඩක්. කොහෙන් හරි ගත්තනම් අඩු ගානේ ගත්තු තැන url එක වත් දාපන්.
     
    Last edited:

    Wal Bada

    Well-known member
  • @ WAL BADA,

    මචං අනුන්ගේ පෝස්ට් තමන්ගේ වගේ දාලා අනිත් එවුන්ගෙන් ‍credit ගන්න එපා. කොහෙන් හරි ගත්තනම් අඩු ගානේ ගත්තු තැන url එක වත් දාපන්.
    මේක මම ලියපු එකක්. පන්හිඳ සමග, ගී රස විනිස, මල් යාය කියන බ්ලොග් තුනම ලියන්නෙ මම.
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    මේක මම ලියපු එකක්. පන්හිඳ සමග, ගී රස විනිස, මල් යාය කියන බ්ලොග් තුනම ලියන්නෙ මම.

    Ok. Sorry.

    මම මේ පෝස්ට් එක අද උදේ කොත්තු එකේ කියෙව්වා. ඒ බ්ලොග් එක ලියන්නේ උඹ කියලා අඳුනගන්න මට ක්‍රමයක් නෑනේ. ඒක හින්දයි මම ඒ රිප්ලයි එක දැම්මේ. :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මම මෙවර චන්දය දුන්නේ ජෙනරාල් සරත් ෆොන්සේකාට......:yes::yes: (ගිය සැරේ නම් මහින්දට තමා......!! :(:( ) ජෙනරාල් සරත් ෆොන්සේකාට චන්දය දුන්නේ මේ ජරාවී ඇති දෙශපාලනය සැබැ ලෙස වෙනසක් එතුමට සිදු කල හැකිවෙයි සිතු නිසාය......!! :yes::yes:

    Image Edited due to requests by my friends Crazy Mad & Amila :) :)

    ජන මතය ප්‍රකාශයට පත්වී තිබේ.....!! :yes::yes:

    මම ජන මතය සමග එකග නොවුනත්, එයට හිස නමමි......!! :yes::yes:

    අපේ රටේ මිනිසුන් මේ තරමටම රාජ සංකල්පයකට ආසා කරන්නේ ඇයි දැයි මට නොතේරේ .......!! :no::no:

    Thanks 4 the picture :- http://wijayabahu.blogspot.com/2010/01/blog-post_27.html
     
    Last edited:

    latekid

    Member
    Aug 16, 2009
    1,590
    27
    0
    මම මෙවර චන්දය දුන්නේ ජෙනරාල් සරත් ෆොන්සේකාට......:yes::yes: (ගිය සැරේ නම් මහින්දට තමා......!! :(:( ) ජෙනරාල් සරත් ෆොන්සේකාට චන්දය දුන්නේ මේ ජරාවී ඇති දෙශපාලනය සැබැ ලෙස වෙනසක් එතුමට සිදු කල හැකිවෙයි සිතු නිසාය......!! :yes::yes:

    2jd3xmt.jpg

    ජන මතය ප්‍රකාශයට පත්වී තිබේ.....!! :yes::yes:

    මම ජන මතය සමග එකග නොවුනත්, එයට හිස නමමි......!! :yes::yes:

    අපේ රටේ මිනිසුන් මේ තරමටම රාජ සංකල්පයකට ආසා කරන්නේ ඇයි දැයි මට නොතේරේ .......!! :no::no:

    Thanks 4 the picture :- http://wijayabahu.blogspot.com/2010/01/blog-post_27.html

    machan me 4to eka tiyenne building eke ne?angle eka nisane mehema penne.ai boru katha danne?

    oya pena widihata tibbanam eke shadow eka just before shrine watenna one.katha wada karanepa machan
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    machan me 4to eka tiyenne building eke ne?angle eka nisane mehema penne.ai boru katha danne?

    oya pena widihata tibbanam eke shadow eka just before shrine watenna one.katha wada karanepa machan

    Hutaa............!! :shocked: Mama aka nam danne naa banz........!! Oka gaththa blog eke link eka daalaa athi......!! Ethanata gihi, blog owner gen thamai ahanna wennee..........!! :yes::yes:
     
    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    මම මෙවර චන්දය දුන්නේ ජෙනරාල් සරත් ෆොන්සේකාට......:yes::yes: (ගිය සැරේ නම් මහින්දට තමා......!! :(:( ) ජෙනරාල් සරත් ෆොන්සේකාට චන්දය දුන්නේ මේ ජරාවී ඇති දෙශපාලනය සැබැ ලෙස වෙනසක් එතුමට සිදු කල හැකිවෙයි සිතු නිසාය......!! :yes::yes:

    ජන මතය ප්‍රකාශයට පත්වී තිබේ.....!! :yes::yes:

    මම ජන මතය සමග එකග නොවුනත්, එයට හිස නමමි......!! :yes::yes:

    අපේ රටේ මිනිසුන් මේ තරමටම රාජ සංකල්පයකට ආසා කරන්නේ ඇයි දැයි මට නොතේරේ .......!! :no::no:

    Thanks 4 the picture :- http://wijayabahu.blogspot.com/2010/01/blog-post_27.html

    "කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා කෙන්ද කන්ද පාමුල ලඟ සිටියලු තනිවීලා අන්දමන්ද ගණ අඳුරේ කෙන්ද පටලැවීලා කන්ද කඩා වැටෙයි සිතූ කෙන්ද බලාපල්ලා"....... හානෙ ෆොනිට උන දෙයක්.. :p
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    "කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා කෙන්ද කන්ද පාමුල ලඟ සිටියලු තනිවීලා අන්දමන්ද ගණ අඳුරේ කෙන්ද පටලැවීලා කන්ද කඩා වැටෙයි සිතූ කෙන්ද බලාපල්ලා"....... හානෙ ෆොනිට උන දෙයක්.. :p

    ඡන්දෙ ඉල්ලපු එක ගැන සරත් ෆොන්සේකා මහත්තයට පරිභව කරනවා මිසක් කවුරුවත් එතුමා ඒ තත්වයට පත් වුනේ ඇයි කියලා හිතන්නෙ නෑ නේද? LTTE එක පරදවන්න විශිෂ්ඨ යුදමය නායකත්වයක් සැපයූ ඒ වීරයාට (මෙහිදී ජනාධිපතිතුමාත් දේශපාලන නායකත්වය සැපයූ වීරයා බව අප අමතක කරන්නේ නෑ) නිසි ගෞරව සම්මාන පුද කරනවා වෙනුවට ගෝඨාභයලා කලේ කුමක්ද? ජෙනරාල්තුමා කුමන්ත්රණයක් මගින් රාජ්ය බලය අල්ලාගනී කියන කටකතා විශ්වාස කරලා එතුමාට පල නොකියා පලා බෙදීම නේද? ඒ නිසා ඇතිවූ කළකිරීමෙන් තමයි එතුමා ඊට විරුද්ධව දේශපාලනයට අවතීර්ණ වුනේ.

    යුද්ධයෙන් පසු එතුමාට නිසි ගෞරව පුද කලානම් අදත් එතුමා මේ රටේ ආරක්ෂක මාණ්ඩලික ප්රධානියා විදියට හොඳ මෙහෙවරක් ඉටු කරාවි.

    ඒ නිසා සරත් ෆොන්සේකා මහත්තයව පතුරු ගහන්න කලින් මේ ගැනත් හිතලා බලන්න. :yes::yes:
     
    කට කථා ද ඇත්ත කථා ද කියලා උඹ දන්නේ කොහොම ද?

    මෙයාට තියෙන බල තණ්හාවේ හැටියට මෙයාව තියාගත්ත නම් මෙයා මෙලහකට ජනාධිපතිතුමාට වැඩේ දීලා. රැස්වීම්වලට සෙනඟ ආපු හින්දා තමන් පරදින්න බෑ වගේ බොළඳ කථානේ SF කියන්නේ. ඒ මානසිකත්වයම හින්දා තමයි යුද්දේ දිනුවට පස්සේ ජනාධිපතිතුමාටත් උඩින් ගිහින් ත්‍රිවිධ හමුදාවටම අණදෙන්න බලතල ඉල්ලුවේ. එතුමා මෙයා හැරෙනකොට මොකාට ද එන්නේ කියලා දැන ගත්ත හින්ද තමයි චෙක් මේට් කරලා දැම්මේ.

    ප්‍රභාකරන් දෙමළ මිනිස්සුන්ට කරපු දේ අනික තමයි මෙයා ආවා නම් සිංහල මිනිස්සුන්ට වෙන්නේ.

    තණ්හාය ජායතී සෝකෝ !!!!!!!!!!!!!!!