‘අධිවේගයෙන් ඇති වැඬේ මොකක්ද?’ – විමල්ට අධිවේ&#

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ‘අධිවේගයෙන් ඇති වැඬේ මොකක්ද?’ – විමල්ට අධිවේ&#

    අධිවේගී මාර්ගය ඉදි කොට ඇත්තේ මෙරට මූලික උවමනාවන් ජන අභිලාෂයන් නොකතකමින් බවත් එය, ඇතමුන්ගේ ජීවන සතුට අහිමි කර ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරංවශ මහතා කියා සිටී. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ වීර මොනරවිල කැප්පෙටිපොල නිළමේතුමා මව් බිම වෙනුවෙන් දිවි පුදා වසර 193 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ඊයේ පස්වරුවේ කොළඹ පැවති උත්සවයකට සහභාගි වෙමිනි.

    ‘ගොවියගේ කුඹුර ඒ පැත්තේ හිටියොත් ඒකට මේ පැත්තට එන්න ආයේ අර වටරවුම් මාර්ගයක් හරහා එන්න වෙනවා. දැන් කුඹුරේ ඉතිරි කෑල්ල කොහොම ද කරන්නේ කියලා ඒ ගොවියා ‍ඔළුවෙ අත තියාගෙන කල්පනා කරනවා. අපි පිඹලා යනවා. අඩු ගානේ මේ පරිසරය ගැන මේ කාෂිකර්මාන්තය ගැන මොකක් හරි හාංකවිසියක හැගීමක් තිබ්බනම් කීයක් හරි වැඩියෙන් ගියත් අර කොන්ක්‍රීඩ් කණු උඩ එපැයි ඔය පාර හදාගන්න ඒක හිතන්නේ නැත්තේ ඇයි. ඊළඟට නෑදැයෝ වෙන්කරනවානේ දෙයි හාමුදුරුවනේ අර පැත්තේ හිටියා තාත්තා මේ පැත්තේ හිටියා දූ. දැන් ඉතින් පළයං වටරවුම් මාර්ගයෙන් එන්න වෙනවා. ඕක හදන්නමඑ ඕනි නම් අර කොන්ක්‍රීට් කණු උඩ ගියා නම් ඕක අස්සෙන් රිංගලා යයිනේ යන මිනිහෙක්. දැන් මේකේ පස් කණ්ඩිය හින්දා බල්ලෝ එන එක නවත්තන්න වෙනම දැලක් දාලා ඒ දැළට යන්න ඇති සෑහෙන වියදමක්’

    වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ මෙවර අයවැයෙන් ජනතාවට සහන ලබාදීමට රජය කටයුතු කර ඇති බවත් රටට අවශ්‍ය ආර්ථික වැඩපිලිවෙලක් කි‍්‍රයාත්මක කිරීමට සියලූ දෙනා එක්විය යුතු බවත්ය.

    ඉදිරි කාලය තුළ දී ශ‍්‍රී ලංකාවට එරෙහිව එල්ල වන අභියෝග වැඩිවනු ඇති බවත් විමල් වීරවංශ මහතා මෙහිදී වැඩිදුරටත් සදහන් කර තිබිනි.
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    දැන් කට්ටියක් අරහේ කියනව මෙකෙ ඇතුලේ ඔය අධිවෙගී මාර්ගය හදපු එකටා විරුද්දව ඒකෙ අඩු පාඩු කතා කරන අය රටට ආදරේ නැති දේශාද්‍රොහියො කියලා:shocked::shocked:

    එතකොට විමලුත් එහෙමද මන් අහන්නේ ?:lol::lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,831
    3,413
    113
    දැන් කට්ටියක් අරහේ කියනව මෙකෙ ඇතුලේ ඔය අධිවෙගී මාර්ගය හදපු එකටා විරුද්දව ඒකෙ අඩු පාඩු කතා කරන අය රටට ආදරේ නැති දේශාද්‍රොහියො කියලා:shocked::shocked:

    එතකොට විමලුත් එහෙමද මන් අහන්නේ ?:lol::lol:

    රජුට එරෙහිව මොනවා හරි කිව්වොත් දේශද්‍රොහියො තමා.. :P:lol:
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    හැමදේකම හොඳ වගේම නරකත් තියනවා... මොනවා කරන්න ගියත් ඔහොම තමයි.. අදිවේගී මාර්ගේ නිසා කරදරේ වැටිච්ච මිනිස්සුන්ට සතුටු වෙන්න හරි පුළුවන් මේ අදිවේගී මාර්ගෙන් ඇත්තටම රටට යහපතක් වෙනවනම්.. මං දන්නා විදියට අවුරුදු 5ක ආදායම යන්නේ චීන රජයටද කොහෙද.. ඊටපස්සේ තමයි අදිවේගී මාර්ගේ ආදායම අපේ රටට එන්නේ..
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    හැමදේකම හොඳ වගේම නරකත් තියනවා... මොනවා කරන්න ගියත් ඔහොම තමයි.. අදිවේගී මාර්ගේ නිසා කරදරේ වැටිච්ච මිනිස්සුන්ට සතුටු වෙන්න හරි පුළුවන් මේ අදිවේගී මාර්ගෙන් ඇත්තටම රටට යහපතක් වෙනවනම්.. මං දන්නා විදියට අවුරුදු 5ක ආදායම යන්නේ චීන රජයටද කොහෙද.. ඊටපස්සේ තමයි අදිවේගී මාර්ගේ ආදායම අපේ රටට එන්නේ..

    මචන් පාර විවෘත්ත කරන්නත් කලින් බාල බඩු දාල එක එක සිද්දි උනා නේද.
    පාලමක් කඩන වැටිලා ළමයෙක් මැරුණා
    කිලෝමීටර් 8 ක කාපට් අයින් කරා
    ඉතින් අවුරුදු 5 ක් මේක තියෙයිද
    :(
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මචන් පාර විවෘත්ත කරන්නත් කලින් බාල බඩු දාල එක එක සිද්දි උනා නේද.
    පාලමක් කඩන වැටිලා ළමයෙක් මැරුණා
    කිලෝමීටර් 8 ක කාපට් අයින් කරා
    ඉතින් අවුරුදු 5 ක් මේක තියෙයිද
    :(

    ඔව් මචන් ඔය වගේ සීන් ටිකක් ගියා.. තාමත් මාතර පැත්තේ fail උන කාපට් අයින් කරනවා.. ඒ හරිය ඉවරවෙන්න තව කල යයි.. කොහොමත් අදිවේගී මාර්ගේ ආදායම අපේ රටට එනකොට පාරේ නඩත්තු කාලයත් හරි.. එතකොට අයිත් පාරට වියදම් කරන්න වෙනවා.. කොහොමත් හොඳම හරිය යන්නේ චීන කාරයට තමයි.. පාරේ අලුත්වැඩියා කටයුතු එනකොට තමයි අපේ රටට පාරේ අයිතිය හම්බවෙන්නේ.