‘ඉවසයිද මන්දා මා දුන් රිදුම්… තනියෙන්ම වින#

3267

Member
Mar 22, 2009
2,361
258
0
වව්ල් කැලේ
‘ඉවසයිද මන්දා මා දුන් රිදුම්… තනියෙන්ම වින#

(උපුටා ගැනීම දිවයින පුවත්පතින්)

‘ඉවසයිද මන්දා මා දුන් රිදුම්…
තනියෙන්ම වින්දා දුන් දුක්‌ සුසුම්…’ ධනයට, බලයට, සැප සම්පත්වලට ඇති ආශාව නිසාම ආදරයට පයින් ගසා මිරිඟුව පසුපස යන තරුණියන් අද අප දැස්‌ ඉදිරියේ අනන්තවත් ඉන්නවා. මේ අය හරියට පහන් දැල්ලට පෙම් බඳින පළඟැටියෙක්‌ වගේ… තමන් යන්නේ විනාශය කරා බව ඔවුන්ට හැඟෙද්දී ප්‍රමාද වැඩියි.


ඉවසයි ද මන්දා මා දුන් රිදුම්
වෙන්වීලා ආ දා වෙනතක්‌ බලන්
උන්නාට මා රහසේ තුරුලක හෙමින්
මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්… ඒ වගේ මිරිඟුවක්‌ පිටුපස ගිය යුවතියක්‌… තම පෙම්වතාවත් අමතක කරලයි අද වෙනකකු හා ගියේ.
මම ඔයාට රිදවූවා… ඒවා ඔයාට ඉවසන්න පුළුවන්ද කියලා… මම දන්නෙ නෑ. මම ඔයාගෙන් වෙන්වෙලා ආ දවසේ ඔයා කොයිතරම් දුක්‌ විඳින්න ඇත්ද… මම අද වෙනකකුගේ තුරුලේ හිටියත්… මට බෑ අපේ ඒ ආදරණීය අතීතය අමතක කරන්න… ඇය ඔහු අමතමින් කියනවා.
තනියෙන්ම වින්දා දුන් දුක්‌ සුසුම්
තව කඳුළු නෑ මේ දෙනෙතේ ඉතින්
ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්
මට මාද නැති වුණා සත්තයි හෙමින්
ඔයා මා තනිකර ගිය දවසේ ඉඳලා මගේ තනියට හිටියේ තනිකම විතරයි… තනිකම එක්‌ක මම ඔයා දුන් දුක්‌ සුසුම් වින්දා… රහසින්ම හැඬූ කඳුළු… ගංගාවක්‌ තරම්… තවත් නම් මගේ ඇස්‌වල කඳුළු නැහැ. ඔයා මා තනිකරලා ඔහු සමග ගිය දවසෙ… දැනුන හැඟුම්… අන්තිමේ මට මාවත් අයිති නෑ කියලයි හිතුනේ…” ඔහු කඳුළු පිරි දෙනෙතින් ඇයට කියනවා.
මේ ගීය ලියුවේ ඩිලාන් ගමගේ… තරුණ ගීපද රචකයා
මේක මගේ යහළුවකුට වූ අත්දැකීමක්‌. එයාගේ පෙම්වතියට ඕනෑ වුණා නිළියක්‌ වෙන්න. ඉතින් මගේ යහළුවා ඇය සමග චිත්‍රපට අධ්‍යක්‍ෂවරු පස්‌සේ ගිහින් කොහොමහරි ඇයව නිළියක්‌ කළා. නිළියක්‌ වුණාට පස්‌සේ ඇය ලොකු ලොකු සාදවලට ගියා. සල්ලිකාරයන්ව දැනහඳුනා ගත්තා. දැන් ඇයට පෙම්වතා මදි… ගැලපෙන්නෙ නෑ. ඒ නිසාම සල්ලි වියදම් කරන්න පුළුවන් වයසක ව්‍යාපාරිකයෙක්‌ එක්‌ක සම්බන්ධ වුණා. ඒ ව්‍යාපාරිකයත් බැඳලා. ළමයින් ඉන්න කෙනෙක්‌. ඒත් මේ තරුණ නිළියට ඇති ආශාව නිසාම වෙනම කොළඹින් ගෙයක්‌ අරන් දුන්නා. වාහනයක්‌ දුන්නා.
ගොලුවෙච්ච තරු දැසේ කඳුළැල් උනන්නේ
දරා ගන්න බෑනේ මතකේ විලාපේ
ආදරේ ඔබෙන් තරම් ලැබුණෙ නෑ කාගෙන්වත්
රැකගන්න බැරි වුණේ සංසාරේ ආදරේ
ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්
මට මාද නැති වුණා සත්තයි හෙමින්
“දැස්‌ ගොලුවෙලා… නිවී ගිය තරු වගේ… ඒ දැස්‌වලින් කඳුළු උනනවා. අපේ ආදර අතීතය. විලාප දෙනවා. කොහොම ඉවසන්න ද… ඔහුගේ හදවත හඬනවා.
සත්තයි… ඔයාගෙන් තරම් ආදරයක්‌ මට කාගෙන්වත් ලැබිලා නෑ. ඒත් මට ඒ සංසාරගත ආදරය රැකගන්න බැරි වුණානේ… ඇය පසුතැවිලි වෙනවා.
“ඔයා තවකෙක්‌ එක්‌ක ගියා… මට මාවත් නැති කළා… හඬන හදවත ඇයට දොස්‌ නගනවා.
වියපත් බඹරා… මේ ලස්‌සන මලේ තිබුණ රොන් ටික ඔක්‌කොම උරා බිව්වා. ඉන් පස්‌සේ ඇයව මඟහැරියා. වාහනය විතරක්‌ නෙමෙයි… අරන් දුන්නු ගේත් ආයේ ගත්තා. නිළියට යන එන මං නැති වුණා. ඇයට පරණ පෙම්වතාව මතක්‌ වුණා. මං මුළා වුණා… නියම ආදරේ තියෙන්නේ ඔයා ළඟ කියලා මං දැන ගත්තා. ඇය ඔහු සොයාගෙන ඇවිත් කිව්වා… කරන්න දෙයක්‌ නෑ… ඔයා පරක්‌කු වැඩියි. මම දැන් විවාහකයෙක්‌… මට අවංක ආදරය ලැබුණා. ඔයා දැන් වෙනතක්‌ බලාගන්න… ඔහු ඇයට කිව්වා.
මේ පාළු දුක්‌ සිහිනේ අතරමං වෙලා බොහොසේ
ආයෙ ගන්න බෑ ඒ සෙනෙහස ඔබේ
ජීවිතය වැටුණු තරම් නැගිට ගන්න බෑ ආයේ
මැරි මැරී උපදී මේ සංසාර ආදරේ
උන්නාට මා රහසේ තුරුලක හෙමින්
මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්..
මං දැන් අතරමං වෙලා… ඔයාගේ ආදරේ මට ආයෙත් ලබාගන්න බැහැ. දුක්‌ සිහිනයක්‌ වාගේ… ඒ අතීතය… ඇය හඬනවා.
ඔයා දුන් දුක්‌ නිසා මගේ මනස කඩාවැටුණු හැටි… මගේ ජීවිතය මම ගොඩගන්නේ කොහොමද… සංසාරෙන් සංසාරේට ඔයාගේ අහිමි ආදරේ නිසා මම මැරි මැරී උපදිනවා. ඔහුගේ හිතේ ඇය කෙරෙහි තිබෙන ආදරය… නැතිවෙලා නැහැ.
මේ සිංදුව ගයන්නේ සමිතා මුදුන්කොටුව සහ අතුල අධිකාරි දෙදෙනා… ඔවුන් දෙදෙනාට මේ ගීය කොතරම් දුරට ගැලපෙනවාද… ඒ තීරණය ඔබ අතේ.
උදාර සමරවීරගේ මෙලඩි එකට තමයි මම වචන ටික ලියුවේ… මගේ ඔලුවට එකපාරටම ආවේ අතුල සමිතා දෙදෙනාව. ඔවුන් දෙදෙනාම මේ ගීය ගයන්න කැමැත්තෙන්ම එකඟ වුණා. අතුලගේ කොටස ඔහු කලින් ඇවිත් රෙකෝඩ් කළා. ඉන් පස්‌සේ සමිතා හවස ඇවිත් එයාගේ කොටස රෙකෝඩ් කළා. එක දවසෙන් ගීයේ වැඩ නිමා වුණා… ඩිලාන් පැවසුවා.
~~ ඉවසයිද මන්දා මා දුන් රිදුම් ~~
ගායනය :- අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුව
පද රචනය :- ඩිලාන් ගමගේ
සංගීතය :- උදාර සමරවීර





ලින්ක් එක:(:(:(
 

Aselak

Member
May 31, 2012
829
301
0
මචන් උන් දෙන්න ගැන පව් කියලත් හිතෙනවා !
TFS
rep added
 

3267

Member
Mar 22, 2009
2,361
258
0
වව්ල් කැලේ
මචන් උන් දෙන්න ගැන පව් කියලත් හිතෙනවා !
TFS
rep added

දැන් බලන්න ලසන්ත ලංකාව කොච්චර දියුණුද කියලා....
දෙන්නා ඩිවෝස් උනත් දෙන්න දෙපැත්තට වෙලා සිංදු කියනවා ලසන්ත.....
මේක තමයී සියාවෙ
ආශ්චර්යය ලසන්න ආශ්චර්යය:lol::lol::lol:
thanks 4 da comment machan..... :D
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..





    මාරම ලස්සනයි ,,,,,,,,,
    බොහොම ස්තුතියි යාළුවා ලින්ක් එක දුන්නාට ........:):):)
    (රෙප් ඉවරවෙලා මචෝ ,,,හෙට දෙන්නම්)
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    දැන් බලන්න ලසන්ත ලංකාව කොච්චර දියුණුද කියලා....
    දෙන්නා ඩිවෝස් උනත් දෙන්න දෙපැත්තට වෙලා සිංදු කියනවා ලසන්ත.....
    මේක තමයී සියාවෙ
    ආශ්චර්යය ලසන්න ආශ්චර්යය:lol::lol::lol:
    :D
    0002031F.gif
     

    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    මාරම ලස්සනයි ,,,,,,,,,
    බොහොම ස්තුතියි යාළුවා ලින්ක් එක දුන්නාට ........:):):)
    (රෙප් ඉවරවෙලා මචෝ ,,,හෙට දෙන්නම්)

    කමක් නෑ බං.....:)
    තැන්ක් යූ මෙන්ට් එකක් රි දාලා ගියාට.... :D
    ලන්සන්ත, 72ක් මේලා ගිහිල්ලා මෙන්ට් 2යී තියෙන්නෙ....:oo::oo::oo::oo:
    රිසංතෝයී සන්....:sorry::sorry::sorry::sorry::baffled::baffled::baffled:
     
    • Like
    Reactions: NUWAN BUWA

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කමක් නෑ බං.....:)
    තැන්ක් යූ මෙන්ට් එකක් රි දාලා ගියාට.... :D
    ලන්සන්ත, 72ක් මේලා ගිහිල්ලා මෙන්ට් 2යී තියෙන්නෙ....:oo::oo::oo::oo:
    රිසංතෝයී සන්....:sorry::sorry::sorry::sorry::baffled::baffled::baffled:
    :lol::lol::lol::lol:
    ඕක ඉතින් ලංකාවේ හැටිනේ යාළුවා ,,,,,
    මේ ඒක නෙවෙයි ඔයා සුරියප්පෙරුමයාගේ නෑයෙක්ද මචෝ...........