‘ඊලාම්’ කොඩිය එනතුරු අධ්‍යපන ඇමති ශ‍්‍රී ල&amp

Feb 15, 2016
532
109
0
‘ඊලාම්’ කොඩිය එනතුරු අධ්‍යපන ඇමති ශ‍්‍රී ල&amp

4466555.jpg


ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 ව්‍යවස්ථාව ජාතික කොඩියයි. එයට ගරු කිරිම මෙන්ම සියලුම ජාතික වැදගත්කමක් ඇති අවස්ථාවක් එය ප්‍රදර්ශනය කිරිමට සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුම නීතියෙන් බැදි සිටි. එමෙන්ම පලාත් සභා අමාත්‍යවරයෙකු ශ්‍රීලංකාවේ පුරවැසියෙකු වන අතර ඔහු රාජ්‍ය නිලධාරියකු ලෙස ද නීතිය හමුවේ අර්ථ ගැන්වේ.

එබැවින් විශේෂයෙන්ම පලාත් සභාවක අධ්‍යපන ඇමතිවරයකු සෑම ජාතිකයෙකුටම සමානව සැලකිම සහජීවනය ආණ්ඩුවක ප්‍රතිපත්තිය විය යුතු අතර රටේ නිතීයට ගරු කිරිම ඊටත් වඩා උත්තරිතරයි. උතුරු පලාතේ අදටත් සිංහල ජනතාව 3% ක් ජිවත් වෙති. උතුරු පලාත් සභාවේ යටතේ පාලනය වන වව්නියාවේ ඉරියට්ටිපෙරියකුලම් හි පිහිටි “පැරකුම්” මහා විද්‍යාලය පැවති උත්සවයකදි සිංහල දරුවන් ඉදිරිපිට පලාත් සභා අධ්‍යපන අමාත්‍යවරයා තම ඊලාම්වාදි හැගිම ප්‍රදර්ශනය කලේ ය.

ඒ ශ්‍රීලංකාවේ නීතිය උල්ලංඝනය කරමින් රටේ ජාතික කොඩියට අපහාස කරමිනි. උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස පලාත් සභාවේ අධ්‍යපන ඇමතිවරයා සහභාගි වුහ. එම උත්සවය ආරම්භ කිරිමට තමා ජිවත්වන රටේ ජාතික කොඩිය එසවිමට නොහැකි බව ඔහු අහිංසක පාසල් දරුවන් ඉදිරිපිට මෙන්ම රාජ්‍ය නිලධාරින් හමුවේ ප්‍රදර්ශනය කලේ ය. එවෙනි පුද්ගලයකු ඇත්ත වශයෙන්ම අමාත්‍යවරෙකු නොව එරටෙහි දේශදෝහියෙකි. ඔහු අමු අමුවේ ශ්‍රීලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 ව්‍යවස්ථාව උල්ලංඝනය කොට ඇත.

ඒ අනුව ඔහු මෙරටේ පුරවැසියෙකුගේ වගකීම ඉටුකිරිම පැහැරහැර ඇත. එහෙත් උදේ හවස දකුණේ උදවිය සහජීවනයක් ගැන කියමින් සිංහල ජනතාවට බණ කියති. එහෙත් උතුරේ ජීවත්වන සිංහල ජනතාව ඉදිරිපිට විශේෂයෙන්ම දරුවන් හමුවේ අනාගත ඊලමේ පෙරනිමිති පෙන්නුම් කරමින් උතුරේ දේශපාලන නායකයින් දකුණ සමච්චලයට ලක් කරයි.




…………………………. Vigasapuwath24x7 ඇසුරෙනි……………………
 
Last edited:

pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    සංහිඳියාවේ දිග පළල

    උතුරු පළාතේ අධ්‍යාපන ඇමති පාසල් උත්සවයක දී ජාතික කොඩිය එසවීම ප්‍රතික්‍ෂෙප කරලා. ඔහු මෙරට රටවැසියකු නො වේ ද? ඔහුගේ ක්‍රියාව අනුමත කළ හැකි ද? ඊනියා සංහිඳියාව වෙනුවෙන් අප එවැනි ක්‍රියා නොසැලකිය යුතු ද? මෙය ටික දිනකින් උතුරේ ජනතාවත් අමතක කරාවි ද?

    මහා බැංකුවේ අධිපති වීමට හා තවත් නිලතල දැරීමට රටවැසිකම අනිවාර්ය අවශ්‍යතාවක් නොවන බව රනිල් හා මෛත්‍රිපාල තීරණය කර තිබෙනවා. ගීතාට මන්ත්‍රී ධුරය අහිමි වුණේ රටවැසිකම නැති වීම නිසා නොව වෙනත් රටකත් රටවැසියකු වීම නිසා. පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට මෙරට රටවැසිකම අනිවාර්යයි. මෙරට රටවැසියන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිගත යුතුයි. එයට ගරු කළ යුතුයි. අර්ජුන් මහේන්ද්‍රන්ට ඒ කොන්දේසි තිබුණේ නැහැ. රනිල්ට තර්ක කරන්න පුළුවන් අර්ජුන් මහේන්ද්‍රන් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැකීමට එයට ගරු කිරීමට බැඳි නැහැ කියා. රනිල් ඒ වගේ ම කියාවි මහාබැංකුවේ අධිපතිවීමට රටවැසිකම අනිවාර්ය අවශ්‍යතාවක් නොවන බව.

    ඒ කුමක් වුවත් මහජන නියෝජිතයකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කළ යුතුයි. ඒ වගේ ම මහජන නියෝජිතයකු තබා ඡන්දදායකයකු වීමටවත් බැහැ රටවැසියකු නොවන අයකුට. ජාතික කොඩිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හයවැනි වගන්තියෙන් නියම කෙරී තිබෙනවා. ජාතික කොඩිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවැනි පරිශිෂ්ටය අනුව සකස් විය යුතු බවත් ඒ වගන්තියෙන් වැඩි දුරටත් කියැවෙනවා.

    උතුරු පළාතේ අධ්‍යාපන ඇමති කියන්නේ ඔහු ජාතික කොඩිය නොපිළිගන්නා බවයි. ඔහුට එසේ නොපිළිගැනීමට නොහැකියි. මෙරට දෙමළ ජාතිවාදීන් බටහිරයන්ට අනුව කියවන කතා රාශියක් තියෙනවා. ඒ කතා සිංහල නමින් පෙනී සිටින ඇතැම් පඬියන් ද කියනවා. ඔවුන්ට අනුව ජාතික කොඩියෙන් සිංහයා අයින් කරන්න ඕන. බෝපත් හතර අයින් කරන්න ඕන. ඒ සංකේතවලින් සිංහල බෞද්ධ ආධිපත්‍යයක් නිරූපනය වෙනව කියලා කියනවා.

    එංගලන්තෙ ඉන්න දෙමළ ජාතිවාදීන්ට ඒ ප්‍රශ්නය නැහැ. ඔවුන් ක්‍රිස්තියානි වුවත් නැතත් ඊනියා එක්සත් රාජධානියෙ කුරුස කොඩිය පිළිගන්නවා. ඒකෙ කුරුස තුනක් තියෙනවා. එංගලන්තය ස්කොට්ලන්තය අයර්ලන්තය රටවල සාන්තුවරයන් තුන්දෙනකුගේ කුරුස කොඩි තුනක් එකතු කරලයි එක්සත් රාජධානියේ කොඩිය සකස් කර තියෙන්නෙ. එංගලන්තෙ ඉන්න දෙමළ ජාතිවාදී හින්දුන් කියනවා ද කුරුස කොඩිය පිළිගන්නෙ නැහැ කියලා. එහෙමත් නැත්නම් මුස්ලිමුන් කියනවා ද අඩසඳ තාරකා කොඩිය එරට ජාතික කොඩිය ලෙස පිළිගන්න කියලා.

    පසුගිය දා ඇමරිකන් එක්සත් රාජ්‍යයෙහි ජාතික ගීය ගැයීම පිළිබඳ ප්‍රශ්නයක් ඇතිවුණා. පාපන්දු ක්‍රීඩකයන් කිහිප දෙනකු තරගවලට පළමු ජාතික ගීය ගැයීම ප්‍රතික්‍ෂෙප කළා. ඔවුන් ඒ අවස්ථාවේ නැගිට නොසිට ක්‍රීඩාංගණයේ දණගහගෙන සිටියා. ඒ ක්‍රියාවට විරෝධතාවක් පැන නැගුණා. අපේ රටේ නායකයන් මෙන් නොව ට්‍රම්ප් එයට විරුද්ධව පෙනී සිටියා. ට්‍රම්ප් ඊනියා සංහිඳියාවක් ගැන කතා කෙළේ නැහැ. අවසානයේ දී පාපන්දු සංගමයට තීරණයක් ගන්න වුණා. දැන් ප්‍රශ්නය ඉවරයි.

    ජාතික ගීය ජාතික කොඩිය ආදියට ඉතිහාසයක් තියෙනවා. එක්සත් රාජ්‍යයෙහි ජාතික කොඩිය කුරුස කොඩිය. ඒ රටට කිනම් හේතුවක් නිසා හරි පදිංචිවීමට යන අය එරට ඉතිහාසයට සංස්කෘතියට ගරු කළ යුතුයි. වවුලාගෙ ගෙදර ඉන්න ඕන විධිය ගැන කතාවක් අප අතර තියෙනවා. රෝමයේ ඉන්න විට රෝමයකු ලෙස හැසිරිය යුතු බවට ඉංගිරිසි කියමනක් තියෙනවා. ඒ ඒ රටවල නායකයන් තම රටවල ඉතිහාසය සංස්කෘතිය ආරක්‍ෂා කිරීමට බැඳී ඉන්නවා.

    ඇමරිකන් එක්සත් රාජ්‍ය එරට මුල් වැසියන්ගේ ඉතිහාසයට ගරු කරන්නේ නැහැ. ඒ ගැන නම් ප්‍රශ්නයක් තියෙනවා. එහෙත් සුද්දන් ඒ තත්වයට පැමිණියේ එරට මුල් වැසියන් ඝාතනය කරලා, පරාජය කරලා. මා එය යුක්තියුක්ත කරනවා නො වෙයි. එහෙත් ලංකාවෙ දෙමළ ජාතිවාදීන් සිංහල බෞද්ධ ඉතිහාසයට ගරු කරන්නෙ නැත්තෙ සංස්කෘතියට ගරු කරන්නෙ නැත්තෙ සිංහලයන් පරාජය කරලා නො වෙයි. ඉංගිරිසින් 1817-18 හා 1848 දී සිංහලයන් ඝාතනය කළත් ඔවුන්ටත් සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කරන්න බැරි වුණා. දෙමළ ජාතිවාදීන් ඉංගිරිසින්ගෙ අනුග්‍රහයෙන් 1833 සිට සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීමට උත්සාහ කළත් හැත්තැවේ දශකයේ ප්‍රභාකරන් සිංහල බෞද්ධයන්ට හා සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව අවි ගත්තත් අවසානයේ දී නන්දිකඩාල් කලපුවේ දී ඒ සියල්ල පරාජය වුණා. අද මේ ඉංගිරිසින්ගේ හා ඉන්දියානුවන්ගේ ආධාරයෙන් හා අනුග්‍රහයෙන් පමණක් පවතින දෙමළ ජාතිවාදීන්ට කිසිම ඉඩක් නොදිය යුතුයි.

    දෙමළ ජාතිවාදී උතුරේ අධ්‍යාපන ඇමති වැන්නන් පාසල් සිසුන් ඉදිරියේ මේ කියන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය ඉතිහාසය නොපිළිගන්නා බවයි. ඔහු එමගින් සිසුන්ට නරක ආදර්ශයක් දෙනවා. මේ මහලු නායකයන්ට අවශ්‍ය අනාගත ප්‍රභාකරන්ලා ඇති කිරීමටයි. දෙමළ ජාතිවාදීන් මෙසේ හැසිරෙන්නේ සිංහල නායකයන්ගේ නිවටකම නිසයි. රට ජාතිය ආගමට ලැදි සිංහල නායකයන් අද නැහැ. ප්‍රශ්නය ඇත්තේ එතැනයි. මෛත්‍රිපාල මොන බයිලා කිව්වත් අද රණවිරුවන් හිරබත් කනවා. බුද්ධි අංශය දුර්වල කෙරිලා. දෙමළ ජාතිවාදීන් හිතනවා ඇති දැන් ප්‍රභාකරන් කෙනකුට ජයගත හැකි ය කියා.

    උතුරේ අධ්‍යාපන ඇමති අස්කරන්න පුළුවන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු නොකරන එය ආරක්‍ෂා නොකරන පුද්ගලයකුට පළාත් සභාවක ඇමතිකමක් දැරීමට බැහැ. එහෙත් ඔහු අස්කිරීමට තරම් පිට කොන්දක් ඇත්තේ කාට ද? මෛත්‍රිපාලට ද ඔහුගේ නියෝජිතයා වූ රෙජිනෝල්ඩ් කුරේට ද? ඊනියා සංහිඳියාවක් වෙනුවෙන් දෙමළෙන් ජාතික ගීය ගැයීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව ආණ්ඩුව පමණක් නොව ඇතැම් භික්‍ෂූන් වහන්සේ ද එකඟ වූ බව මෙහි දී මතක් වෙනවා. ජාතික ගීය දැන් ජාතික කොඩිය, මීළඟට සංහිඳියාව වෙනුවෙන් අත් හරින්නේ දියාරු කරන්නේ කුමක් ද?

    http://www1.kalaya.org/2017/11/blog-post_18.html
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔහු අස්කිරීමට තරම් පිට කොන්දක් ඇත්තේ කාට ද? මෛත්‍රිපාලට ද ඔහුගේ නියෝජිතයා වූ රෙජිනෝල්ඩ් කුරේට ද?
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ඔහු අස්කිරීමට තරම් පිට කොන්දක් ඇත්තේ කාට ද? මෛත්‍රිපාලට ද ඔහුගේ නියෝජිතයා වූ රෙජිනෝල්ඩ් කුරේට ද?

    :lol::lol:
    මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ සිංහලුන්ට විතරයි.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔන්න සහජිවනේ..කමක් නෑ තව ටික දවසකින් වික්කාමසිංහ ව්‍යවස්ථාවෙන්ම රට බෙදල දුන්නම ඊලාම් කොඩියම උස්සන්න බැරියයි :yes:
     
    • Like
    Reactions: pga