‘කැබූ’ - Caboo

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    image_a81295b67a.jpg

    රටේ ආර්ථික මට්ටම ඉහළට ඔසවා දැමීමට සහාය ලබාදීමක් ලෙසින් කැබූ හෝල්ඩින්ග් පෞද්ගලික සමාගමේ නිර්මාණයක් වන ‘කැබූ’ මෘදුකාංගය හඳුන්වාදීම අද (6) කොළඹ දී සිදු කෙරිණි.

    කොළඹ ‘හිල්ටන් රෙසිඩන්සීස්’ හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකදී එම මෘදුකාංගය හඳුන්වාදෙන ලදී.

    නව ව්‍යාපෘති රැසක් ද ඇතිව ‘කැබූ’ මෘදුකාංගය හඳුන්වාදෙන බව මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරුණු අතර මෙරට කුඩා, මධ්‍ය හා මහ පරිමාණ නිෂ්පාදකයන්ට ඔවුනොවුන්ගේ නිෂ්පාදන දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳපොළට නිකුත් කිරීමට මෘදුකාංගයෙන් අවස්ථාව උදා කර දී ඇත.

    එපමණක් නොව ඇමෙරිකාව, යුරෝපය, මැදපෙරදිග සහ ආසියානු වෙළෙඳපොළවල් ඉලක්ක කරගත් අලෙවි වැඩසටහනක් ද ක්‍රියාත්මක වන මාධ්‍ය හමුවට එක්වූ කැබූ හෝල්ඩින්ග් පෞද්ගලික සමාගමේ නිලධාරිහු කීහ.

    කැබූ මෝල් (Caboo Mall), කැබූ ඩිලිවරී (Caboo Delivery) සහ කැබූ ටේස් (Caboo Tase) යනුවෙන් මෙම නව ව්‍යාපෘති ක්‍රියාත්මක වේ.

    කුලී රථ සේවයක් (ටැක්සි) ලෙස ආරම්භ කරන ලද කැබූ නව පියවරක් තබමින් මෙලෙස නව ව්‍යාපෘති රැසක් ආරම්භ කරමින් අන්තර්ජාල වෙළෙඳාමට පිවිස ඇත.

    කැබූ හෝල්ඩින්ග් පෞද්ගලික සමාගමේ සභාපති වේරංග විතානආරච්චි, සමාගමේ අලෙවි අධ්‍යක්ෂ ඉරාජ වීරරත්න යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්වූහ.


    :D:D:D:D