‘කුඩ්ඩෝ’ නව කැලණි පාලම මතදී මගීන් කොල්ලකති..⚠️

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර


    ⚪පොලිස් මුරපොළක් වහා අවශ්‍යයි

    ● පෑලියගොඩ, ග්‍රෑන්ඩ්පාස් පොලිසිවල කඹ ඇදිල්ලෙන් ජනතාව නත්නත්තාරයි

    ● පාසල් සිසුවකුට සුද්දයක් දුන් 2ක් ග්‍රෑන්ඩ්පාස් පොලිසියෙන් අල්ලයි


    කාලාන්තරයක් පුරාවට කොළඹ නව කැලණි පාලම මත සිට රාත්‍රි කාලයට එහි යන එන මගීන්ගේ මුදල්, රන් ආභරණ සහ ජංගම දුරකථන මංකොල්ලකෑමේ නිරතව සිටින මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටින කණ්ඩායමක් හේතුවෙන් මගී ජනතාව මහත් බියට හා අසරණ තත්ත්වයට පත්ව සිටී.

    මේ තත්ත්වය පොලිස් පරීක්‍ෂණවලින්ද හෙළිවී ඇති අතර නව කැලණි පාලම මත සිදුවන මේ අපරාධ පිළිබඳව පැමිණිලි කිරීමට පෑලියගොඩට සහ ග්‍රෑන්ඩ්පාස් පොලිසිවලට යන ජනතාවද මේ ස්ථාන දෙකේ පවතින කඹ ඇදිල්ලක් හේතුවෙන් මහත් අසරණ තත්ත්වයට පත්ව ඇත.

    මේ ස්ථානයේ ආරක්ෂිත කැමරා පද්ධතියක් නොමැතිවීම සහ රාත්‍රී පොලිස් මුරපොළක් නොමැතිවීම මංකොල්ලකරුවන්ට මහත් පිටුවහලක් ද වී ඇත.

    පසුගියදා කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාපිටියේ පැවැති අයි පී එල් සමාරම්භක උත්සවය නැරඹීමට ගිය පාසල් සිසුවෙකු ද මේ සොරමුලේ මංකොල්ලකෑමකට ලක්විය.
    මේ ශිෂ්‍යයා ක්‍රිකට් තරගය නරඹා පා ගමනින් තම මිතුරා සමඟ රාත්‍රී 12.30 ට නව කැලණි පාලම දෙසට පැමිණෙන විට එහි රැඳී සිටි සිව් දෙනෙකු විසින් පිහි පෙන්වා සිසුවාගේ මුදල් පසුම්බිය, අත්ඔරලෝසුව සහ රුපියල් ලක්ෂ 2 1/2 ක් වටිනා ඇපල් 12 වර්ගයේ ජංගම දුරකථනය මංකොල්ලකා පලාගොස් ඇත.
    පසුව සිසුවා දෙමාපියන්ට මෙය දන්වා ඔවුන්ද ගෙන්වාගෙන ග්‍රෑන්ඩ්පාස් පොලිසියට සිද්ධිය සැළකර ඇත. පැමිණිල්ලක් ලෙස මෙය සටහන් කර නොගන්නැයි ඉල්ලා සිටි මාපියන් තම දරුවා පාසල් සිසුවකු වීම මීට හේතුව බව ද පෙන්වා දී ඇත.

    එය පිළිගත් එහි රාත්‍රී සේවයේ යෙදී සිටි නිලධාරියා උදෑසන නැවත පොලිසියට එන ලෙස ඔවුනට දන්වා ඇත. පසුව උදෑසන පොලිසිය වෙත ගිය සිසුවා සහ ඔහුගේ මාපියන් නව කැලණි පාලම ප්‍රදේශයේ පිහිටි සැක සහිත නිවෙස් කරා රැගෙන ගොස් පරීක්‍ෂා කොට ඇත.

    ඊළඟ දිනයේදී සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයකු සිසුවා ගෙන්වා ගෙන එම සකකරු පෙන්වූ විට ඔහු එම පුද්ගලයා හඳුනාගෙන ඇත.පසුව පොලිස් පරීක්‍ෂක ජීවන්ත ෂැල්වින් මහතා සහ පො. කො. 30441 රත්නායක යන මහතුන් දිගින් දිගටම සැකකරුගෙන් ප්‍රශ්න කොට සියලු තතු සොයාගෙන අදාළ ප්‍රධාන සැකකාර තරුණයකු ද අත්අඩංගුවට ගන්නා ලදී. එම සැකකරු එහිදී සියලු තතු හෙළිකර දුරකථනය මතුගම පුද්ගලයකුහට රුපියල් 30,000 කට විකුණා ඇති බැව් පැවසූ අතර, පොලිසිය එය ගෙන්වා ගත්තේය.
    මේ මංකොල්ල කණ්ඩායම තදින්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටි බැවින් ඔවුන් සතු හෙරොයින් මත්ද්‍රව්‍යයද අත්අඩංගුවට ගත් පොලිසිය සුවිසාල සිද්ධීන් රැසක් මේ සොර කණ්ඩායමෙන් හෙළිකරගෙන ඇත.
    නව කැලණි පාලම ප්‍රදේශයේ මෙවන් සිද්ධිවලට ඉතිහාසයේ සිටම මහත් අපරාධවලට ප්‍රසිද්ධියක් උසුලන ස්ථානයක් බව පෙන්වා දෙන පොලිසිය මේ පිළිබඳව ඉදිරියට ක්‍රියාකොට සුවිසාල ආරක්ෂාවක් ජනතාව වෙනුවෙන් ලබාදෙන බවද පැවසීය.

    විශේෂයෙන් කැලණි පාලම අවට මේ වනවිට පොලිසි කීපයක් පිහිටා ඇති බැව් සඳහන් කරන ස්ථානාධිපතිවරයා මේ සියල්ල සමග ද සාකච්ඡා කොට ජනතාව රැක ගන්නා බව පවසයි. මේවනවිට පොලිස් ස්ථාන 7 ක වසර 18 ක පමණ කාලයක සිට සේවය කරන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක එච්. එච්. හැරිසන් මහතා මෙවන් සිද්ධි සම්බන්ධයෙන් උපරිම කැපවීමකින් කටයුතු කරනා උප පොලිස් පරීක්‍ෂක ජීවන්ත ෂැල්වින් මහතාගේ සහ තම පොලිස් කණ්ඩායමේ අනෙකුත් නිලධාරීන්ගේ සේවය පිළිබඳව ද මහත් ඇගයීමකින් කථා කරන ලදී.

    විශේෂයෙන් අදාළ පැමිණිලිකරු පාසල් සිසුවකු බැවින් ඔහුගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය දත්ත සහ වාර්තාද මෙම ජංගම දුරකථනයේ සටහන් කර තිබීම නිසා මෙය සොයා ගැනීමට වඩාත් උනන්දුවෙන් කටයුතු කළ බව ජීවන්ත මහතාද පැවසීය. ග්‍රෑන්ඩ්පාස් පොලිසිය සිදුකළ මෙම වැටලීම පිළිබඳ කොළඹ නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර මහතාගේ ඇගයීමට ලක්විය. මෙම වැටලීම ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක එච්. එච්. හැරිසන් මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්‍ෂක ජීවන්ත ෂැල්වින්, අපරාධ අංශ ස්ථානාධිපති නිශ්ශංක විජේරත්න මහතුන් සමඟ පො. කො. 30441 රත්නායක මහතාද සහභාගි වූහ.

    සිසුවාගේ ජංගම දුරකථනය සැකකරුවන්ගෙන් ලබාදීමට ක්‍රියාශීලීවීම පිළිබඳව එම දරුවාගේ පවුලේ උදවිය පොලිසිය පැසසුමට ලක්කර ඇත.
    නෝමන් පලිහවඩන
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,207
    1
    16,078
    113
    "නව" එකෙ වාහන වලට විතරයි නෙහ් බන් යන්න පුලුවන්????

    පහල පොලිස් පෙට්ටියක් තියෙනවා දැකලා නම් තියෙනවා...
    22.jpg
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මහතුන් සමඟ
    kawuda e?

    "නව" එකෙ වාහන වලට විතරයි නෙහ් බන් යන්න පුලුවන්????

    පහල පොලිස් පෙට්ටියක් තියෙනවා දැකලා නම් තියෙනවා...
    22.jpg
    නව කැලණි පාලම කියන්නේ ඔය පින්තූරෙ තියෙන හයිවේ එක කනෙක්ට් වෙන එක නෙමෙයි බන්. පහළින් තියෙන එක. ලොකු එකට කියන්නෙ "Kalyani Golden Bridge".

    තොටලඟ එක තමයි පළවෙනි එක. පෑලියගොඩ එක හැදුවම ඒක නව කැලණි පාලම උනා.
    ------ Post added on Aug 11, 2023 at 8:35 AM
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,091
    1
    58,416
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොලිසිය මාරයිනෙ. සමහරුන්ට ඔහොම හොරාකාපු දෙයක් අල්ලගත්තත් උසාවිදාළ අවුරුදු 2-3ක් ගිහින් තමයි හම්බවෙන්නෙ.

    එක්කො පොලිසියට අඳුරන දෙසපාලකයෙක් මාර්ගයෙන් කතාකරන්න ඕන, නැත්නම් ළමයාගේ අම්ම ගිහින් පුක දෙන්න ඕන, එහෙමත් නැත්නම් පගාවක් දෙන්න ඕන.
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    //කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාපිටියේ පැවැති අයි පී එල් සමාරම්භක උත්සවය// මේ කියන්නේ SLPL ද? අනික මේ ලමයට ලක්ෂ 2 1/2 ක phone එකක් තිබ්බාලු, තාම ඉස්කෝලේ යනවාලු. දැන් ඒතකොට මේ නිකමට අහන්නේ, දැන ගන්න. ඔතනින් නිකන් රු 5000ක් විතර purse එකේ තියෙන හාදයෙක් කොල්ල කෑවොත් මේ වගේම ඉක්මනට හොරා අල්ලලා දෙනවද?
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,207
    1
    16,078
    113
    kawuda e?


    නව කැලණි පාලම කියන්නේ ඔය පින්තූරෙ තියෙන හයිවේ එක කනෙක්ට් වෙන එක නෙමෙයි බන්. පහළින් තියෙන එක. ලොකු එකට කියන්නෙ "Kalyani Golden Bridge".

    තොටලඟ එක තමයි පළවෙනි එක. පෑලියගොඩ එක හැදුවම ඒක නව කැලණි පාලම උනා.
    ------ Post added on Aug 11, 2023 at 8:35 AM
    එලස්, පැටලෙනවා නෙහ්... :sorry::sorry:
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,728
    113
    මේ ලිපියේ කියැවෙන

    // පෑලියගොඩ, ග්‍රෑන්ඩ්පාස් පොලිසිවල කඹ ඇදිල්ලෙන් ජනතාව නත්නත්තාරයි//

    කියන කොටස දැක්කාම, ඊට හේතුවත්, ඒ හේතුව නිසා මීට කලකට පෙර සිදුවුණ සිදුවීමකුත් මතක් උනා.

    පෑලියගොඩ පොලිස් බල ප්‍රදේශය කැළණි ගඟෙන් එගොඩත්, ග්‍රෑන්ඩ්පාස් පොලිස් බල ප්‍රදේශය කැළණි ගඟෙන් මෙගොඩත් වශයෙන් සීමා නියම කර තිබුනාට, කැළණි ගඟ (හෝ පාලම) කිසිම පොලිස් බල ප්‍රදේශයකට අයිති නොවීම තමයි මේ කඹ ඇදිල්ලට හේතුව. ඒ දෙපැත්තේම පොලිස් බල ප්‍රදේශ, පාලම පටන් ගැන්මේදීම අවසන් වන නිසා, පාලම කිසිම පොලිස් බල ප්‍රදේශයකට අයත් නැහැ.

    මීට වසර පනහකට හැටකට පෙර, සියඹලාගොඩ තුන් මිනී මැරුම නමින් ප්‍රසිද්ධියට පත්වූ ත්‍රිත්ව ඝාතනයක් කහතුඩුව පොලිස් බල ප්‍රදේශයේ, සියඹලාගොඩ ගමේ වෙල් යායක සිදු උනා. ඒ වෙල් යාය මැදින් ගලා බස්නා ඇල, කහතුඩුව සහ පිළියන්දල පොලිස් බල ප්‍රදේශ වල මායිම වුනා. මැරුම් කෑ මිනිසුන් තිදෙනාගෙන් කෙනෙක් කහතුඩුව පොලිස් වසම පැත්තෙත්, තවකෙක් පිළියන්දල පොලිස් වසම පැත්තෙත් වැටී සිටිය නමුත්, තුන්වැන්නා, ඒ කියූ ඇල මාර්ගය හරහා බැඳ තිබූ කොන්ක්‍රීට් වේල්ල මත වැටී සිටියා. කහතුඩුව පැත්තේ මිණිය කහතුඩුව පොලිසියෙනුත්, පිළියන්දල පැත්තේ මිණිය පිළියන්දල පොලිසියෙනුත් රැගෙන ගිය නමුත්, මායිම් ඇල මැද, වේල්ලේ වැටී තිබුන මිණිය දිනකට දෙකකට පසු ගල්කිස්ස ASP (මේ පොලිස් කොට්ඨාශ දෙකම අයිති ගල්කිස්ස ASP ටයි) මැදිහත්වීමෙන් රැගෙන යන තුරුම එතැනම තිබුනා. පොලිස් කොට්ඨාශ මායිම් අනුව, ඒ ස්ථානය කහතුඩුවට හෝ පිළියන්දලට අයිති නොවීම මීට හේතු උනා.

    මේවා බොහොම පහසුවෙන් නිරාකරණය කරගත හැකි ගැටළු. උදාහරනෙකට කියනවා නම්, ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියාවත්, NSW ප්‍රාන්තයත් අතර මායිම වන මරේ ගඟ, සම්පූර්ණයෙන්ම අයිති වෙන්නේ NSW ප්‍රාන්තයටයි. ඒ නිසා ගඟ හෝ ගඟට අයිති පාලම්, weir ආදියේ සම්පූර්ණ පාලනය NSW මගින් සිදු වෙනවා. No man's land කොටසක් නැහැ.
     
    • Like
    Reactions: topkollek

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    පොලිසිය මාරයිනෙ. සමහරුන්ට ඔහොම හොරාකාපු දෙයක් අල්ලගත්තත් උසාවිදාළ අවුරුදු 2-3ක් ගිහින් තමයි හම්බවෙන්නෙ.

    එක්කො පොලිසියට අඳුරන දෙසපාලකයෙක් මාර්ගයෙන් කතාකරන්න ඕන, නැත්නම් ළමයාගේ අම්ම ගිහින් පුක දෙන්න ඕන, එහෙමත් නැත්නම් පගාවක් දෙන්න ඕන.
    apple find my iphone app
     
    • Like
    Reactions: topkollek

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,978
    11,712
    113
    kawuda e?


    නව කැලණි පාලම කියන්නේ ඔය පින්තූරෙ තියෙන හයිවේ එක කනෙක්ට් වෙන එක නෙමෙයි බන්. පහළින් තියෙන එක. ලොකු එකට කියන්නෙ "Kalyani Golden Bridge".

    තොටලඟ එක තමයි පළවෙනි එක. පෑලියගොඩ එක හැදුවම ඒක නව කැලණි පාලම උනා.
    ------ Post added on Aug 11, 2023 at 8:35 AM
    Photo ekak dapan balanna
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    කරපු උන්ට නීතියෙන් ලැබුන දඬුවම් මොනවද news නැද්ද අලුත්