‘කුඩු පප්පා’ කොළඹ තරුණ දේශපාළුවෙක්‌ – වෙලේ ස&a

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    ‘කුඩු පප්පා’ කොළඹ තරුණ දේශපාළුවෙක්‌ – වෙලේ ස&a

    ‘කුඩු පප්පා’ කොළඹ තරුණ දේශපාළුවෙක්‌ – වෙලේ සුදා හෙළි කරයි…







    හෙරොයින් ජාවාරමේ ‘ගෝඩ් ෆාදර්’ ලෙස හඳුන්වන්නේ කොළඹ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ එක්‌තරා තරුණ දේශපාලනඥයකු බවත් හෙරොයින් ජාවාරම්කාරයන් මාසිකව ඔහුට රුපියල් ලක්‍ෂ ගණනින් කප්පම් මුදල් ගෙවිය යුතු බවත් අත්අඩංගුවේ සිටින වෙලේ සුදා හෙළි කර ඇත.


    මෙම තරුණ දේශපාලනඥයා මාසිකව තමාගෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක්‌ කප්පම් වශයෙන් ලබාගන්නා බව ද පසුගියදා අත්අඩංගුවට ගත් වෙලේ සුදා අනාවරණය කර තිබේ. මෙම මුදල් දේශපාලනඥයා වෙත ලබාදුන්නේ තම බිරිඳ විසින් බව ද ඔහු හෙළි කර ඇත.


    ශ්‍රී ලංකාවේ ප්‍රධානම පෙළේ හෙරොයින් ජාවාරම්කරුවකු බව කියන වෙලේ සුදාගෙන් රහස්‌ පොලිසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යන අතර ඔහු මෙම ජාවාරමට සම්බන්ධ විවිධ පුද්ගලයන් ගැන වැදගත් තොරතුරු රැසක්‌ හෙළිකර ඇත.


    තමන්ට මාසිකව කප්පම් මුදල් ලබාදෙන හෙරොයින් ජාවාරම්කාරයන්ට රැකවරණය ලබාදෙන මෙම තරුණ දේශපාලනඥයා ඔවුන් වෙනුවෙන් ඕනෑම අවස්‌ථාවක පෙනී සිටීමට ඉදිරිපත් වන බව ද වෙලේ සුදා පවසා ඇත.


    මෙම තරුණ දේශපාලනඥයා පසුගිය රජය සමයේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිලයක්‌ ද දැරූ අතර හෙරොයින් ජාවාරම්කාරයන් ආරක්‍ෂා කිරීමට මොහු ඒ නිලතල ප්‍රයෝජනයට ගත් බව ද වාර්තා වෙයි.
    මේ අතර පාතාල ලෝකයේ සන්නද්ධ කණ්‌ඩායම් කීපයක්‌ම මෙම දේශපාලනඥයා යටතේ පවතින අතර තමන්ට එරෙහි වන හෙරොයින් ජාවාරම්කාරයන් මර්දනයට මොහු මෙම පාතාල කණ්‌ඩායම් යෙදවූ බව ද වෙලේ සුදා අනාවරණය කරයි.


    මෙම තරුණ දේශපාලනඥයා මහජනතාව වෙනුවෙන් අත දිගහැර මුදල් සහ වෙනත් භාණ්‌ඩ බෙදාහැරියේ හෙරොයින් ජාවාරම්කාරයන්ගෙන් ලබාගන්නා මුදල්වලින් බව ද වෙලේ සුදාගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත.


    හෙරොයින් ජාවාරමේ යෙදෙමින් පාකිස්‌තානයේ සැඟවී සිටි වෙලේ සුදා පාකිස්‌තාන පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර පසුව ඔහු රහස්‌ පොලිසිය භාරයට ගන්නා ලදී.


    සැකකරු මාස තුනක රැඳවුම් නියෝග මත තබා වැඩිදුරටත් විමර්ශන සිදුකරන බව උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ පැවසීය.
    මේ වන විට වෙලේ සුදාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී තරුණ දේශපාලනඥයාට අමතරව පොලිසියේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පොලිසියේ සේවය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු විවිධ පුද්ගලයන් රැසකගේ තොරතුරු හෙළිකර ඇතැයි ද හෙතෙම කීය.


    සැකකරු විවිධ පුද්ගලයන්ගේ නම් ප්‍රකාශ කළ ද ඒවා සනාථ කර ගැනීම සඳහා මුදල් ලබාදුන්නේ කාටද? එම ගිණුම් පරීක්‍ෂා කිරීම, සී. සී. ටී. වී. දර්ශන ලබාගෙන ඒවා විමර්ශනය කිරීම, විදේශ රටක සිට මුදල් එවා ඇතිනම් එම රටවල තානාපතිවරුන් මාර්ගයෙන් බැංකු වාර්තා ලබාගැනීම ඇතුළු කාර්යන් රැසක්‌ සිදුකෙරෙමින් පවතින බව ද හෙතෙම කීය.
    මෙම සියලු තොරතුරු අනාවරණය කර ගැනීමෙන් පසු මත්කුඩු ජාවාරම පිටුපස සිටින ඕනෑම පුද්ගලයකුට එරෙහිව පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.


    – දිවයින







     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    Muslim aya kudu gahannehe, apita Haram:yes::yes:

    හරාම් හැබයි උඹල ගේනවා සිංහල කොල්ලන්ට පොවන්න.
    පිචස් ලේන් එකේ ඉස්සර නම ගිය හෝටලයක් තිබා. ස්පෙකර් එකෙන් කුරානය දානවා. හොටලයක් වගේ තිබුනට කුඩු බෙදා හරින්නේ කොළබ සිංහල මිනිස්සු ඉන්න තැන් වලට. අපි නොදන්න හරාම් කුඩු.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    heroin.jpg
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,486
    3,894
    113
    Maligawatta
    හරාම් හැබයි උඹල ගේනවා සිංහල කොල්ලන්ට පොවන්න.
    පිචස් ලේන් එකේ ඉස්සර නම ගිය හෝටලයක් තිබා. ස්පෙකර් එකෙන් කුරානය දානවා. හොටලයක් වගේ තිබුනට කුඩු බෙදා හරින්නේ කොළබ සිංහල මිනිස්සු ඉන්න තැන් වලට. අපි නොදන්න හරාම් කුඩු.

    ithing mewa police yata kiyannethe ey ? :confused:
    Muslim minissunta mada gahannepa machan :angry: