‘කොමිස් රුසියා’ රුසියානු තෙල් එපා කියයි…

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    1660477458349.png


    ලංකාව තෙල් ප්‍රශ්නයෙන් ගලවා ගැනීමට රුසියාවෙන් අලුත් උත්තරයක් ලබාදී ඇත. මෙම උත්තරය ලංකාවේ ඉන්ධන ප්‍රශ්නයට ඛනිජ තෙල් ඇමැතිවරයා දුන් උත්තරවලට වඩා හාත්පසින්ම වෙනස් එකකි. එය මාසිකව ඩොලර් මිලියන 300 ක් වටිනා ඛනිජ තෙල් වසර දෙකක ණය පදනමක් යටතේ ලබා දීමටයි. මේ සම්බන්ධව රුසියාවේ ඉන්තුම් හෝල්ඩින්ස් සමාගම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අවබෝධතා ගිවිසුමක් ඉදිරිපත් කර තිබෙන බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා ප්‍රකාශ කර ඇත. මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමකදී අනාවරණය වූයේ ලෝක වෙළෙඳපොළේ පවතින මිලට වඩා සියයට පහළොවත් තිහත් අතර මිලකට අඩුවෙන් ඉන්ධන ලබාදීමට එම සමාගම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අවබෝධතා ගිවිසුමක් ඉදිරිපත් කර ඇති බවයි.

    රටේ පවතින සෑම ගැටලුවකටම මුල ඩොලර් හිඟය බව පුංචි දරුවකු පවා දන්නා කාරණයකි. පසුගියදා රුසියාවේ ඉන්ධන සමාගම ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ඉදිරිපත් කළ ගිවිසුම අපේ රටට අතිශය වැදගත් වේ. නමුත් මේ රටේ අහේතුවකට පහළ වූ ‘කොමිස් කාක්කන්’ හට රුසියා උත්තරය වහකදුරුමය. පසුගිය කාලයේ අපේ රටේ තෙල් පෝලිම්වල සිදු වූ මරණ විස්සකට අධිකය. පාසල් අධ්‍යාපනය, රටේ සේවය යථා පරිදි පවත්වාගෙන යෑම, කර්මාන්ත, කෘෂිකර්මාන්තය පවත්වාගෙන යෑම ආදියට ඉන්ධන නොමැතිකමින් පසුගිය කාලයේ මුළු රටම එකතැන නැවතුණි. රජය මගින් හඳුන්වා දුන් ූඍ ක්‍රමය ඉන්ධන පෝලිම් අවසන් කිරීමට සමත් වුව ද, ත්‍රිරෝද, පෞද්ගලික බස් හිමියන් එයින් සෑහීමකට පත් නොවන බවට දක්නට ඇත. සැබවින්ම ත්‍රිරෝද රථ සඳහා සතියකට ලබාදෙන ඉන්ධන ලීටර් පහක කෝටාව ඔවුන්ට කුලී ගමන් සඳහා ප්‍රමාණවත් නොවේ. පෞද්ගලික බස් රථ හා අනෙකුත් ප්‍රවාහන සේවයන්ට ලැබෙන ඉන්ධන ප්‍රමාණය ද ප්‍රමාණවත් නොවීමෙන් ඔවුන් ද අද නඟන මැසිවිලි අප්‍රමණය. පිරවුම්හල්වලට තෙල් නොලැබීම හා නැවත තෙල් නැවක් මෙරටට පැමිණෙන දිනය වැනි ගැටලුවලට නිසි පිළිතුරක් දීමට අදාළ බලධාරීන්ට නොහැකිව ඇත.

    මෙරට ඉන්ධන හිඟයට කදිම නිදසුනක් රුසියානු සමාගමක් මගින් ඉදිරිපත් කර ඇත්තේ මෙවැනි වතාවරණයක් තුළය. අපේ රටට බොහෝ අවස්ථාවල ඉන්ධන ලබා ගත්තේ යම් සැපයුම්කරුවකු හරහාය. ඕමාන් රාජ්‍යයෙන් තෙල් මිලදී ගන්නේ කටාර් රාජ්‍යයේ තෙල් සැපයුම්කරුවකුගෙනි. එම සමාගමේ මූල්‍ය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ අපේ රටේ දේශපාලනඥයකු බවට තොරතුරු ලැබී ඇත. ඔහු ගැන හිටපු ඇමැතිවරයකු වරින්වර ප්‍රකාශ ද නිකුත් කළේය. ඉන්ධන සැපයුම්කරු සමාගම් හරහා ඉන්ධන ආනයන කිරීමේදී සාමාන්‍ය මිලට වඩා මිල ඉහළ යෑමක් සිදුවන්නේ කොමිස් මුදල් ගෙවීමට සිදු වීමෙනි. මේ ගෙවීම් සියල්ල සිදු කරන්නේ ඩොලර්වලනි.

    රුසියාවෙන් තෙල් මිලදී ගැනීමේදී අලෙවි කරනු ලබන්නේ රූබල්වලටය. මේ හේතු නිසා කොමිස් මුදල් නැති වීම බලවත් පිරිසකට අද ගැටලුවකි. එයට හේතුව රුසියාවේ ඉන්ධන අපනයනය කරනු ලබන සමාගම් රැසක් ඇතත් ඒවායෙන් වැඩි ප්‍රමාණයක් රුසියානු රජයට අයත් වීමය. රාජ්‍ය ආයතන සමග ගනුදෙනු කිරීමේදී කොමිස් මුදල් ගසාකෑමක් සිදුකළ නොහැකි වීමෙන් රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීමට අදාළ බලධාරීන්ට නොහැකි වීමෙන් බාධාවක් වී ඇති බව වර්තා වී ඇත.

    1660477494035.png


    රුසියාව තෙල් බැරලයක් අලෙවි කරන්නේ ඩොලර්වලින් ගණනය කළහොත් ඩොලර් 69 ත් 80 ත් අතර මිලකටය. ඉන්දියාව පසුගිය කාලය තුළ ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ අපට ඉන්ධන ලබාදුන්නේ ඩොලර් 150 ක් වැනි මුදලකටය. එසේ ලබාදුන්නේ ඔවුන් ඩොලර් 67 කට ලබාගත් ඉන්ධන බව වැඩි දෙනා කියන කාරණයකි. වැඩි මුදලකට තෙල් ගැනීම යනු අපේ රටේ ඇති බරපතළ ගැටලුවකි.

    සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවකයන් සඳහා අතිකාල දීමනා ලෙස රුපියල් කෝටි 250 ත් 300 ත් අතර මුදලක් ගෙවා ඇත. විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා මේ බව පැවසුවේ පසුගියදා පාර්ලිමේන්තුවේය. එම අතිකාල දීමනා කාහටද යැයි සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරන බව ද හෙතෙම පැවසීය. පසුගිය කාලය තුළදී රටේ තෙල් නැතුව තෙල් බවුසරයක්වත් දුවන්නේ නැතුව පිරිපහදුව වසා තිබුණු කාලයක් ඔබට මතක ඇති. මෙවන් රටේ අර්බුදකාරී වාතාවරණයක් තිබියදී රටේ ධනය නිකරුණේ වැය කිරීම ජාතියේ අපරාධයකි. තත්ත්වය දැන් පැහැදිලිය. වසා තිබූ පිරිපහදුවේ සේවකයන්ට හා සංස්ථා සේවකයන්ට කෝටි ගණන් දීමනා ගෙවන මුවාවෙන් ඛනිජ තෙල් සංස්ථාවේ බලධාරීන් මේ කරන්නේ බලවත් කොමිස් ගැහිල්ලකි. නමුත් කළ යුත්තේ රුපියල් කෝටි ගණන් කොමිස් ගසාකෑම නොව රුසියාවේ තෙල් සහනය ලබා ගැනීමයි.

    රුසියාවෙන් අපේ රටට ඉන්ධන ලබාදුන්න ද මුදල් ගෙවීමේදී අපේ රටට ප්‍රශ්න රාශියකට මැදි වීමට සිදු වී ඇත. ඉන්දියාව රුසියාව අතර මුදල් සම්බන්ධව ගිවිසුමක් ඇති නිසා ඔවුන්ට ගැටලුවක් නොමැත. එහෙත් ලංකාවට තවමත් එවැනි ගිවිසුමක් නොමැති නිසා එයට පිළිතුරු සෙවීමට අපේ රටේ බලධාරීන් වහා ක්‍රියාත්මක විය යුතුය. ඉන්ධන හිඟයට තවමත් තිරසාර ගිවිසුමක් නැත. අප ඉහත කී ‘කොමිස් කාක්කන්ට’ යට නොවී එම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ජනපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වහා පියවර ගත යුතුව ඇත.

    රමින්ද ලසන්ත මාවතගේ
    – දිවයින
     

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    මචන් රනිලුත් හොරා නේද @Ridunapm
    මොන හුත්තක්ද බං මේ? මාතෘකාවයි, දාලා තියෙන හුත්තයි අතර කිසිම සම්බන්ධයක් පේනවද උඹට? කොහෙද කියහන්කො එපා කියල තියෙනවා කියල තියෙන්නෙ? එක්කො මේක දාපු දිවයින පොන්නයාට අන්දකයිප්පු. නැත්තම් මේක කියවලා තමන්ගෙ මැන්ටල් මොළේ අස්සෙ තියෙන ලබ්බ fire කරගත්තු excrement ද මොකාද එකාට අන්දකයිප්පු. 😂
     
    • Like
    Reactions: pathaleiretta

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මොන හුත්තක්ද බං මේ? මාතෘකාවයි, දාලා තියෙන හුත්තයි අතර කිසිම සම්බන්ධයක් පේනවද උඹට? කොහෙද කියහන්කො එපා කියල තියෙනවා කියල තියෙන්නෙ? එක්කො මේක දාපු දිවයින පොන්නයාට අන්දකයිප්පු. නැත්තම් මේක කියවලා තමන්ගෙ මැන්ටල් මොළේ අස්සෙ තියෙන ලබ්බ fire කරගත්තු excrement ද මොකාද එකාට අන්දකයිප්පු. 😂
    උඹ මේ ලියල තියන හුත්තයි, විඩීයෝ වල තියන හුතුයි බැලුවද? ඒවා බොරුද?
     

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    උඹ මේ ලියල තියන හුත්තයි, විඩීයෝ වල තියන හුතුයි බැලුවද? ඒවා බොරුද?
    යකෝ රුසියාවෙන් ටොන් ලක්ෂෙක තෙල් නැවක් අ‍ාපු දවසෙම මේ වගේ මැන්ටල් කතා කියනකොට අන්දකයිප්පු කියල හිතෙන් නැද්ද? 😂
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    යකෝ රුසියාවෙන් ටොන් ලක්ෂෙක තෙල් නැවක් අ‍ාපු දවසෙම මේ වගේ මැන්ටල් කතා කියනකොට අන්දකයිප්පු කියල හිතෙන් නැද්ද? 😂
    ඔය රුසියන් තෙල් නැව බොරතෙල්නෙ. කොහෙන්ද බන් ගෙනල්ල තියෙන්නෙ? රුසියන් ආන්ඩුවට අයිති සමාගමකින්ද නැත්තං පෞද්ගලික එකකින්ද? කීය ගානෙද?
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,200
    955
    113
    එම සමාගමේ මූල්‍ය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ අපේ රටේ දේශපාලනඥය???
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,300
    21,295
    113
    මොන හුත්තක්ද බං මේ? මාතෘකාවයි, දාලා තියෙන හුත්තයි අතර කිසිම සම්බන්ධයක් පේනවද උඹට? කොහෙද කියහන්කො එපා කියල තියෙනවා කියල තියෙන්නෙ? එක්කො මේක දාපු දිවයින පොන්නයාට අන්දකයිප්පු. නැත්තම් මේක කියවලා තමන්ගෙ මැන්ටල් මොළේ අස්සෙ තියෙන ලබ්බ fire කරගත්තු excrement ද මොකාද එකාට අන්දකයිප්පු. 😂
    ඔය ප්‍රශ්නෙ විසදන්න පුලුවන් අගට ? එකක් දැම්ම නම්. :baffled: :baffled: :baffled:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,598
    17,669
    113
    Auckland
    Don't take any shit on face value

    Maybe they asking for a 2 year deal with a fixed priced at that. Oil prices go up and down all the time and if it hits below that News papers will go crazy. We all know how media cunts work in Sri Lanka