‘කොළොම්බස් කළ කෙංගෙඩියක් නෑ'

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
චීනයේ පරණ පොත් සාප්පුවකදී තිබී හමුවී ඇති බව කියන වසර 600 ක් පැරණි යැයි සැළකෙන සිතියමකට අනුව ඇමරිකාව හෙවත් නව ලෝකය ප‍්‍රථමයෙන් සොයාගෙන ඇත්තේ ස්පාඤ්ඤ ජාතික කි‍්‍රස්ටෝපර් කොලොම්බස් නොව චීන ජාතිකයින් බව බි‍්‍රතාන්‍යය ජාතික ඉතිහාසඥයෙක් පවසයි.
කුඩා කල අප දේශ ගවේශණයේ යෙදුනවුන්ගේ වික‍්‍රමයන් ගැන විමසුවේ අසා සිටියේ නොතිත් ආශාවකිනි.එම දේශගවේශකයන් අතරිනුත් කි‍්‍රස්ටෝපර් කොලොම්බස් ඉහළින්ම සිටි තැනැත්තා විය.ඊට හේතුව වූයේ නව ලෝකය හෙවත් දැන් ලෝකයටම පොලිස් කාරයා වී සිටන උතුරු ඇමරිකාව සොයාගත්තේ ඔහු වීමය.
නමුත් බි‍්‍රතාන්‍යය ඉතිහාසඥ ගෙවින් මෙන්ස්ට අනුව ඇමරිකාවෙ හෙවත් නව ලෝකය සැබෑවටම සොයාගෙන ඇත්තේ කි‍්‍රස්ටෝපර් කොලොම්බස් නොව 18 වැනි සියවසේදී චීන ජාතිකයින්ය.ගෙවින් මෙන්ස් පවසන ආකාරයට ඒ කි‍්‍රස්ටෝපර් කොලොම්බස්ට පෙර වසර 70 කට පමණ ඉහතදීය.
මෙම පෙරළිකාර මතයට තුඩුදී ඇති සිතියම හමුවී තිබෙන බව කියන්නේ චීනයේ පැරණි පොත් සාප්පුවකිනි.සිතියම් පිළිඹද විශේෂඥයින් තහවුරු කර ඇති ආකාරයට එම සිතියම කිසිදු අයුරකින් ව්‍යාජ ලෙස නිර්මානය කළ එකක් නොවන බව ගෙවින් මෙන්ස් සහතික කරයි.
එහි දැක්වෙන බව කියන තොරතුරු අනුව ඇමරිකාව හෙවත් එදවස නව ලෝකය ලෙස හැදින්වූ ගොඩබිමේ පිහිටීම පිළිඹද දළ සටහනක් සිතියමේ අන්තර්ගතව ඇත.
තමන් ඇතුළු පරීක්ෂක කණ්ඩායමක් සිතියම විශ්ලේෂණය කර සොයාගත් තොරතුරු අනුව එය චීනයේ 1368 වසරේ සිට 1644 වසර දක්වා පැවති මින්ග් රජ සමයේ ලියැවුනක් බව ගෙවින් මෙන්ස් කියයි.

මින්ග් රජ සමයේ සිටි නාවික අද්මිරාල්වරයෙකි සෙන්ග් හී.ඔහු වඩාත් ප‍්‍රකට දේශගවේශනයන්හි යෙදීම සම්බන්ධයෙනි.යුරෝපය හා අපි‍්‍රකාව ආශි‍්‍රත ප‍්‍රදේශන්හි ඔහු දේශටනයේ යෙදුණු බවට තොරතුරු සොයාගැනීමට ඉතිහාසඥයින් සමත්ව තිබේ.
සොයාගැනීමට හැකිව තිබෙන තොරතුරු වලට අනුව මෙම සිතියමේ නිර්මාතෘවරයා මේ කියන අද්මිරාල් සෙන්ග් හී බව ගෙවින් මෙන්ස් පවසයි.තම දේශ ගවේශණ චාරිකාවන් අතරතුරදී අද්මිරාල් සෙන්ග් හී ඇමරිකාවේ ගොඩබිම් ප‍්‍රදේශයටත් පැමිණෙන්නට ඇතැයිද මෙම සිතියම ඊට හොද සාක්ෂියක් බවද ඔහු කියයි.
ඔහු පවසන ආකාරයට සෙන්ග් හී දේශ ගවේශණයෙන් නොනැවතී ඇමරිකාවේ මුල්ම ජනාවාසද පිහිටුවා තිබේ.මෙම ජනාවාසයන් පිහිටුවා ඇත්තේ දැන් කැලිෆෝර්නියා,ෆ්ලොරිඩා හා වර්ජිනියා ලෙස හදුන්වන ප‍්‍රදේශයන්හි බවත් මේ පිළිඹද ඉතිහාසගත තොරතුරු මෙන්ම ප‍්‍රවේණිගත සාක්ෂිද තමන්ට ඉදිරිපත් කළ හැකි බව ගෙවින් මෙන්ස් කියන්නේ විශ්වාසයෙනි.
ඇමරිකාව ජනාවාස වීම පිළිඹද බහුතර ඉතිහාසඥයන් විශ්වාස කරන මතය වන්නේ රුසියාවේ බෙරින්ග් - ස්ට‍්‍රයිට් තුඩුවේ සිට ඇමරිකාවේ ගොඩබිම කරා ළගා වූවන් මුල්ම ජනාවාස ඇති කළ බවයි.
නමුත් ගෙවින් මෙන්ස්ට අනුව ඇමරිකාවේ මුල්ම ජනාවාස ඇතිකර තිබෙන්නේ සේලරුවන් මිස අන් කිසිවෙක් නොවේ.වර්තමාන ඉතිහාසඥයන් සිතා සිතිනවාට වඩා ඈත යුගයක සිට මිනිසුන් සයුරු තරණයේ හා දේශ ගවේශනයේ යෙදී ඇති බව ඔහු කියයි.
කොලොම්බස් ඇමරිකාව සොයාගැනීමට ආධාර කරගන්නට ඇත්තේත් අද්මිරාල් සෙන්ග් හී සකස් කළ මෙම සිතියම වන්නට ඇතැයි ඔහුගේ අදහසයි.
සිතියමේ එදවස පේරු රාජ්‍යයේ පිහිටීම සම්බන්ධයෙන්ද සදහන්වී ඇති බව කියැවේ.පේරු රාජ්‍යයේ විවිධ ප‍්‍රදේශයන් චීන භාෂාවෙන් නම් කර හදුන්වාදී ඇතැයි සදහන්ය.එම කාලවකවානුවේ පේරු රාජ්‍යයේ පැවතී යැයි සොයාගෙන තිබෙන මිනිස් බිලි පූජාවන් ආදී විවිධ ඇදහිලි හා කි‍්‍රයාකාරකම් සම්බන්ධ තොරතුරුද සිතියමේ අන්තර්ගත කරුණු අතර වන බව ගෙවින් මෙන්ස් පවසයි.
ගෙවින් මෙන්ස් ඇමරිකාව සොයාගත්තේ කොලොම්බස් නොවේ යැයි ප‍්‍රකාශ කළේ අද ඊයෙක නොවේ.2002 වසරේ සිටම ඔහු ප‍්‍රකාශ කරන්නේ ඇමරිකාව හෙවත් නව ලෝකය සොයාගත්තේ කොලොම්බස් නොව අද්මිරාල් සෙන්ග් හී නියෝජනය කළ චීන ජාතිකයින් බවයි.මෙවර ඔහුගේ මතය සනාථ කිරීම සදහා පැහැදිලි සාක්ෂි ලැබී ඇති සෙයකි.
ඉතිහාසය ගැන හැදෑරීමේ යෙදුණද ගෙවින් මෙන්ස්ට පිළිගත් උපාධියක් හෝ වෘත්තීය මට්ටමේ දැනුමක් නොමැත.නමුත් ලෝක ඉතිහාසය සම්බන්ධයෙන් ඔහුට ඇත්තේ දැනුම් සම්භාරයකි.දැනට ලෝක ඉතිහාසය සම්බන්ධයෙන් පොත් කිහිපයක්ද පල කර ඇති ඔහු ඒවායින් ලැබෙන මුදල් සියල්ල යොදවන්නේත් දේශගවේශනයන්හි යෙදීමටත් ඉතිහාසය සම්බන්ධ පර්යේෂණ කිරීමටත් සදහාය.
ඇමරිකාව ගවේෂණය කිරීම සම්බන්ධයෙන් ගෙවින් මෙන්ස් සොයාගෙන ඇති නවතම කරුණු අන්තර්ගත ‘‘ඇමරිකාව සොයා ගත්තේ කවුද‘‘ නම් ග‍්‍රන්ථයක්ද ඔහු පසුගියදා එළිදැක්වීය.
එහෙත් වෘත්තීය ඉතිහාසඥයින්ට නම් ගෙවින් මෙන්ස් යනු විහිළුකාරයෙකි.ඔහු කියන කිසිවක් බරෑරුම් ලෙස භාර ගැනීමට කිසිවෙක් සූදානම් නැත.
නමුත් මෙවර තුරුම්පු කොළ ඇත්තේ ගෙවින් මෙන්ස් අත බවක් පෙනෙන්ට තිබේ.ඔහුගේ නවතම ග‍්‍රන්ථයේ අන්තර්ගත තොරතුරු ප‍්‍රචලිත වූවායින් පසු සත්‍ය කුමක්දැයි සොයාගැනීමට හැකිවනු ඇත.



57(12).jpg

58(12).jpg

59(14).jpg
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Western country wala godak dena ANUN GE DEVAL COPY KARALA NAME EKA DA GATTHU AYA. FOR EXAMPLE----NEWTON ASTROLOGY FOLLOW KARAPU KENEK. NEWTON GE NIYAMA WALATA MAINLY SUPPORT UNE AYA DANNA ASTROLGY. Aba gediya oluwata vatuna katha boruwata gothapu katha. Newton ta ona une newton ma vitharak soya gatthu niyamayan vidiyata pennana. Namuth credit eka Astrology walatath labenna ona. Mass ekakin thawath mass ekakata balapam thiyena bavath, mainly planets wala force eka gana astrology wala sadahan venawa. NEWTON MEWA COPY KALA.
 

gayathra28

Member
Jun 10, 2007
495
63
0
මිට කලින් නොර්වේ වල වයිකින්ග්ස් කියන මුහුදු ගවෙශකයො(ගවෙශකයො කිව්වට මුන් මහ සක්කිලි ජාතියක්. අර ෆිල්ම් වල එහම ඉන්නෙ මිනී ඔලු අතින් ගත්තු මහ රවුද්‍ර පෙනුම තියෙන ජාතියක්.).ඇමෙරිකාවට ගිහින් තියෙනවා. උන්ගෙ ජන කතා වල තියෙනවා කුරුලු පිහාටු ඔලුවෙගහගත්තු අසරුවොත් එක්ක යුද්ද කරල්පු සීන් වගෙ එව්වා අමුතු රටක.