‘කෝපිකඩේ’ අධ්‍යක්ෂ සුදම් චන්දිම දයාරත්න අභිරහස් ලෙස මියයයි!

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,465
    8,621
    113
    031


    ජනප්‍රිය ‘කෝපිකඩේ’ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂවරයෙකු මෙන්ම ස්වාධීන රූපවාහිනී සේවයේ වැඩසටහන් නිෂ්පාදකවරයෙකු ලෙස කටයුතු කළ සුදම් චන්දිම දයාරත්න මහතා (53) අභිරහස් ලෙස මියගොස් තිබෙනවා. දෙදරු පියෙකු වන ඔහුගේ දේහය, කොළොන්නාව, සාලමුල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තිබී ඊයේ (ජූලි 21) දින සොයාගෙන ඇති බව වැල්ලම්පිටිය පොලීසිය තහවුරු කරයි.

    දයාරත්න මහතාගේ බිරිඳ නිවසින් බැහැරව ගොස් සිටි අවස්ථාවක මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවී තිබෙනවා. සිය සැමියා දුරකථන ඇමතුම් වලට ප්‍රතිචාර නොදැක්වීම නිසා සැක සිතූ ඇය නැවත නිවසට පැමිණ පරීක්ෂා කර ඇත. නිවසේ දොරගුළු ඇතුළතින් වසා තිබීම හේතුවෙන්, දොර කඩා නිවසට ඇතුළු වූ අවස්ථාවේදී ඔහු කාමරයේ ඇඳක් මත මියගොස් සිටිනු ඇය විසින් දැක තිබෙනවා.

    හදිසි රෝගී තත්ත්වයක් මෙම මරණයට හේතු වන්නට ඇති බවට පොලීසිය මූලික වශයෙන් සැක පළ කරයි. කොළොන්නාව වැඩබලන හදිසි මරණ පරීක්ෂක, සාමවිනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය විසින් සිද්ධිය වූ ස්ථානයේ පරීක්ෂණ පවත්වා තිබේ.

    මරණයට නිශ්චිත හේතුව සොයාගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත අතර, දේහය කොළඹ පොලිස් මෘත ශරීරාගාරය වෙත යොමු කරන ලෙස නියෝග කර ඇත. වැල්ලම්පිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි. සුදම් චන්දිම දයාරත්න මහතාගේ හදිසි වියෝව කලා ක්ෂේත්‍රයට විශාල පාඩුවක්.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    අපි මැරුනත් කොපි කඩෙ නම් යයි දිගටම. ඔක අවුරුදු 20-30 කට කලින් ශෙප් නෙද? පස්සෙ පස්සෙ උන්ට ස්ටොරීස් උත් නැතුව බොරුවට පොඩි පොඩ් අයිටම් ස්ටොරීස් කරන්න ගත්තා මම හිතන්නෙ.
     
    • Like
    Reactions: War Fighter

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,935
    3,408
    113
    "බිරිඳ නිවසින් බැහැරව ගොස් සිටි අවස්ථාවක මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවී තිබෙනවා. සිය සැමියා දුරකථන ඇමතුම් වලට ප්‍රතිචාර නොදැක්වීම නිසා " me wage ewa apitath unoth epa wenwa ne. call answer karan nati unama hitan nane marila kiyala :(
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,529
    6,399
    113
    මුල් සෙට් එකේ එකෙක් වත් නැද්ද oke දැන්