‘ගෝඨා’ අපේ වීරයෙකි

May 6, 2012
15
5
0
‘ගෝඨා’ අපේ වීරයෙකි

ශ්‍රී ලංකාවේ ප්‍රභාකරන් වැපිරූ ත්‍රස්තවාදය තුරන් කරන්නට රාජ්‍ය නායකයාට උදවුවට ආවේ එතුමාගේ සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ නොව කැඩෙට් නිලධාරියකු වූ දා පටන් හමුදාව හොඳින් හඳුනාගත් ගෝඨාභය රාජපක්ෂ නම් වූ හමුදා නිලධාරියාය.
ගෝඨාභයට යුද මැෂිම නිසි තැන තබාගෙන යුද්ධය කරන්නට අවශ්‍ය නවීන අවි ආයුධත්, දේශපාලන නායකත්වයත් දුන්නේ මහින්ද රාජපක්ෂ නම් සොහොයුරා නොව පිටරට බලවේග හමුවේ කොන්ද නමන්නේ නැති සේනාධිනායක ජනාධිපති මහින්ද රාජපක්ෂය.
යුද්ධයක් කරන්නට සේනාධිනායකත්වයට විශ්වාසවන්ත හමුදා නිලධාරියකු යුද පෙරමුණේ සිටිය යුතුය. යුද්ධය දිනුවේ අපි යැයි එළියේ සිට කයිවාරු ගසන අයගෙන් වැඩක් නොවනු ඇත. ගෝඨාභය රාජපක්ෂ ඉන්ද්‍රඛීලයක් සේ නොව දක්ෂ හමුදා නිලධාරියකු ලෙස සිය යුතුකම රට වෙනුවෙන් ඉටු කළ බව මෙහිලා සටහන් කරන්නේ සිතට ඇතිවන පුංචි ආඩම්බරකමක් නිසා ය.
යුද්ධය කරන්නට යුද්ධයට අණ දෙන්නට යුද පිටියේ පෙළහර පාන්නට සිටියේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සොහොයුරා නොව හමුදා නිලධාරී ගෝඨාභය රාජපක්ෂය. එහෙත් සහෝදරකම කිසි දිනෙක ප්‍රදර්ශනය නොකළත් හදවතේ ගැඹුරුම තැන තැන්පත්ව තිබුණි.
ගෝඨාභය මල්ලීට පිත්තල හන්දියේදී එල්ල කළ කොටි බෝම්බයේ සිහිවටන ලෙස ඇඳ සිටි කමිසයේ සටහන් වූ ලේ පැල්ලම් සහිතව අරලියගහ මන්දිරයට පැමිණි අවස්ථාවේ මහින්ද රාජපක්ෂ අයියා නිසි වේලාවේදී සහෝදරකම ප්‍රදර්ශනය වන සේ මල්ලී බදාගෙන සතුටු කඳුළක් හෙළුවේ වටිනා ජීවිතයක් බේරුනු බැවිනි.
අප මේ පුංචි සටහන තබන්නේ සී.ඒ.චන්ද්‍රප්‍රේම ලියූ ‘ගෝඨාස් වෝ’ යන ග්‍රන්ථය දොරට වැඩිය දා වෝටර්ස් ඒජ් හෝටලයේ පැවැති දැවැන්ත උත්සවයට අපගේ දායකත්වය දීමටය. ජේ.ආර්.ජයවර්ධන යුද්ධ කරද්දී ජේ.එම්. ඩික්සිත් බලපෑම් කොට ත්‍රස්තවාදීන් නිදහස් කර ගත්තේ ය.
ප්‍රේමදාස යුගයේ ගුවනින් පරිප්පු දමා කොටින්ට උදවු කළ ඉන්දියාවේ භාරත පුත්‍රයා ප්‍රභාකරන් විසින්ම ඝාතනය කරනු ලැබීය. එහෙත් කිසිම බලවේගයකට අන්තිම සටන දක්වා කොන්ද නොනැමූ ඍජු නායකත්වය ඉන්ද්‍රඛීලයක් සේ නොසැල් වී සිටියේ ගෝඨාභය රාජපක්ෂ නම් හමුදා නිලධාරියා ඇතුළු ත්‍රිවිධ හමුදාවලත් පොලීසියේත් සහාය ඇතිව ප්‍රභාකරන් මල්ල කිරීමටය. ඒ පිළිබඳව ඓතිහාසික සටහනක් තබන්නට ‘ගෝඨාස් වෝ’ පොත ලියූ සී.ඒ.චන්ද්‍රප්‍රේම නම් වූ මාධ්‍යවේදියාට ද අපේ උපහාරය පිරිනැමේ.

- මහින්ද
 

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    කවුරුවත් මේකට reply දාන්න එපා

    පිස්සො කියන ඒව අපි ගනන් ගන්න ඕනෙ නෑනෙ
     
    Last edited:

    Similar threads