‘ජනරාල් අත්අඩංගුවට.....’’

kalusinhalaya

Member
Dec 4, 2007
17
1
0
‘ජනරාල් අත්අඩංගුවට.....’’

‘ජනරාල් අත්අඩංගුවට ගත්තේ ඔහු හමුදා නීතිය කඩ කළ නිසා’’


2010 පෙබරවාරි 09 වෙනි අඟහරුවාදා, 19:04 lanka C news .



- ඇමති කෙහෙළිය
යුද හමුදාපති හා ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී ධුරයේ කටයුතු කළ කාලය තුළ යුද හමුදාවේ නීතියට සහ විනය ගරුක භාවයට පටහැනිව ක‍්‍රියා කිරීම ජනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමට හේතුව බව ආරක්‍ෂක මාධ්‍ය ප‍්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (09) පස්වරුවේ ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවේ දී සඳහන් කළේය. යුද හමුදා නීතියට අනුව හමුදාව හැර ගිය අයෙකු සේවය හැර ගොස් මාස 06 ක කාලයක් තුළ ඔහු හමුදාවේ සිටිය දී ක‍්‍රියා කළ ආකාරය සම්බන්ධව අත්අඩංගුවට ගත හැකි බවත් ෆොන්සේකා මහතා ආරක්‍ෂක මණ්ඩලයේ සිටි කාලය තුළ ගන්නා ලද තීරණ පිළිබඳ මේ වන විට පරීක්‍ෂණ පවත්වමින් සිටින බවත් අමාත්‍යවරයා පැවසීය. ජාතික ආරක්‍ෂාවට අදාළව ජනරාල්වරයා පසුගිය කාලයේ ක‍්‍රියා කළ ආකාරය ඔහු අත්අඩංගුවට ගැනීමට හේතු වූ බව ද රඹුක්වැල්ල මහතා මෙහි දී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
Keheliaya.jpg