‘ජනහද හදුනන’ මහජන බැංකුව පාරිභෝගිකයා ගසාකයි..- CRP

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි

    මාධ්‍ය නිවේදනය.

    ‘’ජනහද හදුනන’’ මහජන බැංකුව පාරිභෝගිකයා ගසාකයි.

    සිය බැංකුවෙන් පාරිභෝගිකයින් වෙත නිකුත් කර ඇති ණය සදහා පොළී අනුපාත වැඩි කිරීමට ‘’ජනහද හදුනන’’ මහජන බැංකුව කටයුතු කර ඇත. සිය බැංකුවෙන් ණය මුදල් ලබාගත් පාරිභෝගිකයින්ට මේ බව දන්වමින් ලිපි නිකුත් කිරීම මහජන බැංකුව විසින් ආරම්භ කර ඇත.

    කිසියම් පාරිභෝගිකයෙකු බැංකුවකින් ණය මුදලක් ලබා ගැනීමේදී එම ණය මුදලට අදාල බැංකු පොළිය පිළිබදව අනෙක් වාණිජ බැංකුවලින්ද විමසීමක් කරනු ලබයි. ඒ අනුව අඩුම බැංකු පොළියක් අයකරනු ලබන බැංකුවකින් තමාට අවශ්‍ය ණය මුදල ලබා ගැනීමට කටුයුතු කරන අතර තමන්ට ගෙවිය හැකි වාරික මුදල මත ණය ලබා ගැනීමද සිදු කරනු ලබයි. එසේ තිබියදී ණය මුදල ලබාගත් පසු පොළි අනුපාත ඉහළ දැමීම පාරිභෝගිකයින්ට කරනු ලබන දැඩි අසාධාරණකි.

    ණය පොළී අනුපාත ඉහළ දැමීම නිසා තමන්ට ගෙවන්නට සිදුවන වාරික මුදල වැඩිවන අතර රටේ උද්ගතව ඇති ආර්ථික තත්වයන් හමුවේ එම මුදල ගෙවීම පාරිභෝගිකයින්ට දුෂ්කර වී තිබේ.

    රට මුහුණදෙනු ලබන ආර්ථික අවපාතය හමුවේ ණය ලබාගත් පාරිභෝගිකයින් විසින් ණය වාරික ගෙවීමේ අඩුවීමක්ද දක්නට ලැබෙන මෙම අවස්ථාවේ ලබා ගත් ණය සදහා ණය පොලී අනුපාත වැඩි කිරීමට කිසියම් බැංකුවක් තීරණය කරයි නම් එය අසාධාරණ කෲර හා අනීතික තීරණයකි.

    ලබාගත් ණය සදහා බැංකු පොළී අනුපාත වැඩි කිරීම සදහා මහබැංකුව කිසිදු අවසරයක් ලබා දී නැති අවස්ථාවක මහජන බැංකුව විසින් සිය පොළී අනුපාත වැඩිකිරීම සදහා කටයුතු කිරීම අප සංවිධානය දැඩිව හෙළා දකින අතර අදාල නීති විරෝධී, සදාචාර විරෝධී, කෲර තීරණයට එරෙහිව අපි අපිට ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නෙමු.

    මහජන බැංකුවේ ඉහළ නිළධාරීන්ගේ ආදායම් බදු පවා බැංකුව විසින් ගෙවා දමමින් සිටියදී පාරිභෝගිකයා සූරා කෑමට කටයුතු කරමින් ‘’ජනහද හදුනන’’ මහජන බැංකුව ලෙස තවමත් තම බැංකුව හදුන්වාදීමට කටයුතු කිරීම පිළිබදව මහජන බැංකුව ලැඡ්ජාවිය යුතුය. ‘’ජනහද හදුනනවා’’ නම් ජනතාවට මෙම අවස්ථාවේ බැංකු ණය ගෙවා ගැනීමට නොහැකි බව හදුනන්නේ නැත්තේ ඇයිද? යන්න අපි ප්‍රශ්ණ කරමු.

    ලබාගත් ණය මුදල් සදහා බැංකු පොළි අනුපාත වැඩි කිරීමට මහජන බැංකුව ගත් තීරණය වහා හකුලා ගන්නා ලෙස අපි රජයට බලකරමු.

    රංජිත් විතානගේ
    සභාපති
    පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93

    ණය ගනිද්දි විචල්‍ය පොළි අනුපාතයකට නම් එකඟ වෙලා තියෙන්නේ වෙළෙඳපොළ පොළී අනුපාත වෙනස් වෙද්දි කරන්න දෙයක් නෑ.
     
    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    Karanna deyak na kiyawanne nathuwa conditions walata ekanga wuna nm
    un thanpath polee wadikaraddi naya poliya wadi karannath epai
     
    • Like
    Reactions: NRTG